SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහි පෙත්සමකට සිය නම ඈඳාගැනීම 'සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේශන්' සමාගම ප්‍රතික්ෂේප කරයි

 

 

සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේශන් (Ceylon Green Life Plantation) සමාගමේ නම

අවභාවිත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව ගොවි ප්‍රජාව හරහා පෙත්සමක් අත්සන් කරවීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව එම සමාගම පවසයි.

 

 

2026 ඔක්තෝබර් 05 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවයි. "සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේශන් යන අප ආයතනයේ නම භාවිතා කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව ගොවි ප්‍රජාව හරහා පෙත්සමක් අත්සන් කරවීමට එක්තරා අශුද්ධ සන්දානයක සංවිධානාත්මක පිරිසක් විසින් කටයුතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට අප වෙත තොරතුරු වාර්තා වී ඇත," යනුවෙන් එම නිවේදනයේ උපුටා දක්වා ඇත.

 

 

ceylon_green_sinhala.jpeg

තම සමාගම නිර්දෝෂී කෘෂිකර්මාන්තය හා වාණිජ වගාව පදනම් කරගත් ආයතනයක් බවත්, අදාළ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය මේ වන විටත් ලබා දෙමින් පවතින බවත් සමාගම අවධාරණය කරයි. එසේම, "අප ආයතනයේ බැංකු ගිණුම් අත්හිටුවීම සිදුව ඇත්තේ හුදෙක්ම යම් අභ්‍යන්තර අතපසුවීමක ප්‍රතිඵලයක් ලෙස බව අප විශ්වාස කරමු" යැයි ද අදාළ නිවේදනය මගින් ඔවුන් ප්‍රකාශ කර ඇත.

 

 

 

මීට පෙර අවස්ථාවකදී ද අදාළ කණ්ඩායම විසින් සමාගමට එරෙහිව වැරදි තොරතුරු සමාජගත කර ඇති බව පෙන්වා දෙන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේශන් සමාගම, මෙවර ද තම ආයතනික නාමය ඔවුන්ගේ නම සමඟ ඈඳා ගනිමින් සිදුකරන මෙම ද්වේශ සහගත ක්‍රියාකලාපය දැඩි සේ ප්‍රතික්ෂේප කර සිටියි.

 

නීත්‍යානුකූල ක්‍රියාවලිය හරහා සිය ගැටලු නුදුරේදීම විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බව පවසන සමාගම, "මෙවැනි අශුද්ධ සංවිධානවල අසත්‍ය ප්‍රචාරයන්ට හෝ පෙළඹවීම්වලට හසු නොවන ලෙස අප ගොවි ප්‍රජාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු," යනුවෙන් වැඩිදුරටත් එම මාධ්‍ය නිවේදනය හරහා සිය ගොවි ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

 

නවතම ලිපි