SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය! ඒක පරිස්සංකරන්න” අයිරාංගනී සේරසිංහ  

අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ට කලාකාරිනී, ප්‍රවීන රංගනශිල්පිනී, නිර්පාක්ෂික පරිසරවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය

මේ වසරේ ඇයගේ 94වෙනි වියට ලගා වෙනවා. ඇය අද රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වනවාට වඩා  තම අනන්‍යතාවය පරිසරවේදිනියක් ලෙස හඳුනාගැනීමවඩා තෘප්තිමත් බව සඳහන් කරනවා.

1950 ගණන්වල අගභාගයේ සිට ඇයගේ මූලිකත්වයෙන් ආරම්භකළ රුක් රැකගැනීමේ ව්‍යාපාරය හරහා පරිසරයට සංවේදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළඇය අද දවසේ ස්වාභාවික පරිසරයට සිදු කරන හානිය පිළිබඳව දැඩි ලෙස කණගාටුවට පත්වන්නීය. අදටත් තම රංගන ජීවිතයේ බොහෝ අවස්ථා මතකයෙන් ඈත්ව ගියද පරිසරය සම්බන්ධකාරණාවන්හිදී ඇය වඩාත් ක්‍රියාකාරී මනසකින් යුක්තව ඉදිරිපත් වන්නීය.

රුවන්වැල්ල මීදෙනිය වළව්වේ උපත ලද අයිරාංගනිය එවකකාන්තාවකට රංගන කෙෂ්ත්‍රයට පිවිසීමට ඉඩ නොදෙන සමාජයක පාරම්පරික වළව් සම්ප්‍රධායන්හියදම් බිඳගෙන  මේ මහා අභියෝගය ජයගන්නීය. එකලකාන්තාවකට උසස් අධ්‍යාපනය ලැබීමද අභියෝගයක්මය. එහෙත් ඇය එම වරමත් ජයගනිමින් කොළඹවිශ්ව විද්‍යාලයට තේරී පත්වන්නීය. ඇය රංගකලාව පිළිබඳ වැඩිදුර හැදෑරීමට එංගන්තය බලායන්නේ ඇයගේ ඉංග්‍රීසි භාශා මහාචාර්යවරයාගේ අනුබලය යටතේය. 

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාකරුවාගේ ආරාධනයමත රේඛාව චිත්‍රපටියේ ඇයගේ රංගනය ප්‍රතිභාපූර්ණය. 

රූපවාහිනිය ලංකාවට ලැමිණීමත් සමග ප්‍රංචි තිරයේරංගනයට දායකවූ අයිරාංගනී සේරසිංහ මහත්මිය නාලන් මෙන්දිස් නිර්මාණකරුවාගේ දූදරුවෝ මගින් පුංචි තිරයේ ආදරණීය ආච්චිගේ චරිතයට පන පොවමින් පසු පරම්පරාවේ මහත් ජනප්‍රියත්වයට පත්වූවාය. 

ජීවිතයේ සැඳෑ සමය ගෙවන අයිරාංගනී සේරසිංහ මහාකලාකාරිනිය, පරිසරවේදිනිය සමග වියැකී ගිය මතකය අළුත් කර වෙහෙසනවාට වඩා ඇය සමග ලේඩිලීඩර් යූ ටියුබ් නාලිකාවට ගතකරන්නට ලැබුණු මේ කෙටි කාලය මහත් ආදරණීය මොහොතක් බවකිව යුතුමය. 

මතක සංචිත කෘතියේ ඇය ලියූ එක් සටහනක් පහත ලියාතබමි.

“යශෝ රාවයේ එකචරිතයක් ගෙදර කෑම අඩුපාඩුවක් වෙලා මම හැමෝටම කෑම බෙදලා කුස්සියට ගිහින් මැටිකෝප්පෙ ඇලිලා තියෙන ඉතුරු බත් ටික කනවා. මේක හරිම සංවේදී අවස්ථාවක්.

ඉතිං ඊළග වතාවෙමට මගේ ආයා යසෝ මුණ ගැහුනම කණ පිරෙන්න බැනුම් අහන්න වුණා. “ මොකක්ද ඒ කරපු වැඩේ?වලව්වෙ ඉන්දැද්දි කවදහරි දවසක මැටි කෝප්පෙන් කාල තියෙනවද? පොඩි කාලෙ ඉඳන්ම කිසිමඅඩුවක් නැතුව මාව හදපු යසෝට ඒක දරාගන්න බැරිවෙලා.”

අයිරාංගනීසේරසිංහ‘මතකසංචිත’

නවතම ලිපි