SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක් දින ක්‍රිකට් තරගවලදී ලකුණු 7,000 සීමාව පසු කළ පළමු කාන්තා ක්‍රීඩිකාව

වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මිථාලි රාජ් සමත් වී සිටින්නීය.

මිථාලි රාජ් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස ද කටයුතු කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ට්විටර් පණිවුඩයකින් මිථාලි රාජ් ට සුබ පතා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මිථාලි රාජ්, ලකුණු 7,000 සීමාව පසු කළේ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තරගයේදීය.


මිථාලි මේ වනවිට ලකුණු 10,000 පසු කළ පළමු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ද පත් වී සිටීම විශේෂත්වයකි. ඇය ලකුණු 10,000 සීමාව පසු කළේ ද දකුණු අප්‍රිකාව සමඟපැවැත්වෙන තරගාවලියේදීය.


මිථාලි රාජ්, ලකුණු 7,000 සීමාව පසු කළේ ඇගේ 213 වැනි එක් දින තරගයේදීය.

36 හැවිරිදි මිථාලි රාජ්, ඉන්දීය කාන්තා පිළ නියෝජනය කරමින් පළමු තරගයට මුහුණ දුන්නේ 1999 වසරේදීය.

මිථාලි අද ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින පලපුදුරු දක්ෂ පිතිකාරියකි.

ඇය අර්ධ ශතක 54 ක් ද ශතක 7 ක් ද ලබා ගෙන ඇත.

එක් දින තරගයකදී ඇය රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 125 කි. ඒ, 2018 දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවය.

T20 තරගාවලියකදී ඇය රැස් කළ වැඩිම ලකුණු ගණන, නොදැවී 97 කි. මිථාලි ජාත්‍යන්තර T20 තරග 36 කට සහභාගී වී ඇත.

2018 ජූනි 7 වෙද්දී, T20 තරගවලින්, ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි අභිබවා යමින්, මිථාලි ලකුණු 2,000 පසු කළාය.

මිථාලි රාජ්, T20 තරග 89 කදී රැස් කළ ලකුණු 2,364 කි.

 

එන්.ඩී.ටීවී ඇසුරිනි

නවතම ලිපි