SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය කාලය පුරාවටම වාර්තා වෙමින් තිබෙන දරුවන්ට එරෙහි ලිංගික හිංසන අහද්දී බලද්දී, මහා ජාතිකවාදී දේසනා හලනා පුරාජේරුකාරයින් ලැජ්ජා විය යුතුය.

නවකතාවක්, කෙටිකතාවක් ලියූ පමණින් ආගම දහමට විරුද්ධ වූවා යැයි නිර්මාණකරුවන් සිරගෙයි ලන මහා ජාතිකවාදීන් වෙසෙන රටක දිගින් දිගටම සිදුවන මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට එරෙහිව නීති අන පනත් ක්‍රියාත්මක කිරීමක් හෝ රටක් ලෙස නැගී සිටිමින් රටේ දරුවන් ආරක්ෂා කරගැනීමට කැපවීමක් හෝ සිදු නොවන්නේ නම් ඒ වන් මිනිසුන්ගේ සැබෑ ජාතිකවාදය ගැන කවරනම් කතාද?

එසේම දරුවන් වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන සංඛ්‍යාලේඛන දක්වමින් නිද්‍රාශීලී පිළිවෙතක සිටිනවා විනා සක්‍රීය මැදිහත්වීමක් නොකරන්නේ නම්, මේ රටේ මෙතරම් ව්‍යසනයන් වලක්වා ගැනීමට කරනු ලබන දායකත්වය කුමක්ද? නීති අන පනත් සම්මත කරගත්තාට ඒවා ක්‍රියාත්මක කරන්නට දන්නේ නැත්නම්, ලාබාල දරුවන් මෙහෙකාර සේවයට ගැනීමට කිසිදු බියක් සැකක් නොමැතිව රාජ්‍යයේ ප්‍රභූන් යැයි හඳුන්වාගත් ක්ෂේත්‍රවල ප්‍රධානීන්ම කටයුතු කරයිනම් රටේ දරුවන්ට කාගේ නම් සරණක්ද? දේශපාලන ක්ෂේත්‍රයේ වේවා, අධිකරණ කෙෂ්ත්‍රයේ වේවා, ආගම් සංස්ථාවේ වේවා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වේවා මේ හෑම තැනකින්ම පසුගිය කාල වකවානුව පුරාම ඇසුවේ, දුටුවේ අසරණ දරුවන්ට එරෙහිව සිදු වූ මහා අපරාධයන්ය. මේවා දෙස නිහඩව බලාසිටින වැඩිහිටියන් වූ අපද එම අපරාධයේ කොටස්කරුවන් නොවන්නේද? අපරාධකරුවන් එළිමහනේ සිටිද්දී, රටේ නීතිය ගැන විශ්වාසයක් ඇති වේද? සියල්ල සිදුවූ පසු කරන කොරනේල් විභාගයෙන් ඇති ඵලය කිම?

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති පසුගිය දිනෙක මාධ්‍යයට කියූවේ පහුගිය අවුරුදු එකහමාර තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්  තිබූ බවයි.

ළමා ආරක්ෂණ  අධිකාරිය කියන විදියට  ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 4000 ක් මේ වසරේ මුල් මාස පහේදී ලැබී තිබෙනව.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින්  ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම,  කුඩා දරුවකු අපචාරයට ගොදුරු වෙන බව දක්වා තිබුනා.  දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තා වෙනවා කියලා.

මේ අපේ රටේ අනාගත පරපුර මුහුණදීලා  තියන අවාසනාවන්ත ඉරණම. දැන් හරියට සමීක්ෂනයක් කළොත් ඔය රටේ  ලොකු ලොකු තානාන්තර පදවි දරණ කීදෙනෙක්ගෙ ගෙවල් වල කුඩා වයසෙ දුප්පත් දරුවො බැල මෙහෙවර කරනව ඇද්ද? ලිංගික අපයෝජනයට ලක් වෙනව ඇද්ද? කාටද ඒව හොයල බලන්න ඒ ලොකු තැන්වලට යන්න හයියක් තියෙන්නෙ? කොච්චර ලොකු බොරුවක්ද අපි මේ නඩත්තු කරමින් ඉන්නේ.

මේ රටේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න බැරි පාලකයින්ට, නායකයින්ට, නිළධාරීන්ට ඒවා කවදා හෝ කර්මය වී හෝ විපාකය වී හෝ පස්සෙන් එලවන එක වලක්වන්න බැරි වේවි.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ හෙළිදරව් වූ  ආසන්නතම ම්ලේච්ඡ සිදුවීම.

 

rishad 1

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී පසුගිය 15 වෙනිදා ඇය මියගොස් ඇත. නමුත් මෙයට හේතුව තවමත් පරීක්ෂණ වෙමින් පවතින බව පොලිසිය පවසයි. මෙම දැරිය සේවයට ගෙන එද්දී වයස අවුරුදු 15 මාස 11ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

මෙම නිවසේදී සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමක්ද යන්න රටට හෙළිකරන ලෙස ඉල්ලා අද ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ සාමාජිකයන් විසින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එසේම මෙම දැරියට සියදිවි නසාගැනීමට හෝ පිළිස්සීමට අදාළ සිදුවීම පිටුපස තිබෙන කාරණා සඳහා වගකිවයුත්තන් සිටීනම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතු අතර ඒ පිළිබඳව සංගමය විසින් අවධානයෙන් සිටී. එසේම මේ දැරිය සේවයේ යෙදවූ බ්‍රොකර්වරයාගේ සිට නිවෙස් හිමිකරුද සේවායෝජකයන් ලෙස සලකාද ඉදිරි පරීක්ෂණ සිදු වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

 

rishad 2

මෙහිදී ගෘහ සේවකයන් සඳහා ILO C189 වැනි සම්මුතීන් රට තුළ අපරානුමත කරගැනීමේ අවශ්‍යතාවය සහ ඒ අනුව ගෘහ සේවකයන්ගේ ආරක්ෂාව සහ රැකියාව යහපත් කරන නීති පද්ධතියක අවශ්‍යතාවය පැහැදිලි කරන ලදී.

පුවත උපුටාගැනීම - https://www.facebook.com/zaara.araaz.73/videos/209700520945491

නවතම ලිපි