SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජපක්ෂ ආණ්ඩුව සමග එක්වුනු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වු ඩයනා ගමගේ,

අද පෙරවරුවේ හිඟුරක්ගොඩ රාජ ස්මාරකය අබියස පැවැත්වෙන ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ සත්‍යග්‍රහය සමග එක්වූවාය.

එහිදී එම කාන්තාවන් සමග ඔවුන්ගේ ගැටළුවලට සවන් දෙමින් ඇය මෙම ගැටළුව විසඳීමට තම සහයෝගය මුළුමනින්ම ලබාදෙන බව පවසා ඇත.

සත්‍යග්‍රහය ආරම්භ වී අදට දින 19 කි. රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජිතයෙක් ඔවුන්ගේ ගැටළුව විමසීමට පැමිණි පළමු අවස්ථාව මෙය වී ඇත.

මැතිවරණ සමයේදී ‘සෞභාග්‍යයේ දැක්ම‘ පොතේ, පොදුජන පෙරමුණ ලබාදුන් ප්‍රමුඛතම පොරොන්දුවක් ව තිබුණේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා දැමීමයි.

නොනවතින සත්‍යග්‍රහයක් බවට හිඟුරක්ගොඩ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ සත්‍යග්‍රහය පත්වෙමින් තිබේ. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පවසා තිබෙන්නේ ඉදිරි සති දෙක ඇතුළත මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

 

dayana 2

නවතම ලිපි