SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඔන්න ඊයේ පෙරෙයිදා දවසක ICCයේ ලොක්කා වෙලා ඉන්න අපේ අල්ලපු රටේ ජේ ශා ලංකාවට ආවා කියලා දැන් හැමෝම දන්නවනේ. ඉතින්

මෙයා එන්න පැය කීපයක් තියා හිටන් මාලිමා හිතැත්තෝ ලංකාවේ ක්‍රිකට් සුරපුරයක් කරන්න මේ ආණ්ඩුවට ඇහැක් වුණා වගේ මාර ගායනාවක් තමයි සෝෂල් මීඩියාවල පත්තු කළේ. හරියටම ජේ ශාව අපේ ජනපති අනුර සහෝදරයා විසින් නැමුවා වගේ සීන් එකක් තමයි හුඟක් පෝස්ට්වල කලඑළි වුණේ.

 

 

බලන් යද්දී මේ එරාන් උන්නැහේව සභාපති කරලා අතුරු කමිටුවක් හදපු දවසේ හිටන් මේ දක්වාම ICCය ලංකාවේ ක්‍රිකට් ආයතනයට කිසිදු මුදලක් දීලා නෑලු. ජේ ශා උන්නැහේ ජනාධිපති සහෝදරයා මුණගැහිලා කියලා තියෙන්නෙත් ඉක්මනින්ම නිලවරණයක් පවත්වලා, ඡන්දයෙන් පත්වෙන කමිටුවකට බලය දෙන්නයැ, ඉන් පස්සේ සල්ලි දෙන්නම්ය කියලාලුය.

 

දැන් ඉතින් ක්‍රිකට් ආයතනය 'කොස්ට් කටින්' (Cost cutting) වැඩපිළිවෙලක් ගෙනිච්චට දැන් ඒක කරන්නත් බැරිලු. අම්මපා ඒකටත් මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න වෙන තැනටම සෙට් කරානම් ඒකත් මරුය. මොකද "ක්‍රිකට් අපිට - අපිට ක්‍රිකට්" වගේ සෝන්ග් එකක් රැප් කරගෙන ඉන්න ඇහැකි එහෙම වුණොත්ය.

 

 

රියල් ගොසිප් එක: ප්‍රමෝද්‍යව ගේන්න ව්‍යවස්ථා සූදුවක්?

pramodya.jpeg

කතාවෙන් කතාව අද කියන්න හිටිය රියල් ගොසිප් එක තව ටිකෙන් මගහැරෙනවාය.

ඔන්න දැන් මේ කට්ටියගේ ප්ලෑන් එක ක්‍රිකට් බෝඩ් සභාපති විදිහට ප්‍රමෝද්‍යව පත්කරන්නලුය. අපරාදේ එරාන් උන්නැහේව පාවිච්චි කරලා තියෙන්නේ ට්‍රයල් (Trial) එකකටලුය. උන්දැට මාර සීන්කෝන් එක තමයි ඉතින්. හිටපු සජබ පක්ෂයේ සාමාජිකත්වයත් නැතිවෙලා, ලැබිච්ච ක්‍රිකට් බෝඩ් එකකුත් නැතිවෙන පොටක් වෙයිද?

 

ඒ මොක වුණත් දැන් දැන් මේ කට්ටියගේ අදහස ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා හදන්නලුය. එහෙම කරන්නේ බෝඩ් එකට පත්වෙන සභාපති අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පෞරුෂයක් (International Cricket Figure) වෙන්න ඕනෑය කියලා අනිවාර්ය පොයින්ට් එකක් දාන්නලුය. ඒකේ අරමුණ වෙන්නේ ප්‍රමෝද්‍යව මෙදා සැරේ ක්‍රිකට් බෝඩ් චෙයාමන් කිරීමලු. ඇයි මේ ප්‍රමෝද්‍යගේ නමම කියලා හෙව්වමලු වැඩේ පත්තු වුණේ. දැනට මාලිමාවේ ඡන්ද ව්‍යාපාරයේම හිටපු, ස්ටේජ් නැඟලා කතාකරපු එකම ජාත්‍යන්තර ක්‍රිකට් ගහපු ක්‍රීඩකයා ප්‍රමෝද්‍ය විතරයිලු. ඉතින් එයාට සැලකීම අහන්නත් දෙයක්යැ.

