SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශ්වවිද්‍යාල වසා දමා වසරකට අධික කාලයක්

ගත වුවද නැවත ආරම්භ නොකර පැවතීම සහ මහපොළ ශිෂ්‍යාධාර සමබන්ධව පැනනැගී ඇති ගැටලු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලක ශිෂ්‍යයා සඳහන් කළේ විශ්වවිද්‍යාල වසා දමා මේ වන විට වසරකට අධික කාලයක් ගතවී ඇතත් තවමත් විශ්වවිද්‍යාල විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් ආණ්ඩුවට සහ විශ්ව විද්‍යාල පරිපාලනයට නොමැති බවයි.

කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ පාසල් ඇතුළු රටේ අනෙකුත් සෑම ක්ෂේත්‍රයක්ම නැවත වැඩ ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගෙවී ගොස් තිබුණද, තවමත් විශ්ව විද්‍යාලවල සාමාන්‍ය අධ්‍යයන කටයුතු ආරම්භ වී නොමැති බව සඳහන් කළ ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ විශ්වවිද්‍යාල විවෘත කිරීම ප්‍රමුඛ කාර්‍යයක් ලෙස සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකර ඇති අතර මෙවර අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ ද.දේ.නි 1%ටත් අඩු ප්‍රතිශතයක් පමණක් බවයි.



මෙලෙස විශ්වවිද්‍යාල වසා තැබීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හරහා හොර උපාධි කඩ සඳහා පාර කපා ගැනීම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිඳවැට්ටවීම මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීමද අරමුණු කරගෙන ඇති බවත් ඊට එරෙහිව අරගල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බවත් ඔහු පැවසීය.

එමෙන්ම කොරෝනා වසංගත තත්වය නිසා විශ්වවිද්‍යාල වසා දමා තිබූ කාලයේ ලබා දුන් මහපොළ ශිෂ්‍යාධාර වාරික සහන වාරික ලෙස සලකන බව පැවසුවද එය එසේ නොවීම නිසා මේ වන් විට ශිෂ්‍යයන්ගේ සම්පූර්ණ අධ්‍යයන කාල සීමාවට අදාළව මහපොළ ශිෂ්‍යාධාර නොලැබෙන බවත් එනිසා ශිෂ්‍යයන් දැඩිසේ අපහසුතාවයන්ට පත්ව සිටින බවත් එහිදී සඳහන් විය.

ඊට අමතරව මහපොළ ශිෂ්‍යාධාර වාරික ඉහළ දමන බවට පොරොන්දු ලබා දුන් රජය ජීවන වියදම ඉහළයාමට සාපේක්ෂව මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ඉහළ දැමීමට අපොහොසත් වීම සහ මහපොළ වාරික ප්‍රමාද කිරීම සම්බන්ධව මෙහිදී අදහස් දැකිවිණි.

විශේෂයෙන්ම මෙහිදී පළමු වසර සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර වාරික ලැබීම මාස ගණනක් ප්‍රමාද වීම සම්බන්ධව සඳහන් කෙරිණි.එමෙන්ම මහපොළ සහ ශිෂ්‍යාධාර ලබාදීමේදී උසස්පෙළ z-score අගය සලකා බැලීම නැවැත්විය යුතු බවත් මහපොළ හා ශිෂ්‍යාධාර ලබා දීම සඳහා සලකා බලන ආදායම් සීමාව ඉහළ දැමීමට රජයට බල කරන බවත් මෙහිදී සඳහන් විය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි