SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෞදි අරාබියේ පිරිමි පුද්ගලයන්ට පාකිස්තානය, බංග්ලා දේශය, චැඩ් සහ මියන්මාරයේ කාන්තාවන්

විවාහ කරගැනීම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මක්කම පොලිස් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අසාල් අල් කුරේෂි උපුටා දක්වමින් ‘මැකා ඩේලි’ පුවත් සේවය වාර්තා කර තිබිණි.

පාකිස්තානයේ ‘ඩෝන්’ පුවත් වෙබ් අඩවිය ද සෞදි අරාබියේ පුවත් සේවා උපුටා දක්වමින් ඒ බව වාර්තා කර තිබිණි.


නිල නොවන වාර්තාවලට අනුව පාකිස්තානය, බංග්ලාදේශය, චැඩ් සහ මියන්මාර කාන්තාවන් 500,000කට ආසන්න පිරිසක් සෞදි අරාබියේ ජීවත් වන බව පැවසේ.

‘මැකා ඩේලි’ පුවත් වෙබ් අඩවියට අනුව විදේශීය කාන්තාවන් විවාහ කරගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයන්ට දැඩි සීමාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසේ.

මෙම නව සීමාවලට අනුව විදේශීය කාන්තාවන් විවාහ කරගැනීමට බලාපොරොත්තු වන කාන්තාවන් විවාහයට පෙර රජයේ අවසරය ලබාගත යුතු යැයි ‘ඩෝන්’ පුවත් වාර්තාවේ දැක්වේ.

දික්කසාද වූ පුද්ගලයන්ට නැවත විවාහයක් සඳහා අයඳුම් කළ හැක්කේ දික්කසාදයෙන් මාස හයකට පසුව බව ද පැවසේ.

විවාහ සඳහා අයඳුම් කරන පුද්ගලයන් වයස අවුරුදු 25ට වැඩි විය යුතු බවත් විවාහය සඳහා අයඳුම් කිරීමේ දී ඔවුන් ඒ සඳහා ලිපිලේඛන ඉදිරිපත් කළ යුතු බවත් වාර්තා වේ.

 

කසාදය 1

 

කසාදය

 

‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත ඇසුරෙනි.

නවතම ලිපි