SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිංහරාජ ලෝක උරුම රක්ෂිතයේ සිදුවන වන සංහාරය පිළිබඳ රටම අවදි කළ භාග්‍යා අබේරත්න ශිෂ්‍යාව බැහැදැක ඇයට ආශිර්වාද කරන්නට

මෙරට ප්‍රමුඛතම කවීන් රැසක් ඊයේ (24) රක්වාන රඹුක පිහිටි ඇගේ නිවසට ගියේය. 

 

සම්මානනීය කිවිවරුන් වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ,නන්දන වීරසිංහ,රවී සිරිවර්ධන,මහින්ද ජප්‍රසාද් මස්ඉඹුල,ළහිරු කිතලගම හා ළහිරු කරුණාරත්න ඇතුළු නව පරපුරේ කවි කිවිඳියන් කිහිපදෙනෙක් එම අවස්ථාවට සහභාගී විය. 

 

එහිදී ඔවුන් විසින් සියයකට අධික සාහිත්‍ය කෘති ප්‍රමාණයක් භාග්‍යාට ත්‍යාග කළ අතර ඇය සතු පරිසර සංවේදීතාව ඉහළින් අගය කරන ලදී. විශේෂයෙන් පරිසර සංවේදීතාව තරුණ පරපුර තුළින් ඈත් කොට ඇති වකවානුවක තමා ජීවත්වන පරිසරය හා සතා සීපාවා කෙරෙහි භාග්‍යා දක්වන අව්‍යාජ උනන්දුව කවීන්ගේ ඉමහත් පැසසුමට ලක් වුණි. ඔවුන් සඳහන් කළේ මහපොළොවට ආදරය කරන සහ සාමූහික සමාජ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින සංවේදී තරුණ පරපුරක අවශ්‍යතාව තදින් පවතින බවයි.

 

මෙරට සිදුවන වන විනාශය පිළිබඳ නොබියව සහ අව්‍යාජව තම විරෝධය පළකළ භාග්‍යා වැනි ලාබාල තරුණියකට බලධාරීන් දැක්වූ රළු ප්‍රතිචාර පිළිබඳව සිය අප්‍රසාදය පළකරන බවද එහි ගිය ප්‍රවීණ කවීන් සඳහන් කරන ලදී.

 

ඔවුන් සඳහන් කළේ වන විනාශය පිළිබඳ ඕනෑතරම් විද්වතුන් හා පරිසරවේදීන් සාධක සහිතව කරුණු ඉදිරිපත් කර තිබියදී භාග්‍යාගේ නිවසට පැමිණ ප්‍රශ්න කිරීම හෙළා දකින බවයි. 

භාග්‍යාගේ පරිසර සංවේදීතාව දිරිගැන්වීමෙන් පසු,සියලු කවි කිවිඳියෝ රඹුක ගඟ ඉවුර ආසන්නයේ කුඹුක් සහ මී පැල රෝපණය කිරීමේ වැඩසටහනකට ද එක් විය. 

 

භාග් යා 3

 

භාග් යා 2

 

 

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

පුවත- LankaNewsWeb

නවතම ලිපි