 

ඒ මොක වුණත් කවුරු පත්කළත් කමක් නෑ අපේ රටේ බදු මුදලින් පඩි නොගෙවා රටට ඩොලර් ගේන්න වැඩ කරනවානම් කියලයි ඔන්න දැන් මේ පත්කිරීම් ගැන විචිකිච්ඡාවක් තියෙන සමහර හිතවාදීන් නම් කියන්නේ. ඒකත් ඇත්තය.

 

 

ටාජ් සමුද්‍රා හෝටලයේ රහස්‍ය මෙහෙයුම

je_sha_shammi.jpeg

 

ඒ මොක වුණත් ජේ ශා ලංකාවට ඇවිත් අපේ ජනාධිපති සහෝදරයා මුණගැහිලා ආයෙත් ලංකාවෙන් යන්න කලින් තිබුණලුනේ තවත් පුද්ගලික හමුවක්. ඔන්න ඒකේ පින්තූරය තමයි අපි ඔය උඩ දාලා තියෙන්නේ.

 

මෙන්න මේ කියන නිල මට්ටමේ හමුවීම්, සාකච්ඡා සේරම අහවර වුණාට පස්සේ, කාටත් හොරෙන් වගේ තවත් සුපිරි රහස් හමුවක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිද්ධ වෙලා තියෙනවාලු. වෙන කවුරුත් එක්ක නෙවෙයි, අපේ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා උන්නැහේ එක්කයි මේ රහස් සාකච්ඡාව පවත්වලා තියෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ මෙතනට අපේ ක්‍රිකට් ලෙජන්ඩ් එකක් වෙන මුත්තයියා මුරලිදරනුත් සෙට් වෙලා හිටපු එකයි.

 

muttiah.jpeg

 

මේ හමුව සිද්ධ වෙලා තියෙන්නේ ජේ ශා උන්නැහේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාව මුණගැහිලා, ක්‍රිකට් පරිපාලනය තාවකාලිකව බලාගන්න දාපු "පරිවර්තන කමිටුවේ" සාමාජිකයන්වත් හම්බුණාට පස්සේ වීම තමයි විශේෂය. මේ ගමනේදී ජේ ශා ඒ කමිටුවේ සාමාජිකයන්වත් මුණගැහිලා ඉදිරි වැඩපිළිවෙලවල් ගැන කතාබහ කරලා තිබුණා.

 

හැබැයි ඉතින් මේ ශම්මි - ජේ ශා රහස් කතාබහේදී ඇතුළාන්තයෙන්ම මොනවා කතා වුණාද කියන එක නම් තාම නිල වශයෙන් එළියට දාලා නෑ. හැදෙන පරිවර්තන කමිටු, වෙනස් වෙන්න යන ක්‍රිකට් ව්‍යවස්ථා අස්සේ, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තීරණාත්මක සංක්‍රාන්ති සමයකට ඇතුළු වෙලා තියෙන මෙන්න මේ වගේ වෙලාවක, මේ දෙන්නා මෙහෙම මුල්ලකට වෙලා රහස් කොටන එකේ වෙලාව (Timing) ගැන නම් ක්ෂේත්‍රයේ හුඟක් දෙනෙක් ඇහිබැම උඩ තියාගෙන තමයි බලන් ඉන්නේ.

 

කොහොම වුණත් තිරය පිටුපස සෑහෙන්න දේවල් සිද්ධ වෙන පාටයි. ක්‍රිකට් අනාගතය ඉස්සරහට මොන වගේ පෙරළියක් ගනියිද කියලා අපිත් කුතුහලයෙන් තමයි බලාගෙන ඉන්නේ!

 

 

#Gossip

නවතම ලිපි