SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොවිඩ් වසංගතය අන්කවරදාටත් වඩා වේගයෙන් පැතිරෙමින් මිනිස් ජීවිත බිලිගන්නා හැටි අප අසල්වැසි ඉන්දියාවේ සිදුවීම් වලින් නිතර දෙවේලේ අහනවා දකිනවා.

අප වැනි ණය බරින් මිරිකී ජනගහනයෙන් බහුතරයකට තුන්වේල කන්නට නොහැකිව කුසගින්න කූරු අනින ඉරණමක කොවිඩ් යනු කබලෙන් ලිපට වැටීමකි. අපේ සෞඛ්‍ය සේවය රෝගීන් බහුල වීමේදී පිහිටක් විය හැකි මට්ටමේ අංග සම්පූර්ණ පහසුකම්වලින් යුක්ත නොවූවකි. අපට ඇති පහසුකම් අවමය. රෝහල්, ඇදන්, බෙහෙත්, රෝහල් කාර්ය මණ්ඩලය අපට හිගය. අප අපේ දුප්පත් කම වටහාගෙන පරිස්සම් විය යුතු වෙමු. විනයානුකූලය සෞඛ්‍ය පිළිවෙත්, කොවිඩ් මර්ධන වැඩපිළිවෙලට සහහෝගය දිය යුතු වෙමු.


රජයකට, ආණ්ඩුවකට මේ මොහොතේ ඇති ප්‍රධානම වගකීම සෞඛ්‍ය අංශයේ තීන්දු තීරණ සඳහා උපරිම ලෙස රාජ්‍ය අනුග්‍රහය හා සහයෝගය ලබාදීමය.

එහෙත් සිදුව ඇත්තේ කුමක්ද? හතර බීරි දේශපාලන උවමනාවන්ට අනුව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම නොවේද?
මැයි දින පෙළපාලි නැවැත්වීම ඉතා හොඳය. ජනයා එක්රැස්වන අවස්ථා නැති කිරීම තුළින් රෝගය පැතිරයෑම අවම කරගැනීම සිදු කළ හැක. එහෙත් එය හුදෙක් දේශපාලන තීන්දුවක් වීම වැරදිය. මැයි දින රැස්වීම් වගේම සියළුම ජනයා රැස්වන හමුවීම් තහනම් කළ යුතුය. සිංහල දෙමළ අළුත් අවුරුද්දට නිසා වැඩසටහනක් නොමැතිවීම අප හෙට දවසේදී අනිවාර්යයෙන්ම භුක්ති විඳිනු ඇත. එසේම මේ දිනවල නුවරඑළිය වසන්ත සැණකෙළිය පැවැත්වෙන්නේ කාගේ අනුදැනුමෙන්ද? මැයි දිනය තහනම් නම් වසන්ත සැණකෙළිය එසේ නොවන්නේද?

 

 

nuwara 123



විශ්ව විද්‍යාල තවමත් වසා ඇත. එය නිවැරදිය. මෙවැනි වසංගත අවස්ථාවක දරුවන්ගෙ ජීවිත ආරක්ෂා කිරීම වැදගත්ය. එහෙත් දරුවන්ගේ පාසැල් විවෘතය. ඒ සඳහා ගෙන ඇති තීරණය ප්‍රශ්නකාරීය. විශ්ව විද්‍යාල වැඩිහිටි දරුවන්ටත් වඩා පාසැල් දරුවන් එක්ව සිටීම නැවතීම අපහසුය. විවිධ ප්‍රදේශවලින් දරුවන් පාසැලට පැමිණෙන අතර ඔවුන්ගේ ජීවිත සඳහා වගකීමක්ද නොවේ. පෙර පාසැල්ද එසේමය. සතියකට දවස් කිහිපයක් ලෙස දක්වා තිබුනද අවධානම එකමය.




nuwara32

 

nuwara 43

 



මේ සියල්ලෙන් පැහැදිලි වන එකම දෙයනම් අපට හරිහැටි සිස්ටම් එකක් සකස්කර ගැනීමට ඇති නොහැකියාවයි. අධ්‍යාපන අමාත්‍යාංශය සරසවි වසාගෙන සිටින්නේ කොවිඩ් නිසා නොව ශිෂ්‍යයින් වීදි බසින වැඩ නිසායැයි බොහෝ දෙනෙක් කියති. මැයි දින උත්සව සැමරුම තහනම් කර ඇත්තේ ආණ්ඩු පක්ෂය තුළ ඇති කල්ලිවාදය එළියට ඒම වැලැක්වීමට යැයි බොහොමයකගේ අදහසය. මේ අතර අසල්වැසි ඉන්දියාවේ මහමග මිනිසුන් මැරී වැටෙන අයුරු අප දිනපතා දකින්නෙමු. හෙට අනිද්දාම තවත් ආගමික උත්සව රැසක් සමග අපටද කොවිඩ් වළඳන්නට අවස්ථාව උදාවෙනු ඇත.
අනේ අපිට කවදා මේ දේශපාලන මඩ වගුරෙන් මිදී මේ රට හරි සිස්ටම් එකක් යටතේ ජීවත් වන්නට වරම් ලැබේවිද?

 

 

nuwara 1

 

nuwara rliya

 

nuwara siri

මේ නුවරඑළිය වසන්ත සැණකෙළිය...

නවතම ලිපි