SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ටැන්සානියාවේ ජනපති මගුෆුලි කෝවිඩ්19 හේතුවෙන් මරණයට පත් වීමත් සමග ඔහුගේ උප ජනපතිනිය ලෙස

කටයුතු කළ සාමියා සුලුහු හසන් ජනපති පදවියට පත් වූවාය.

ඒ, ටැන්සානියාවෙන් බිහිවන පළමු ජනාධිපතිවරිය ලෙස ය.

වසංගතය සහ වැක්සින් ප්‍රතික්ෂේප කළ ජනපතිවරයෙකු විසින් පාලනය කළ රටක මුල් පුටුව භාරගැනීම ඇයට අභියෝගයක් වනු ඇතැයි පැවසේ.

තවද ඇය,මගුෆුලි ජනපතිවරයාගේ සිත් දිනාගෙන ඔහුගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ අයෙකු නිසා, ටැන්සානියාවේ තත්වය විශාල වෙනසකට භාජනය වේ යැයි සිතිය නොහැකි බවට ද මතයක් තිබේ.


තවද නව ජනපතිවරිය, ජනපතිවරයා මිය ගියේ කෝවිඩ් නිසා බව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය පවසා තිබුණේ ඔහුගේ මරණයට හේතුව හෘද රෝගයක් බවයි.

මරණයට සැබෑ හේතුව කෝවිඩ් බව ලොවට අනාවරණය වූයේ, විප්‍රවාසීව වෙසෙන විපක්ෂ නායක තුන්දු ලිසූ විසින් වෛද්‍ය සාධක මගින් එය තහවුරු කිරීම මගිනි. ඒ සඳහා ඔහු විසින් ටැන්සානියාව තුළින්ම නිල මූලාශ්‍ර සපයාගෙන තිබිණි.

තුන්දු ලිසූ 2017 වසරේදී රටෙන් පළා ගියේ 16 වතාවක් වෙඩි ප්‍රහාරවලට ලක් වීමෙන් පසුව ය.

මෙම වෙඩි ප්‍රහාර එල්ල වන්නේ, තමන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි වන්නන් මිය යාමට සුදුස්සන් බව ජනපතිවරයා විසින් පැවසීමෙන් පසුව ය.

මිලියන 60 ක ජනතාවක් වෙසෙන ටැන්සානියාව, අප්‍රිකානු මහද්වීපයේ වැඩිම ජනගහනයක්

සහිත රටවල් අතරින් එකකි.

වැක්සින, සමාජ දුරස්ථභාවය හෝ මුහුණු ආවරණ පැළඳීම ටැන්සානියාවේ දැකගත හැක්කේ කලාතුරකිනි. එයට ප්‍රධාන හේතුවක් වූයේ හිටපු ජනපතිවරයා විසින් යාඥා කිරීම හා වාෂ්ප දුම් ඇල්ලීම මගින් වසංගතය එළවා දැමිය හැකි බවට ගෙන ගිය ප්‍රබල මතයයි.

කෙසේ නමුත්, මරණයට පත් වීමට පෙර මගුෆුලි ජනපතිවරයා, වසංගතය භයානක බව පිළිගෙන තිබූ බව ද නවතම වාර්තාවල දැක්වේ.

 

උපුටාගැනීම - outboundtoday

නවතම ලිපි