SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ

විභාග වන නඩු කටයුතු දෙස බලන විට පෙනී යන්නේ, එය හුදෙක් සාධාරණ නඩු විභාගයකින් එහා ගිය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ පරිපාලනමය බිඳවැටීමත්, අපරාධ විමර්ශන ක්‍රියාවලියේ පවතින බරපතළ තාක්ෂණික හිඩැස්වල ස්වභාවයත් මැනවින් නිරූපණය කරන කැඩපතක් බවයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් ජාවාස් අබ්දුල් කාදර් සාක්ෂි කූඩුවට නැගී කළ ප්‍රකාශ සහ විත්තියේ නීතිඥවරුන් සිදුකළ තියුණු හරස් ප්‍රශ්න කිරීම් හමුවේ, පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවල විශ්වාසනීයත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථ රැසක් මතු විය.

 

 

තාක්ෂණික වාර්තාවල ඇතුලාන්තය: ස්වයංක්‍රීය දත්තද? අතින් ලියූ ලේඛනද?

 

පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළ 'පැ 293' සහ 'පැ 294' යන ප්‍රධාන ලේඛන සකස් කිරීමේදී පවතින නීතිමය ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කර ඇති ආකාරය 6 වන චූදිතගේ නීතිඥ නුවන් ජයවර්ධන සහ විනිසුරු මඬුල්ල සාක්ෂිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය. එහිදී අනාවරණය වූයේ පරිගණක පද්ධතියෙන් ස්වයංක්‍රීයව වාර්තා ලබාගන්නවා වෙනුවට ඇතැම් දත්ත මිනිස් ශ්‍රමයෙන් අතින් යතුරුලියනය (Manual type) කර ඇති බවයි.

 

නීතිඥ නුවන් ජයවර්ධන:

"පැ 293 ලේඛනය කුමකට ඉදිරිපත් කරනවද කියලා ශීර්ෂයක්වත් නැහැ.

" සාක්ෂිකරු:

"නැහැ."

නීතිඥ නුවන් ජයවර්ධන:

"පැ 294 ලේඛනයත් ඔබ හැදුවේ. එයත් කුමකටද කියා නැහැ. හැදූ අන්දම හෝ එය වෙනත් නිලධාරියෙක් විසින් පරීක්ෂා කරලා අනුමත කරලත් නැහැ."

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ:

"හැදුවේ කොහොමද?"

සාක්ෂිකරු:

"රිපෝට් මොඩියුලයෙන් හැදුවේ. ප්‍රොන්ටෝ එකෙන් රිපෝට් එකක් ජෙනරේට් කළ හැකියි."

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ:

"ප්‍රොන්ටෝ එකෙන් දින බලන් තමන් එක්සෙල් හෝ වර්ඩ් ලේඛනයකට දත්ත ඇතුල් කළාද?"

සාක්ෂිකරු:

"සිස්ටම් එකෙන් ජෙනරේට් කරලා හැදුවේ. 293 ලේඛණය 1,2,3,4,5 කොළම් බලාගෙන ටයිප් කරපුවා මැනුවල් හදපුු එකක්. 294 ලේඛනය සංකීර්ණයි. එය කොපි එකක් දීලා ජෙනරේට් කරගත් ලියවිල්ලක්."

නීතිඥ නුවන් ජයවර්ධන:

"පැ 293 හි SR නොමැති තීරුවලට දත්ත ඇතුල් කරන්නේ කවුද?"

සාක්ෂිකරු:

"වෙනත් නිලධාරියෙක්."

 

මෙම සංවාදයෙන් පැහැදිලි වන්නේ නඩුවකට අතිශය තීරණාත්මක වන ලේඛනයක විශ්වාසනීයත්වය සහ එහි නිරවද්‍යතාව සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි. වෙනත් අයෙකු විසින් ඇතුළත් කළ දත්ත මත පදනම්ව සැකසූ ලේඛනයක්, ප්‍රධාන සාක්ෂිකරු ලවා ඔප්පු කිරීමට යාම නීතිමය වශයෙන් පරස්පර භාවිතයකි.

 

Finance Ministry refutes media reports on human immunoglobulin procurement

සීඅයිඩී (CID) විමර්ශනවල හිඩැස්: විගණන වාර්තා මඟහැරීම

 

ඕනෑම පරිගණක දත්ත පද්ධතියක දත්ත වෙනස් කළේද, නැතහොත් අලුතින් ඇතුළත් කළේද යන්න සොයා ගත හැකි එකම විද්‍යාත්මක ක්‍රමය 'Activity Log' හෙවත් විගණන වාර්තාවයි (Audit Log). අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි බරපතළ නඩුවකදී එම මූලික විමර්ශන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇති බව සාක්ෂිකරු පිළිගත්තේය.

