SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දොඩම් පෙට්ටියක් සිය තොටිල්ල කරගෙන ග්‍රීසියේ සිට මුහුදු මාර්ගය ඔස්සේ බ්‍රිතාන්‍යයට පැමිණි

පිලිප් කුමරු තමන් විසින් සැළසුම් කළ ලෑන්ඩ් රෝවර් රථයකින් ඊයේ සිය අවසන් ගමන් ගියා.


බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ වල්ලභයා ලෙස වසර 73 ක් සිටි පිලිප් කුමරු පසුගිය 9 වනදා මියයනවිට 99 වන වියේ පසුවුණා.

ග්‍රීක සහ ඩෙන්මාර්ක රාජකීය සම්භවයක් සහිත පිලිප් කුමරු ග්‍රීසියේ කෝෆු දිවයිනේ උපත ලැබූ අතර, 1922 වසරේ රාජකීයයන්ට එරෙහිව එහි ඇතිවූ කැරැල්ලක් හේතුවෙන් මුදාගනු ලැබුවේ බ්‍රිතාන්‍යය රජ පවුල යැවූ යුද නෞකාවකින්.


එවකට මාස 18 ක්ව සිටි පිලිප් කුමරු තොටිල්ල ලෙස භාවිත කර ඇත්තේ නෞකාවේ තිබූ දොඩම් පෙට්ටියක්.
ඔහුගේ පියා ඩෙන්මාර්කයේ රජ පවුලට සම්බන්ධ වූ අයෙකු වන අතර, ජර්මානු රජ පෙළපතට අයත් මව, බ්‍රිතාන්‍යය වික්ටෝරියා රැජිණගේ මිනිබිරියකද වූවාය.

 

Pillip 800 500

 


ඊයේ පැවති රාජකීය අවමංගල්‍ය උත්සවය කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් පැවැත්වුණු අතර, වින්ඩ්සර් මැදුරේ සිට ශාන්ත ජෝර්ජ් දෙව් මැදුර වෙත පිලිප් කුමරුගේ දෙණ රැගෙන ගියේ හමුදා වර්ණයෙන් අලංකෘත විශේෂිත ලෑන්ඩ් රෝවර් රථයකින්.

අවමංගල්‍ය උත්සවය ආරම්භයේ රට පුරා විනාඩියක නිහැඩියාවක් පළ කෙරුණා. පිලිප් කුමරුගේ දරුවන් වන චාල්ස් කුමරු, ඇන්ඩෲ කුමරු, ඈන් කුමරිය සහ එඩ්වඩ් කුමරු අවමංගල්‍ය රථය පිටුපසින් ගමන් ගත්තා.

 

Pillip 3


දෙවන එලිසබෙත් මහ රැජිණ සිය නිල රථයෙන් අවමංගන්‍ය උත්සවයට එක්වූ අතර, ඉන්පසුව විලියම් කුමරු සහ හැරී කුමරු ගමන් ගත්තේ සිය ඥාති සොහොයුරු පීටර් පිලිප්ස් කුමරු මැදිකරගෙනයි.

හැරී කුමරුගේ ඇමරිකානු බිරිඳ මේගන් මාර්කල් මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගි නොවූයේ සිය දෙවන දරු ප්‍රසූත්‍රිය සඳහා සූදානම්ව සිටීම හේතුවෙන්.

හැරී කුමරු සහ මේගන් පසුගියදා රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් රජ පවුල විවේචනය කිරීම හේතුවෙන් ඔහු පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබූ බව සඳහන්.

කෙසේ නමුත් අවමංගල්‍ය උත්සවය අවසානයේ හැරී කුමරු නික්ම ගියේ සිය සොහොයුරු විලියම් කුමරු සහ කේට් කුමරිය සමඟ සුහද අන්දමින් කථාබහක නිරතවෙමින්.


ග්‍රීක නාවික හමුදාවේ මෙන්ම බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ නාවික නිලධාරියෙකු වූ පිලිප් කුමරුගේ අවමංගල්‍යය උත්සවයේදී ඔහු සයුරට දැක්වූ ඇල්ම පිළිබිඹු කෙරුණේ නාවිකයන් සහ සන්නද්ධ නාවික භටයන් සඳහා 1860 වසරේ නිර්මාණය කෙරුණු සංගීත ඛණ්ඩයකින්.


කෙසේ නමුත් රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගිවූ සන්නද්ධ හමුදා සාමාජිකයන් පිරිස 730කට සීමාවූ අතර, රජ පවුලේ සාමාජිකයන් ඇතුලු අනෙකුත් පිරිස 30 දෙනෙකුට සීමාවුණා.




Pillip 4

 

Pillip 5


පිලිප් කුමරු ජීවත්ව සිටි සමයේ කළ ඉල්ලීමක් අනුව අවමංගල්‍ය දේව මෙහෙයක් නොපැවැත්වුණු අතර, ඔහු බ්‍රිතාන්‍ය මහ රැජිණට දැක්වූ පක්ෂපාතිත්වය සහ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට සිදුකළ සේවය ප්‍රසාදයට ලක් කිරීම පමණක් සිදු කෙරුණා.

 

Pillip 7



හොරගල විමලතිස්ස.

නවතම ලිපි