SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුරාධපුර අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ දැරියන් ලිංගික අපයෝජනයට ලක්වී

ඇති බව කාන්තා හා ළමා කාර්යාංශය පත්කළ කමිටුවේ වාර්තාවන්ට අනුව තහවුරු වන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

අනුරාධපුර අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ සිදුවූ අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මගින් පසුගිය ජනවාරී මස 08 වනදා සිට අවස්ථා රැසකදී රට හමුවේ තොරතුරු අනාවරණ කරන ලදී.

ඒ අනුව, ළමා නිවාසයට යෝගා ව්‍යායාම ඉගැන්වීමට පැමිණි පී. එස්. නලින්ද කැලුම් සේනානායක නැමැත්තා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ලිංගික අඩත්තේට්ටම් කල බවට දැරියන් දුන් ප්‍රකාශ පදනම් කර ගනිමිනි.

දැරියන්ගෙන් තවදුරටත් මැසිවිලි ලැබෙන වාතාවරණයක පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ප්‍රධාන ආණ්ඩුකාරවරයාගේ සහ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය කැඳවා තිබුණි.

මාධ්‍ය හමුව අවසානයේ එම ස්ථානයට වැඩම කළ පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි ළමා නිවාසයේ අපචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට පක්ෂපාතිව අදහස් පළකළේය.

එමෙන්ම ගුරු සංගම් පැවැසුවේ තවමත් විවිධ අඩත්තේට්ටම් වන බවට දැරියන්ගෙන් චෝදනා ලැබෙමින් පවතින බවය.

 

avanthi 3

 

 

 

නවතම ලිපි