SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොරෝනා එන්නත් පිළිබදව ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දීම සදහා පිහිටුවා තිබෙන,

විශේෂඥ උපදේශන කමිටුවේ සාමාජිකයන් අටදෙනාගෙන් තුන් දෙනෙකු ඊයේ දිනයේ දී ඉල්ලා අස් වී ඇති බව 'සන්ඬේ ටයිම්ස්' පුවත්පත වාර්තා කර සිටියි.

මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත්තේ, ජාතික ඖෂණ නියාමන අධිකාරිය, පසුගිය සිකුරාදා දිනයේ දී, චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත, මෙරට භාවිතය සදහා අනුමැතිය ලබා දීමෙන් පසුවයි.

ප්‍රතිශක්තිකරණය පිළිබදව විශේෂඥ වෛද්‍ය ජීවාද සිල්වා මහත්මිය, වෛරසවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ ශ්වසන රෝග පිළිබදව මහාචාර්ය වෛද්‍ය චන්න රණසිංහ යන අය මෙසේ ඉල්ලා අස් වී තිබේ.

මේ වන විට රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව, සිනොවැක් එන්නත දක්වන්නේ අවම ඵලදායීතාවයක් බව බොහෝ විශේෂඥයින්ගේ අදහසයි.මෙම කරුණ මුල්කර ගනිමින්, විශේෂඥ කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම සිදුව ඇති බව පුවත්පත වාර්තා කර තිබේ.

සිනොවැක් එන්නත, මාත්‍රා දෙකම ලබා දීමෙන් මාස හයකට පසුව තවත් බූස්ටරයක් ලබා දිය යුතුව ඇති බව, අදාල නිෂ්පාදන සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන ලේඛනවල සදහන්ව තිබෙන බව වාර්තා වේ.

මැලේසියාව, දැනට තමන් සතුව තිබෙන සිනොවැක් එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන් වූ පසු, නැවත සිනොවැක් ඇනවුම් කිරීම අත්හිටුවා තිබේ.

තායිලන්තය, පළමු මාත්‍රාව ලෙස සිනොවැක් එන්නත ලබා ගත් පුද්ගලයන්ට, ඔක්ස්ෆර්ඞ් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක් ද ලබා දීමට නියමිතය.

  (headlinenews.lk -සන්ඬේ ටයිම්ස් ඇසුරෙනි)

උපුටාගැනීම - Theleader.lk

 

 

නවතම ලිපි