සමාජයේ කොතරම් නීති රීති, චක්‍රලේඛ තිබුණත්, බලයට පත්ව සිටින්නේ කුමන දේශපාලනයක
ආණ්ඩුවක් උවත් බලය සහ ධනය ඉදිරියේ ඒ සියල්ල බිඳවැටෙන ආකාරය අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එහෙත් මෑතකදී ගම්පහ සුමේධ විද්‍යාලයෙන් වාර්තා වූ මෙම ඛේදනීය සිදුවීම හුදු නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව, මනුෂ්‍යත්වයේ පතුලටම සිදුකළ නිග්‍රහයකි. මේ කතාව විශේෂ අවශ්‍යතා (ADHD) සහිත 6 හැවිරිදි කුඩා දරුවෙකුට, එම පාසලේ පන්තිභාර ගුරුවරිය සහ පාලනාධිකාරිය විසින් එල්ල කළ අමානුෂික ළමා හිංසනය සහ ශාරීරික දඬුවම් පිළිබඳවයි.
සිය මව හරහා අපගේ නිරීක්ෂණයට ලක්වූ දරුවාගේ වෛද්‍ය වාර්තා සහ එම කුඩා මනසට සිදුව ඇති දැඩි පීඩනය මනාව නිරූපණය වන ඔහුගේ සිතුවම් (Distress Drawings) අතිශය කම්පන සහගතය. දරුවාගේ මව පවසන ආකාරයට මේ සාහසික අපරාධය සිදු කිරීමෙන් නොනැවතුණු පාසල් පාලනාධිකාරිය, කිසිදු නීතිමය පදනමකින් තොරව එම අහිංසක දරුවාව පාසලෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කිරීමට තරම් අමානුෂික වී ඇත.
මෙවැනි සාහසික තීරණ පිටුපස සිටින්නේ කවුරුන්ද?
අර්ධ රාජ්‍ය පාසැලක් වන ගම්පහ සුමේද විද්‍යාලය පාලනය වන්නේ නවලෝක නිර්මාතෘවරයාගේ බෑණා වන වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ ඇතුළු වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පිරිසකිනි.


සමාජය දකින්නේ වෛද්‍යවරයෙකු යනු රෝගීන්ට සුවය ගෙන දෙන, මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් උත්තම වෘත්තියක නියැලෙන්නන් බවය.
අධ්‍යාපනය ව්‍යාපාරයක් කරගත් අය සිතා සිටින්නේ තමන්ට නීතියටත් වඩා ඉහළින් කටයුතු කළ හැකි බවද?
මෙම මව විසින් හෙළිකරන කරුණ සත්‍යනම් මෙම අමානුෂික ක්‍රියාව මගින් ඔවුන් සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශයේ 12/2016 චක්‍රලේඛය මෙන්ම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 308A වගන්තිය දැඩි ලෙස උල්ලංඝනය කර ඇත. මේ වන විටත් දරුවාගේ පවුලේ අය විසින් මෙම බරපතල ළමා හිංසනයට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA), ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආයතන වෙත නිල පැමිණිලි ගොනු කර අවසන්ය.
නමුත් මෙහිදී අප සෘජුවම ප්‍රශ්න කරන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් (NCPA) සහ පරිවාස දෙපාර්තමේන්තුවෙනි.
මේ සාහසික අපරාධය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබියදීත් ඔබ ආයතන මෙතෙක් ගෙන ඇති පියවර කුමක්ද?
ළමා හිංසනයට ලක්වූ විශේෂ අවශ්‍යතා සහිත 6 හැවිරිදි දරුවෙකු වෙනුවෙන් ඔබගේ මැදිහත්වීමේ ප්‍රමාණය මෙයද?
බලවත් වෛද්‍යවරුන් සහ ධනවතුන් ඉදිරියේ NCPA හි නීතිය සහ විමර්ශන හෑල්ලුවට ලක්වී තිබේද?
දුප්පත්, අසරණ දරුවෙකුට අසාධාරණයක් වූ විට මාධ්‍ය ඉදිරියට පැමිණෙන බලධාරීන්, සුමේධ විද්‍යාලයේ පාලනාධිකාරිය ඉදිරියේ මුනිවත රකින්නේ ඔවුන්ගේ බලයට සහ මුදලට බියෙන්ද?
අදාළ ගුරුවරියට සහ පාලනාධිකාරියට එරෙහිව මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණ මොනවාදැයි රටට හෙළි කළ යුතුය.
මුදල, කුලය හෝ සමාජ තරාතිරම කුමක් වුවත්, දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය සහ මානසික නිදහස උදුරා ගැනීමට කිසිවෙකුට අයිතියක් නැත. මේ 6 හැවිරිදි කුඩා දරුවාට යුක්තිය ඉටු විය යුතුය. අදාළ බලධාරීන් විසින් මෙම සිදුවීම පිළිබඳ කඩිනමින් සොයා බලා ඊට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

