SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජිනීවා පරාජය අපිට කියාදෙන පාඩම!

අපි ලෝකෙ එක්ක ගනුදෙනු කරන රටක්. අපි ජීවත්වෙන්නෙ ලෝකයක් ඇතුලෙ මිසක් පොහොට්ටුවක් ඇතුලෙ නෙවෙයි. ලංකාවේ හැටනව ලක්ෂයෙන් බහුතරයක් හිතන්නෙ ඔවුන් ජිවත්වෙන්නෙ පොහොට්ටුවක් ඇතුලෙ කියල. ඒ නිසා ඒ ප්‍රාර්ථනා ඉටු කරන්න හරි, එයාලගෙ හිත හදන්න හරි ගියොත් ජිනීවා ඡන්දෙට සංවිධානගත නොවුනා වගේ ඉදිරියේ ලෝක මට්ටමින් එන හැම මරාලයකටම මූණ දෙන එක අමාරු කාරණයක් වේවි.

 

මේකෙ කණගාටුදායකම කාරණය ඒක නෙවෙයි. අපි රටක් හැටියට ලෝකයක් ඉදිරියේ පරාදවෙලා තියෙද්දි තවත් අපේ කට්ටියකට ඒක රජ මගුලක් වීම. ඒකත් අර කිව්ව පොහොට්ටුවක් ඇතුලෙයි ජීවත්වෙන්නෙ කියල හිතන් ඉන්න කට්ටිය වගේම තමයි.

 

රටක් විදිහට අපි නොහිතන තාක්, හතර අතේ පොර ටෝක් දැම්ම කියල ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු විසඳගන්න බෑ කියල දැන්වත් තේරුම් ගන්න ඕන.

 

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කළ හැකි නායකයින්ගෙන් ඉගෙනගන්න පාඩම් තියෙනවා. ලක්ෂ්මන් කදිරගාමන්, ඒ එස් එම් හමීඩ් වගේ ජාත්‍යන්තරය පිළිගත් නායකයො අපිට අහිමි උනත් රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර වගේ දේශපාලනඥයො එක්ක දයාන් ජයතිලක වගේ සිවිල් සමාජයෙ මිනිස්සු එක්ක මේ වගේ රටට තීරණාත්මක කාරණයන්වලදී කතා කරන එක උපදෙස් ගන්න එක පිරිමිකමට නිගාවක් නෙවෙයි.

 

ඒත් අපේ රට තවමත් හරිම ග්‍රාම්‍යයි, ප්‍රාථමිකයි ඒ වගේ කාරණාවලදි. විරුද්ධ පැත්තෙ එකා මොනව හෝ හරි දෙයක් කළත් ඒකට විරුද්ධ වෙනව. තමන්ගෙ පැත්තෙ ඒකා මොන වැරදි දේ කළත් ඒකට එකග වෙනව.ඒක හරි වෙනව.  මේව අපි හදාගන්න තියෙන, උපයගන්න තියෙන සංස්කෘතික ගති ලක්ෂණ.

ජිනීවා ගැන දාර්ශනික කතා, සංඛ්‍යාලේඛණ පෙන්වීම් විවේචන දැන් වැඩක් නෑ තමයි. හැබැයි ඉදිරියට මුහුණ දෙන්න අපිට මගහැරුණු දේවල් ගැන අපි ටිකක් හැරිල බලන්න ඕන.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ලංකාවට එරෙහිව සභාගත කළ යෝජනාව  බහුතර ඡන්දයෙන් සම්මත වීමෙන් පසු Lanka News Web සමග සම්බන්ධ වූ,

 

දෙමළ ඩයස්පෝරවේ නියෝජිතයකු වූ Tamils for conservative සංවිධානයේ සභාපති ආචාර්ය අර්ජුන් සිවානන්දන් පෙන්වා දී ඇත්තේ “මංගල සමරවීර ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීම මෙම ජයග්‍රහණයට ප්‍රබලතම හේතුවක් වූ බවයි”.

 

සිවානන්දන් කියන්නේ, ඩයස්පෝරාව මතු කරන සෑම ප්‍රශ්නයකටම සිය පෞද්ගලික සබඳතා පවා භාවිතා කරමින් මංගල සමරවීර කටයුතු කළ බවයි. මංගල සමරවීර දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම ලොවපුරා විසිර සිටින සමස්ත දෙමළ ඩයස්පෝරාව ලැබූ විශාලතම ජයග්‍රහණය බව ඔහු කියනවා. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සමස්ත දෙමළ ඩයස්පෝරාවම සතුටුවිය යුතු බවද සිවානන්දන් කියනවා. වත්මන් රජයේ සිටින කිසිඳු ඇමතිවරයෙකුට හෝ රාජ්‍යතාන්ත්‍රික නිළධාරියෙකුට හෝ මංගල සමරවීර සිදුකළ කාර්යභාරයට ලංවීමටවත් හෝ නොහැකි වූ බව පෙන්වා දෙන සිවානන්දන් පවසන්නේ, එය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඩයස්පෝරාවේ වාසියට හේතු වූ බවයි.

මෙය සිවානන්දන් නොවී සිංහල ජන සමාජයේ කවරෙක් හෝ ඉදිරිපත් කළානම් හුදෙක් දේශපාලන අරියාදුකම් හා පටු චින්තනය තුල තබා මේ කියන පණිඩුවය මගහැර යා හැකිය. එහෙත් සිදුව ඇති තත්ත්යන් සලකා බලා මේ මොහොතේ හෝ රටක් ලෙස ඉදිරියේදී අප මුහුණ දෙන බලපෑම්වලට එක්ව මුහුණ දිය යුතුය.

 

 

සිරිමලී ලියනගම

 

නවතම ලිපි