SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිවසේ මෙහෙකාරතරුණියට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරියකු නීතියේ රැහැනින්ගලවා ගැනීම

සඳහා ඔහුගේ බිරිඳගේ පෙම්වතකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේසහය ලැබී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ. චෝදනා ලබාසිටිනපොලිස් නිලධාරියා මාතර දිස්ත්‍රීක්කයේ පොලිස් ස්ථානයක සේවය කර ඇති අතර ඔහුගේ බිරිඳමාතර ප්‍රදේශයේ නීතිඥවරියකි. 

 

මේ සම්බන්ධයෙන් අපයෝජනයට ලක්වූ තරුණියගේ සොයුරියක විසින් අපරාධයකවින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත දපැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

අනතුරුවඅපයෝජනයට ලක්වූ තරුණිය හා ඇයගේ සොයුරිය 2020 පෙබරවාරි 19 දා මාතර ජ්‍යේෂ්ඨපොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ඔහුගේ උපදෙස්මත කට උත්තර ලබාදී ඇතත් මේ දක්වා ඒසම්බන්ධයෙන් කිසිඳු පරික්ෂයක් සිදුකර නොමැත. 

 

සැකකාර පොලිස් නිලධාරියා සම්බන්ධ පරීක්ෂණ එසේ යට ගසා ඇත්තේ පොලිස්පතිවරයාට අතිශයින් ම සමීප  පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බලපෑම් මතබව 'ද ලීඩර්' වෙත වාර්තා වේ. 

පෙත්සම්කාරියගේ ප්‍රකාශය ! 

දිනය :  2020 .02.19
වේලාව : පැය 0910
පිටුව : 253 
ජේද : 192   

ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරි ගේ නියෝගය අනුව එම පැමිණිල්ල සටහන් කරන ලෙසට ස්ථානාධිපතිනී කාන්තා ප්‍රධානපොලිස් පරීක්ෂක දමයන්ති විසින් ලබාදී ඇති නියෝග හා උපදෙස් මත එම පැමිණිල්ල සටහන කරගෙන ඇත්තේ, කාන්තා පොලිස් කොන්ස්තාපල්  (8700) සුරේකා යනනිලධාරිනිය විසිනි.

අතවරයට ලක්වූ තරුණියගේ සොයුරියක විසින් ලබාදී ඇති කටඋත්තරයට අනුව, ඇයගේ සොයුරිය සැකකාර පොලිස්නිලධාරියාගේ කඹුරුපිටිය නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ ඇය කුඩා අවධියේදීය. 

සිය වැඩිමල්සොයුරියට සිදුව ඇති ලිංගික අපරාධය සම්බන්ධයෙන් ඇය සිය කට උත්තරයේ දීර්ග කරුණුපැහැදිලි කිරීමක් සිදුකර ඇත. 

මෙහෙකාරියක ලෙසපොලිස් නිලධාරියාගේ නිවසේ සේවයකළ තම සොයුරියට කිසිඳු වැටුපක් ගෙවා නැතැයි දපෙත්සම්කාර තරුණිය පවසන්නීය.  

වින්දිත තැනැත්තියගේ ප්‍රකාශය :  r

දිනය :  2020 .02.19
වේලාව : පැය 1005
පිටුව : 256
ජේද : 193    

ස්ථානාධිපතිවරියගේනියෝග හා උපදෙස් පරිදි කාන්තා පොලිස් කොන්ස්තාපල් සුරේකා විසින් වින්දිත තැනැත්තියගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ. 

තමන් මෙහෙකාරසේවය කළ නිවසේදී පොලිස් නිලධාරියකු වන හම්පුතාගෙන් දිගින් දිගටම අත්වූ ලිංගික අතවරඇය සිය ප්‍රකාශය මගින් එකින් එක හෙළිදරව්කර ඇත.

එම අතවරසම්බන්ධයෙන් පොලිස් නිලධාරියාගේ නීතිඥ බිරිඳට පැමිණිලි කලද තමන්ට සහනයක් නොලැබුනබව වින්දිත තැනැත්තිය කියා සිටියි. 

වින්දිතතැනැත්තියගේ ප්‍රකාශයෙන් අදාල නිවැසියන්ගේ රහස් සම්බන්ධතා ගැන ද කරුණු හෙළිවේ.

සිය බිරිඳපොලිසියේ ඉහලම නිලධාරියකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව සැකකාර පොලිස්නිලධාරියා දැනුවත්ව සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් නිවාස තුල නිරන්තරයෙන්ම ගැටුම් සිදුව තිබේ. 

එහෙයින් වින්දිත තැනැත්තියට සිය සැමියාගෙන් සිදුවන පිඩාව සම්බන්ධයෙන් නීතිඥ බිරිඳගේ අවධානයක් යොමුව නැති බව පෙනේ. 

වින්දිතතැනැත්තියගේ ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීමසඳහා කටයුතු කර තිබේ.  එහි පෝරම් අංකය 03/2020 වේ.  කෙසේවුවද ඇයගේප්‍රකාශය සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු ආකාරයේ විමර්ශනයක් සිදුකර නොමැත. 

මෙසේ අපයෝජනයටලක්වූ වින්දිත තැනැත්තිය ජනාධිපතිවරයාගේ මාතර ගම් ප්‍රදේශයේම තැනැත්තියක් වීමවිශේෂ කාරණයකි. 

 'එක රටක් එක නීතියක්' ජනාධිපතිගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ තේමාවයි.

 

උපුටාගැනීම - TheLeader.lk

නවතම ලිපි