SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ලෝකයේ වෙනත් ඕනෑම තැනක අපට එවැනි ආත්මයක් සොයාගත හැකි යැයි මම නොසිතමි." - උතුරු කොරාසාන් ගුරුවරියක් වන මසූමේ බෂ්ටියානි මහත්මිය

කොවිඩ් -19 පුපුරා යාමෙන් පීඩාවට පත් ඉරානය අනෙකුත් බොහෝ රටවල් මෙන් පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා අන්තර්ජාල ඉගෙනීමට ප්‍රමුඛත්වය දී තිබේ. නමුත් පුළුල් දරිද්‍රතාවයක් පවතින රටක සහ සමහර කලාපවල අන්තර්ජාල ආවරණයක් නොමැති රටක සමහර සිසුන් අතථ්‍ය පන්ති කාමරවලින් ඉවත් කර ඇත.

එහෙත් ඉරාණ ගුරුවරුන් පෞද්ගලිකව සහ මාර්ගගතව සිසුන් වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරති.  මන්ද ඔවුන් සෑම සිසුවෙකුම තමාගේ අනෙක් දරුවා ලෙස සලකන අතර එම දරුවාව දිනෙන් දින ජනතාව අතරට ගෙන එන්නේ මෙම ආත්මයයි. ඉරාණයේ ගුරු ගෝල සබදතාවය එපමනටම ආදරණීයය.

මෙවන් ආර්ථික හා සමාජයීය පරිසරයක ඉරානයේ උතුරු කොරාසාන්හි ගාර්මේ නැමති නගරයේ ප්‍රාථමික සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වු “මරියම් අර්බාබි නැමති ගුරුවරිය කොරෝනා රෝගය වැළදී රෝහල් ගත කලාය. ඇය හිටියේ බොහෝ අසාධ්‍ය තත්වයකය. ජීවත්වීමට හුස්ම ටිකකට පොර බදමිනි. දැඩි සත්කාර ඒකකයේ උග්‍ර ශ්වසන තත්වයන් තිබියදීත්, මරියම් අර්බාබි සිය වටිනා ජීවිතයේ අවසාන මොහොතේ පවා තම සිසුන්ට ඉගැන්වීම නතර කළේ නැත.

 

ගුරුවරිය 3

රෝහල් ඇඳේ සිට තම සිසුන්ට උගන්වන මෙම දයානුකම්පිත ගුරුවරියගේ රූපය ඒ දිනවල උතුරු කොරාසාන් සහ රටේ සයිබර් අවකාශයේ අංක එකේ රූපය බවට පත්ව තිබිණි. බොහෝ මිනිසුන් අසාධ්‍ය තත්වයක රෝහල් ගතකල විට පොරබදන්නේ ජීවත්වීමටය. ඇය පොරබැදුවේ මරණ මොහොතේත් තම දරුවන්ගේ නුවණ දැල්වීමටය. අති විශිෂ්ටත්වය ඇත්තේ එතැනය. මානව දයාවේ උපරිමය ඇත්තේ එතැනය.

“රෝහලක ප්‍රතිකාර ලබමින් තම පළාත් ගුරුවරියකගේ ඉගැන්වීම” පිළිබඳව සයිබර් අවකාශයේ රූපයක් දැකීමෙන් අනතුරුව උතුරු කොරාසාන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්වරයා පණිවුඩයක් නිකුත් කළේය.

“ඔබ මෙසේ සිටගෙන සිටින විට, මා ඔබ ගැන බලාපොරොත්තුවේ කවුළුවක් විවෘත කරමින් ඔබේ සදාචාරය ගැන තුති පුදමි. ඔබගේ නම සැමවිටම දිස්වන්නේ දුෂ්කර පසුබිමක දුෂ්කරතා මධ්‍යයේ ය. ඉතිහාසය ඔබගේ මානුෂීය ක්‍රියාව වාර්තා කරන අතර ඔබ ඉරාණ ගුරුවරයෙකුගේ කල්පවත්නා ප්‍රතිරූපයක් බවට පත් කරනු ඇත. ඔබේ ඉගැන්වීම අගය කරමින් මම නැගී සිට ඔබට ප්‍රශංසා කරමි. ස්තුතියි මාරියම්”

 

ගුරුවරිය 4

තවත් සතියකින් ඇය ඇගේ සිසුන් තුල පමණක් නොව ඉරානයේ සමස්ත සිසුන්ගේද ගුරුවරුන්ගේද පපු මත නොමැකෙන තුවාලයක් ඇති කර, සිය රෝගී ඇද මතම මියගොස් තිබුනි. ඇය මියගොස් තිබුනේ සිය සිසුන්ට පාඩම් කියා දුන් ජංගම දුරකථනය දැඩිව මිරිකාගෙනය. කිසිවකු එය ඇගෙන් උදුරාගනිතියි සිතුවාක් මෙනි.

උතුරු කොරාසාන්හි සයිබර් අවකාශයක සහ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන නස්රින් හසානි මෙසේ ලිවීය: “සැලකිලිමත් ලෙස සිය හෘද සාක්ෂියට එකඟව ගුරුවරියක වූ මරියම් ජෑන් අර්බාබි අභාවප්‍රාප්ත විය. කිසිවෙකු ඇයගේ ස්ථානය ගන්නේ නැත. කිසිම මිනිසෙකු මෙවන් මිනිසෙකුගෙන් පිරී නැත”

ඉරාණ ප්‍රාථමික අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රෙස්වාන් හකිම්සාඩේ මෙසේ ලිවීය.

“මෙම කැපවූ ගුරුවරියගේ ප්‍රතිරූපය, ඇයගේ බරපතළ අසනීප තත්ත්වය නොතකා, රෝහල් ඇඳේ තම සිසු සිසුවියන්ගේ ඉගෙනීම පසුපස හඹා යාමෙන්, ගුරුවරයෙකුගේ නමේ මහිමයට අර්ථයක් ලබා දෙන අතිශය දැහැමි මිනිසුන්ගේ කැපකිරීම් පෙන්නුම් කරයි”

 

@ උපාලි ජයසිංහ

නවතම ලිපි