SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමඟි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහඇමති අපේක්ෂකත්වය එම පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රභල

ක්‍රියාකාරිණියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වී තිබේ.

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා එම පක්ෂය නියෝජනය කරමින් අජිත් පී පෙරේරා, චතුර සේනාරත්න, සුජීව සේනසිංහ, ඒ එච් එම් ෆවුසි වැනි නායකයින් ගණනාවක්ද තරඟ කිරීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

නමුත් මේ වනතුරු මහ ඇමති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට සමඟි ජන බලවේගය ක්‍රියාකර නොමැත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ අතර එහිදී පරාජයට පත්විය.

නවතම ලිපි