 

නීතිඥ නුවන් ජයවර්ධන:

"අධිකරණයට කියන්න activity log කියන්නේ මොකක්ද කියා."

සාක්ෂිකරු:

"Andit log එකක්. සිස්ටම් හරහා වැඩක් කලොත් දත්ත ඇතුළත් කළ, වෙනස් කළ හෝ ඩිලීට් කළ ඒවා විගණන වාර්තාවක් ලෙස බලාගත හැකි එකක්."

නීතිඥ නුවන් ජයවර්ධන:

"මේ දත්ත වල නිර්වධ්‍යතාව activity log එකෙන් බලා ගත හැකිද?"

සාක්ෂිකරු:

"ඔව්."

නීතිඥ නුවන් ජයවර්ධන:

"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොයි අවස්ථාවකවත් activity log එක ඉල්ලුවද?"

සාක්ෂිකරු:

"නැහැ ස්වාමීනි."

 

නඩුවේ වටිනාම විද්‍යාත්මක සාක්ෂියක් මඟහැර, සීඅයිඩීය විසින් තමන්ට අවශ්‍ය පරිදි සකස් කළ ප්‍රශ්නාවලියක් මත පමණක් පදනම්ව වාර්තා කැඳවීම තුළින් විමර්ශනවල පවතින දුර්වල ස්වභාවය විදහා දක්වයි.

 

 

9 including Keheliya remanded again – Sri Lanka Mirror – Right to Know.  Power to Change

 

රාජ්‍ය සේවයේ වගකීම් විරහිතභාවය: වසර 5ක පොරොත්තු ඇණවුම්!

 

රටේ ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන සෞඛ්‍ය බලධාරීන්, ඖෂධ ඇණවුම් කර වසර ගණනාවක් යනතුරුත් ඒවා රටට ලැබී තිබේද නැද්ද යන්න පිළිබඳව කිසිදු පසු විපරමක් කර නොමැති බව, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම ගේ මෙහෙයවීම සහ විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න හමුවේ මැනවින් තහවුරු විය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:

"5 තීරයට අවධානය යොමු කරන්න. ඔබ පොරොත්තු ඇනවුම් ගත්ත අන්දම නැහැ. පොරොත්තු ඇනවුම් විතරද ඇතුල් කළේ?"

සාක්ෂිකරු:

"2018, 2019, 2020, 2021 උපරිම අවුරුදු 5ක ගත්තා ස්වාමීනී."

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලුවේ කොහොමද?"

සාක්ෂිකරු:

"අවුරුදු 5 ක් පමණ පෙන්ඩින් තිබිලත් මිලදී නොගත් ඒවා ඉවත් කරා."

 

 

අත්‍යවශ්‍ය ඖෂධ වසර පහක් තිස්සේ නොලැබී තිබියදීත්, ඒවා පද්ධතියෙන් ඉවත් කිරීම හැර වෙනත් පියවරක් නොගැනීමෙන් පෙනෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ පරම වගකීම් විරහිතභාවයයි. සිව්වන විත්තිකරුගේ නීතිඥ අශෝක සේරසිංහ කළ හරස් ප්‍රශ්න කිරීම්වලදී මෙම තත්ත්වය තවදුරටත් තහවුරු විය.

 

 

නීතිඥ අශෝක සේරසිංහ:

"2020 දරන ඇණවුමේ 2023 වසර සැප්තැම්බර් වෙද්දි 44050 ලැබෙන්න ඕන. ඒක ලැබිලත් නෑ."

සාක්ෂිකරු:

"ඔව් ස්වාමීනි."

නීතිඥ අශෝක සේරසිංහ:

"2V 28 හි E අකුර යොදා ඇත්තේ හදිසි ඇණවුමක් (Emergency Order) නිසාද?"

සාක්ෂිකරු:

"ඔව් ඒ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්."

නීතිඥ අශෝක සේරසිංහ:

"හදිසි ඇනවුමක් වුණත් 2023 වෙද්දිත් ඒ ඇණවුම ඇවිත් නෑ."

සාක්ෂිකරු:

"ඔව්."

 

 

'හදිසි ඇණවුම්' ලෙස නම් කර වසර තුන හතරක් ගතවනතුරුත් ජීවිතාරක්ෂක ඖෂධ රටට නොපැමිණීම රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින බරපතළම අවුලයි. මෙවැනි පසුබිමක, පද්ධතිය භාරව සිටින ප්‍රධාන තාක්ෂණික නිලධාරියා පවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ නූගත් අයෙකු වීම තවත් ඛේදවාචකයකි.

 

නීතිඥ අශෝක සේරසිංහ:

"ඔබ ප්‍රසම්පාදනය (Procurement) ගැන දන්නවාද? ඔබ නීති රෙගුලාසි ගැන දන්නවාද?"

සාක්ෂිකරු:

"නැත ස්වාමීනී."

