SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වන සංරක්ෂණ,

වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව මාර්තු 27වැනිදා නව වෘත්තිය සමිති එකමුතුවක් පිහිටුවා ගනු ලැබීය.

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා "පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව" නමින් මෙම නව වෘත්තිය සමිතිය පිහිටුවීමට පියවරගෙන ඇත.

ඊට එක්වූ ගම්පහ දිසා වනනිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය සඳහන් කළේ සංරක්ෂණය කළයුතු සහ සංවර්ධනය කළ ඉඩම් නිසි ලෙස හඳුනාගැනීමට පැහැදිළි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවය.

ඊට අදාළ ලේඛණයට රාජ්‍ය සේවකයින් අත්සන් තැබු අතර එය අත්තිඩිය සොබාකෙත පරිශ්‍රයේදී සිදුවිය.

b"ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරලා සංවේදී ප්‍රදේශ, ආරක්ෂා කරගත යුතු ප්‍රදේශ, අලිමංකඩ මේ සියල්ල සංරක්ෂණය කරලා ඉතිරි වෙන ඉඩම් භූමි ප්‍රමාණයන් සංවර්ධන කටයුතුවලට සහ අනෙක් දේවල්වලට පාවිච්චි කරන්න.
එතකොට ගැටළු විසඳන්න පුළුවන්. නමුත් දැන් සංවර්ධනයට සියලුම ඉඩම් අරන්. ඉතුරුවෙන ඉඩම් පමණයි සංරක්ෂණය කරන්නේ. ඒ නිසයි පරිසර පද්ධති විනාශ වෙන්නේ. අද අලි මිනිස් ගැටුම්, භෝගවලට සත්ව විවිධ හානි සිදුවෙන්නේ ඒ නිසයි. ඒ නිසා අපි තීරණය කළා රජයට මේ ගැන සහාය දීමක් විදිහට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරලා, රට නිවැරදි මාර්ගයට ගෙන යා යුතුයි කියලා.
නිතරම කියනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංවර්ධනයට බාධා කරනවලු. අපි කියන්නේ තිරසාර ලෙස සංවර්ධනය කරන්න," bයනුවෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය පැවසුවාය.

නවතම ලිපි