SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය

ඊයේ දින සවස නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ අතර එය මඳ වේලාවකට පෙර නොසන්සුන් තත්වයකින් පසු අවසන් විය.

 

ලෝක රෑ රැජින 800 563


ජයග්‍රාහිකාව ලෙස පුකාශයට පත් වූයේ තරඟකරු අංක 20, පුෂ්පිකා ද සිල්වා මහත්මියයි. ඇයට කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ මහත්මිය, රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසිනි.


කෙසේ වුවත් අවසාන තරගය පැවැත්වීමටත් පෙර පුෂ්පිකා ද සිල්වා මහත්මිය නව රූ රැජන ලෙස ප්‍රකාශයට පත්වන බවත් ඒ සඳහා ලක් රූ රැජින වශයෙන් තේරීමට අවශ්‍ය තරග කොන්දේසි තුළ ඇය නොමැති බවත් සමාජ මාධ්‍ය ජාලා ඊයේ වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

 

ලෝක




Edit 800 563

 

 

කෙසේ වෙතත්, ප්‍රභූවරුන් වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය.

 

 

mage 800 563

 

 

image 800 563

 

 

image 800 563




ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි විසින් ඉන්පසුව තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.

 

 

 

නවතම ලිපි