නීතිඥ අශෝක සේරසිංහ:

"ඔබ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වත් කියා නැහැනේ."

සාක්ෂිකරු:

"ඔව්."

 

ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දිගහැරෙන මෙම නඩු විභාගයෙන් පැහැදිලි වන ප්‍රධාන කරුණු දෙකකි.

පළමුවැන්න, රටේ ජාතික ඖෂධ අවශ්‍යතාව සහ සැපයුම කළමනාකරණය කරන රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම අඩපණ වී, වගකීම් විරහිත නිලධාරීන් මත යැපෙමින් පවතින බවයි.

දෙවැන්න, මෙවැනි මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ විමර්ශනය කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි තාක්ෂණික ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන්, පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන සාක්ෂි නීතිය හමුවේ සබන් බෝල මෙන් සේදී යාමේ අවදානමක් මතුව තිබීමයි.

 

 

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වා රෝගී ජීවිත අනතුරේ හෙලූ සැබෑ වැරදිකරුවන්ට දඬුවම් දීමට නම්, පැමිණිල්ල මීට වඩා වගකීමකින් සහ විද්‍යාත්මක පදනමකින් යුතුව සාක්ෂි මෙහෙයවිය යුතු බව මෙම නඩු වාරයේදී මතු වූ තර්ක විතර්කවලින් මැනවින් සනාථ වේ.

 

 

 

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විත්තිකරුවන් 12 දෙනෙකුට විරුද්ධව විභාග වන නඩුව ඊයේ (26) පෙරවරුවේ, ආරම්භ වූ අවස්ථාවේ 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක රෝහල්ගත කොට ඇතැයි අධිකරණයට දැන්වීමෙන් පසු එහි කටයුතු තාවකාලිකව නතර කොට ඒ පිළිබඳව සලකා බැලීමෙන් පසු පෙරවරු 11 ට ආරම්භ විය.

මෙම නඩුවේ 9 වන විත්තිකරු වන බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත් (ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන අංශයේ වෛද්‍ය නිලධාරී) වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතා පෙනහළු ආබාධයක් හේතුවෙන් මේ වන විට ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබන බව තමන් වෙත දන්වා ඇතැයි නීතිඥ අමිත ආරියරත්න නඩු විභාගය ආරම්භයේදීම අධිකරණයට දැන්වීය.

කෙසේ වෙතත් සේවා දායක නොමැතිව නඩුව විභාග වන බැවින්ද, නඩුවට පෙනී සිටින ලෙස සේවා දායකගේ උපදෙස් ලැබී නැති බැවින්ද, 9 වන විත්තිකරුට බලපාන ප්‍රශ්නයක් ඇසුවහොත් විරෝධතා දැක්විය නොහැකි බැවින් ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බවත් තොරතුරු පමණක් දැනුම් දෙන බවත් නීතිඥ අමිත ආරියරත්න මහතා දන්වා සිටියේය.

ඒ අනුව 9වන චූදිත අපරාධ නඩු විභාග සංග්‍රහයේ 450, 241 වගන්ති අනුව නඩුව විභාගයට ගන්නා බැවින්ද, 9 වන චූදිතට වරෙන්තු නිකුත් කොට ඇති අතර නීතිඥ රහුල් ජයතිලක මහතා 9 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින බැවින්ද ඔහු අද දින රෝහල් ගත කොට ඇතැයි සඳහන් වන නමුත් වෙනත් නීතිඥ නියෝජනයක් නැති බැවින් හා කනිෂ්ඨ නීතිඥවරයෙකු පත් කර නැති බැවින්ද අධිකරණය නඩුව පවත්වාගෙන යන බවත් ඊට බාධාවක් නැති බවත් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

නීතිඥ මහතා පෙනී සිටීම නවතා ඇතැයි කරුණු හෙළි වී නැති බැවින් හරස් ප්‍රශ්න අසන අවස්ථාවේදී කරුණු සලකා බැලිය හැකි බවද එහිදී විනිසුරුවරයා සඳහන් කර තැබීය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම මත දෙවැනි දිනටත් සාක්ෂි දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් ජාවාස් අබ්දුල් කාදර් මෙසේද ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පැ 293 ලේඛනයේ 1 සිට 12 දක්වා තොරතුරු වලට අදාලව ඖෂධ තොගයක් ජාතික තලයේ තොගවල දක්වා තිබෙනවා. මේ ලේඛනය හැදුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලූ නිසා බව කියැවුන ගැනුම් මැනුම් වලට අදාලව මේ තිබෙන අයිතමයන් සම්බන්ධයෙන් කියා සිටියා. 9 වන තීරුවේ ඇති ප්‍රමාණය ගත්තේ කුමකට අදාළවද ?

