SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනෙකු

සෞදි අරාබියෙන් පිටුවහල් කිරීමේ රැඳවුම් මධ්‍යස්ථානවල අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ජාත්‍යන්තර ‘ක්‍ෂමා ආයතනය’ පවසනවා.


ඔවුන් අතුරෙන් බහුතරයක් ගෘහසේවිකාවක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. මාස අටේ සිට මාස 18 දක්වා කාලයක් තිස්සේ රියාද් නුවර තර්හීල් ලෙස හැඳින්වෙන රැඳවුම් මධ්‍යස්ථාවල ඔවුන් රඳවා සිටින බව ක්‍ෂමා ආයතනය පෙන්වා දෙනවා. ඒ අතරින් තුන්දෙනෙකු සමඟ ඔවුන්ගේ කුඩා දරුවන් සිටින අතර, එක් කාන්තාවකට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව සඳහන්.


සෞදි අරාබියේ ක්‍රියාත්මක වන කෆාලා හෙවත් අනුග්‍රහක ක්‍රමවේදය යටතේ ගෘහසේවිකාවන් දැඩි ලෙස පීඩාවට පත්වන බව මීට පෙරද පෙන්වාදී ඇති කරුණක්. පසුගිය මාර්තු මාසයේදී සෞදි අරාබිය කෆාලා ක්‍රමවේදයට සංශෝධන එක් කළද ඊට ගෘහසේවිකාවන් ඇතුළත් වන්නේ නැහැ.


සෞදි අරාබියේ මිලියන 10 ක් පමණ වන සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් සියයට 30 ක්ම ගෘහ සේවිකාවන්.


කෙසේ වෙතත්, සෞදි රජයේ නෛතික ක්‍රියාවලිය අවසන් වනතෙක් එම ලාංකික කාන්තාවන් නිදහස් කරගැනීමට හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් ‘හිරු’ නාලිකාව කළ විමසීමකදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය සඳහන් කළ බව ඔවුන් වාර්තා කරනවා.

විදේශ ගමන් බලපත්‍ර, වලංගු වීසා ඇතුලු ලියකියවිලි නොමැතිව සෞදියේ රැඳී සිටීම සහ සේවා ස්ථානවලින් පලාගිය පිරිස් මෙලෙස රැඳවුම් මධ්‍යස්ථානවල සිටින බවයි ඔහු පවසා ඇත්තේ.

 

 

image 111

 


මේ අතර මැදපෙරදිග ඇතුළුව විදේශරටවල, මෙරටට පැමිණීමට නොහැකිව සිරකඳවුරුවල, බන්ධනාගාරවල, රෝහල්වල මෙන්ම වාසස්ථානයක් නොමැතිව මහමඟට ඇඳවැටී සිටින කාන්තාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අස්සන් කරනු ලැබූ පෙත්සමක් සමග එළෙස සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු විදේශ අමාත්‍යංශය වෙත පසුගියදා බාරදෙනු ලැබීය.


මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී, ආචාරිනී සරෝජා පෝල්රාජ්, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් නාගරික මන්ත්‍රිනී, සමන්මලී ගුණසිංහ, විධායක සභික කුමුදුනී හෙට්ටිආරච්චි යන අය සහභාගී වූහ.

 

 

image 222



කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ පටන් මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල ගැටලු ගණනාවකට මැදිවී සිටින බවත් රැකියා බලපත්‍ර කල් ඉකුත්වීම හා රැකියා අහිමිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් එම රටවල දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවත් ආහාර නවාතැන් හා වෙනත් මූලික පහසුකම් ලබාගැනීමත් දුෂ්කරතාවයක් වී ඇති තත්වයක් තුළ විවිධ රටවල සිට නැවත ලංකාවට පෙරළා පැමිණීමට විශාල ශ්‍රමිකයින් ප්‍රමාණයක් ඉල්ලා සිටින බවත් ඔවූහු අවධාරණය කරති.



නමුත් ආණ්ඩුව දිගින් දිගටම විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පැහැර හැරිය බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය අතර මේ සම්බන්ධව කඹ ඇදිල්ලක් පැවති බවත් ඔවුන් පෙන්වා දෙයි. මේ තත්වය හමුවේ මෙම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම විදෙස්ගත ශ්‍රමික පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් එම සංවිධායන බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 

image 234



එහිදී විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ එම ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහජන පෙත්සම, එතුමාගේ නිර්දේශය පරිදි ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්, චමීර හිරාන් රණවීර මහතාට භාරදීම සිදුවිය. රෝහල්ගතව, රැඳවුම් කඳවුරුවල හා සිරගතව සිටින ශ්‍රමිකයන් හා මුදල් නොමැතිව රැකියා අහිමිව අවතැනන් වී සිටින ශ්‍රමිකයන් මෙරටට මුදල් අයකිරීමෙන් තොරව ගෙන්වා ගැනීමට කඩිනම් විධිමත් ක්‍රියාපටිපාටියක් ඇති කරන ලෙසත් මෙම සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ මෙම විදෙස්ගත ශ්‍රමිකයන්ට ලංකාවේ තම ඥාතීන් හා ගතකිරීමට හැකිවන පරිදි කටයුතු කරදීම රජයේ වගකීම බවත් මෙහිදී අයිතීන් උදෙස් කාන්තාවෝ ප්‍රකාශ කර තිබේ.



කෙසේ වුවද අලුත් අවුරුද්ද ගෙවී යනතුරුත් මේ පිළිබඳව මේ වනතුරුත් කිසිදු ප්‍රතිකර්මයක් ගෙන නොමැත.

 



පුවත් උපුටාගැනීම - Newshub.lk

නවතම ලිපි