SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරතරය අනුව රටවල් 156ක් අතරින ශ්‍රී ලංකාව

116 වන තැනට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. 

මෙම වාර්තාව යටතේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඛාණ්ඩ කිහිපයක් යටතේ ස්ථානගත කර තිබෙනවා.

මෙහිදී ලංකාව ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව,

ආර්ථිකමය අවස්ථා හිමිවීම යටතේ 132 වැනි ස්ථානයටත්

අධ්‍යාපනික අවස්ථා හිමිවීම යටතේ 88 වන ස්ථානයටත්

සෞඛ්‍ය යටතේ 30 වැනි ස්ථානයටත්

දේශපාලන බලගැන්වීම් යටතේ 90 වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.

 

එසේම දකුණු ආසියාතික රටවල් අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පරතරය අනුව ලංකාවට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. බංග්ලාදේශයට දකුණු ආසියාතික රටවල් අතර පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නේපාලය දෙවැනි ස්ථානයේ පසුවන අතර අවසාන ස්ථානය හිමිව ඇත්‌තේ ඇෆ්ගනිස්ථානයටයි.

 

ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පරතරය අනුව රටවල් 156කින් පළමු ස්ථානයට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. එහි අන්තිමයා වන්නේ ඇෆ්ගනිස්ථානයයි.

 

Gender image

 

 

gender 2

නවතම ලිපි