SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමානාත්මතාවය සහතික කරන ඉස්තාන්බුල් ප්‍රඥප්තියෙන් තුර්කිය ඉවත්වෙයි!

 තුර්කියේ ජනාධිපති රිසෙප් Tayyip Erdogan සිය පාලක පක්ෂයේ ලැබුණු නවතම ජයග්‍රහණයෙන් පසු දින ජනාධිපති නියෝගයෙන් කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගිවිසුමෙන් ඉවත් වීමට තරණය කර තිබේ.

 ලොව පළමු වරට එම ගිවිසුමෙන් ඉවත් වූ රට තුර්කියයි. මෙයට විරෝධය පා තුරුකි කාන්තාවන් රැසක් මහජන විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

 රටවල් 45 ක් සහ යුරෝපා සංගමය විසින් අත්සන් කරන ලද 2011 ඉස්තාන්බුල් සම්මුතියට අනුව ගෘහස්ථ හිංසනය සහ ඒ හා සමාන අපයෝජනයන් මෙන්ම විවාහය තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික අපයෝජන සහ කාන්තා ලිංගික අවයව විකෘති කිරීම් සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන ලෙස එකඟතාවයකට අත්සන් කර තිබේ.

 

මෙම ප්‍රඥප්තිය පවුල් සමගියට හානි කරන බවත්, දික්කසාදය දිරිමත් කරන බවත්, සමානාත්මතාවය පිළිබඳ එහි සඳහනට අනුව සමලිංගික ප්‍රජාවට සමාජයේ පුළුල් පිළිගැනීමක් ලැබෙන බවත්  බවත් කොන්සර්වේටිව්වරු ප්‍රමුඛ පාලක පක්ෂය කියා සිටියි.

 

පසුගිය සෙනසුරාදා අලුයම නිල ගැසට් පත්‍රයේ මෙම නව නීතිය  ප්‍රකාශයට පත් කිරීමත් සමගින් කාන්තා අයිතිවාසිකම් කන්ඩායම් අතර දැඩි විරෝධයක් ඇති කළ අතර ඉස්තාන්බුල්හි මීට එරෙහිව විරෝධතාවයන් සංවිධානය කරන්නට විය. 

 

සහන් හේවාගමගේ

උපුටාගැනීම - Outbound today වෙබ් අඩවියෙන්.

 

womens

 

නවතම ලිපි