SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මියන්මාරය අනතුරේ..! වග කියන්නෙ කවුද?

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පත්වුනු ආණ්ඩුවක් පන්නා දමා මියන්මාර හමුදාව බලය පාලන අල්ලා ගෙවීගිය කාලය තුළ මියගිය හා අත්අඩංගුවට පත් ප්‍රමාණය අධිකය. එවන් වටපිටාවක මියන්මාරයේ නිවෙස් සෝදිසි කිරීම් හා අත් අඩංගුවට පත් කිරීම් අපට ගෙන එන්නේ භීෂණ යුගයක ස්මරණයන්ය. මෙසේ මිය යන ජනතාවට වගකියන්නේ කවුරුන්ද?

බලය කා අතට ගියද සාමාන්‍ය ජනතාව බුක්ති විදින්නේ ජීවන බර පමණකි. උසි ගන්වන්නන් බහුලය. එහෙත් වග කියන්නන් නැති තරම්ය.b ජන ජීවිතයේ සියලු අමිහිරි කටුකත්වය ලැබෙන අවස්ථාවකින් පුපුරා හැරීමට බලා සිටින ජනතාවක් ඉතා සැලකිල්ලෙන් පාලනය කිරීමට තරම් මිනිස් ජීවිතවලට වග කියන රාජ්‍යයන් පහළ වන්නේ කවදාද?

 
මියන්මාරයේ පාලන බලය හමුදාව අතට පත්වීමෙන් පසු මෙතෙක් සිදුවූ ළාබලතම මරණය වශයෙන් 7 හැවිරිදි දැරියක ඝාතනය වාර්තා කර ඇත.

කින් ම්යෝ නමැති එම දැරියගේ පවුලේ සාමාජිකයින් බීබීසී පුවත් සේවයට පවසා ඇති පරිදි දැරිය වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඇය සිය පියා වෙත දුව යමින් සිටියදීය.

 

මියන්මාර දැරිය 1

 

මෙම ඝාතනය සිදු වී ඇත්තේ මියන්මාරයේ මණ්ඩලායි නගරයේදීය.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර ඊට එරෙහිව හමුදා බලය යෙදවීමද වැඩිවෙමින් පවතී.

මිය ගිය දැරියගේ වැඩිමල් සොහොයුරිය පවසන පරිදි මණ්ඩලායි නගරයේ අවට නිවාස සෝදිසි කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිය නිවසට එක්වරම ඇතුළු වී ඇත. ඔවුන් නිවස තුළ අවිආයුධ සොයා ඇත.


“ඒගොල්ලෝ අපේ දොරට ගහලා දොර ඇරියා. ඊට පස්සෙ තාත්තාගෙන් ඇහුව ගෙදර වෙන කවුද ඉන්නෙ කියලා,” ඇය පැවසීය.


කිසිවෙකු නැතැයි පියා පවසද්දී පොලිස් නිලධාරීන් ඔහු බොරු කියන බවට චෝදනා කරමින් නිවස සෝදිසි කර තිබේ.
මිය ගිය දැරිය සිය පියාගේ උකුළ මත හිඳ ගැනීම සඳහා දිවවිත් ඇත්තේ, එම අවස්ථාවේදීය.

“ඒ වෙලාවේ ඔවුන් නංගිට වෙඩි තිබ්බා,” වැඩිමල් සොහොයුරිය වන මේ තූ සුමායා පැවසීය.

දැරියගේ පියා වෙනත් පුවත්පතකට පවසා තිබුණේ, “තාත්තේ මට බැහැ. ගොඩක් රිදෙනවා,” යනුවෙන් සිය දියණිය අවසන් වරට පැවසූ බවය.

 

මියන්මාර දැරිය 2

නවතම ලිපි