SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක

මේ වන විට ‘ෆිල්ගැස්ට්‍රින්’ (Filgrastim) එන්නතේ දැඩි හිඟයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් පිළිකා රෝගීන් සඳහා ලබාදෙන කිමෝ තෙරපි ප්‍රතිකාර තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

 

 

 

මොකක්ද මේ Filgrastim එන්නත?

කිමෝ තෙරපි ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට මෙම එන්නත අතිශය වැදගත් වේ. කිමෝ තෙරපි ඖෂධ හේතුවෙන් රෝගීන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණයට අත්‍යවශ්‍ය වන සුදු රුධිරාණු (විශේෂයෙන්ම ආසාදනවලට එරෙහිව සටන් කරන නියුට්‍රොෆිල් - Neutrophils) ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවේ. ෆිල්ගැස්ට්‍රින් එන්නත මගින් රෝගියාගේ ඇටමිදුළු උත්තේජනය කර, සුදු රුධිරාණු නිෂ්පාදනය වේගවත් කරයි. එමගින් රෝගියාට වැලඳිය හැකි මාරාන්තික ආසාදන තත්ත්වයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන බැවින්, මෙම එන්නත නොමැතිව කිමෝ තෙරපි ලබාදීම රෝගියාගේ ජීවිතයට දැඩි අවදානමක් ගෙන දෙන්නකි.

 

මෑතකදී මෙම එන්නත් මාත්‍රා 160,000ක් අඩංගු තොගයක් මෙරටට ගෙන්වා තිබුණි. එහි ප්‍රධාන බහාලුම්වල අදාළ ලේබල් අලවා තිබුණද, එන්නත් අඩංගු සිරින්ජරවල නිසි පරිදි ලේබල් කර නොතිබීම හේතුවෙන් එම තොගය රෝහල් වෙත නිකුත් නොකිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇත.

 

මෙම තත්ත්වය මත රජයේ රෝහල්වල පමණක් නොව පුද්ගලික අංශයේ ද අදාළ එන්නත මේ වන විට මුළුමනින්ම අවසන් වී තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී ද මෙම එන්නත් අර්බුදය පිළිබඳව කරුණු අනාවරණය කළේය. එන්නත් සැපයීමට සුදුසුකම් ලැබූ සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇත්තේ, නව එන්නත් තොගයක් මිලදී ගෙන මෙරටට ගෙන ඒම සඳහා තවත් සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

 

කෙසේ වෙතත්, මෙම බරපතළ තත්ත්වය සමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර පසුගිය සිකුරාදා (28 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලබන සතිය ඇතුළත ගුවන් මගින් ෆිල්ගැස්ට්‍රින් එන්නත් මාත්‍රා 15,000ක් හදිසි අවශ්‍යතාවයක් ලෙස මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇති බව අනාවරණය වේ.

 

 

නවතම ලිපි