කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව
132 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය නවතම වාර්තා පෙන්වා දෙයි. මේ වන විට තවත් පුද්ගලයන් 620 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 2,000 කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවට වාර්තා වේ.
රිච්ටර් මාපක 7.4 ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූකම්පනය, අගෝස්තු 10 වන දින කොලොම්බියාවේ චොකෝ (Chocó) පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් (San José del Palmar) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් හටගෙන ඇත.
වැඩිම හානියක් වාර්තා වී ඇත්තේ පේරෙයිරා (Pereira) නගරයෙන් වන අතර, එහි පමණක් මරණ 40 ක් සහ ගොඩනැගිලි 65 ක් කඩා වැටී ඇති බව තහවුරු වී තිබේ. සහන කටයුතු පහසු කිරීම සඳහා පේරෙයිරා නගරයේ ඇතැම් ප්‍රදේශවලට ඇඳිරිනීතිය ද පනවා ඇත.

එමෙන්ම කොලොම්බියාවේ තෙවන විශාලතම නගරය වන කාලි (Cali) නගරයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එහි ගොඩනැගිලි 32 ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. කඩා වැටුණු ගොඩනැගිලි අතර රෝහලක ළමා සහ ළදරු ඒකකයක් ද වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මැනිසාලෙස් (Manizales) නගරයේ ප්‍රධාන දේවස්ථානයක කුලුනක් ද කඩා වැටී ඇත.
මෙම ව්‍යසනකාරී තත්ත්වයත් සමග කොලොම්බියානු ජනාධිපති අබෙලාඩෝ ඩි ලා එස්ප්‍රියෙලා (Abelardo de la Espriella) විසින් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. සුන්බුන් අතර සිරවී සිටින ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා රජයේ සම්පූර්ණ දායකත්වය ලබා දී ඇත.

ආරක්ෂක පියවරක් ලෙස පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම ප්‍රබල භූකම්පනයේ කම්පන තත්ත්වය අසල්වැසි වෙනිසියුලාව, ඉක්වදෝරය සහ පැනමාව යන රටවලට ද දැනී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