සාක්ෂිකරු ; පද්ධතිය පරීක්ෂා කරද්දී පැ 172 ට අදාල ගැනුම් මැනුම් නිකුත් කර තිබෙනවා. ඕඩරය නිදහස් කර තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පැ 293 ලේඛනයේ ඖෂධ සංස්ථා ඇනවුම් ලැයිස්තුවේ ඖෂධ 182 ක් දක්වා තිබුණා. ඔබ ඒවා පරීක්ෂා කළාද ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඒවා සොයා ගත්තාද ?

සාක්ෂිකරු ; නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ලේඛනයේ 9 තීරුවේ ඇති Award quantity සොයා ගත්තේ 8 තීරුවේ තිබෙන ප්‍රමාණ අනුවද ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 293 ලැයිස්තුවේ පිටු අංක 29 ට අදාලව 170 අයිතමයට අවධානය යොමු කරන්න. එහි ඖෂධ සංස්ථා ඕඩර්යක් හමුවී තිබෙනවද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ අයිතමයට අදාළව වෛද්‍ය සැපයුම්. ඒකකයේ ඕඩරයකුත් හමුවී තිබෙනවද?

සාක්ෂිකරු; නැත ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සමහර අයිතම වලට පමණක් v ඕඩර්ස් හමුවෙලා තියෙනවා.

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 172 අංකය යටතේ ඇති අයිතමයට සංස්ථා v ඕඩරයක් තිබේද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊට වෛද්‍ය සැපයුම් ඒකකයේ ඕඩරයකුත් තිබේද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 9 තීරයේ award quantity ගත්තේ කොහොමද?

සාක්ෂිකරු ; ඕඩර් ලිස්ට් ගත්තේ කොතනින්ද යන්න මේ වෙලාවේ කිව නොහැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇනවුම් ලැයිස්තු දැකිය හැකි ඒවා මිලදී ගැනීම් ලැයිස්තු තිබේද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 293 ලේඛනයේ 2 පිටුවේ 8 අංකය යටතේ ඇති. වෛද්‍ය සැපයුම් ඇනවුම් අංකයක් හමුවී තිබේද?

සාක්ෂිකරු ; නැත

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයන්න කී නිසා මේ වාර්තා ලබාදෙද්දී ඖෂධ සංස්ථා "වී" ඇණවුම් දාපු ඒවා වෛද්‍ය සැපයුම්, අංශයේ ඇණවුම් වලට තිබුනෙ නැද්ද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 5 තීරයට අවධානය යොමු කරන්න. ඔබ පොරොත්තු ඇනවුම් ගත්ත අන්දම නැහැ. පොරොත්තු ඇනවුම් විතරද ඇතුල් කළේ?

සාක්ෂිකරු ; 2018, 2019,2020,2021 උපරිම අවුරුදු 5ක ගත්තා ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලුවේ කොහොමද?

සාක්ෂිකරු ; අවුරුදු 5 ක් පමණ පෙන්ඩින් තිබිලත් මිලදී නොගත් ඒවා ඉවත් කරා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 294 ලේඛනයේ තීරු කීයක් තිබේද?

සාක්ෂිකරු ; 33 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පළමු තීරු තුන දිනය ඖෂධ නාමය සහ එස් ආර් අංකය එහෙමද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 හි 2 පිටුවේ ඇත්තේ මොන මාසයේ දත්තද?

සාක්ෂිකරු ; 2022 ඔක්තෝම්බර් 30 සිට නොවැම්බර් 30 දක්වා ඒවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ වගේ මාස කීයක දත්ත පැ 294 ලේඛනයේ තිබේද ?

සාක්ෂිකරු ; 2022 ඔක්තෝම්බර් 30 සිට 2023 මැයි 31 දක්වා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ ජාතික තලයේ ඖෂධ තොගයක්ද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා හරස් ප්‍රශ්න අසයි.

නීතිඥ ; ලියාපදිංචි අංකයක් හෝ පුද්ගලයන්ගේ නම් පද්ධතියෙන් තෝරලා දාන්න කියා ඔබට කිව්වා. එය හඳුනා ගත්තාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඇනවුම් ලැයිස්තු නැත්නම් හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඇනවුම් ලැයිස්තුවෙන් කියන්න බැහැ පද්ධතියේ ලියාපදිංචි කරලා තිබුණොත් පුළුවන්. ඊට පසු ඇණවුමෙන් බැලිය හැකියි.

නීතිඥ ; අසාදු ලේඛන ගත කළ කෙනෙක් කියා කිව හැකිද?

සාක්ෂිකරු ; පද්ධතියෙන් බලන්න බැහැ.

සිව්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ හරස් ප්‍රශ්න ඇසීම ඇරඹීය.

නීතිඥ ; ඔබේ ආයතනයේ දත්ත පද්ධතිය ගැන දන්නවාද? මේ නඩුවේදී සඳහන් වන විශේෂ ඖෂධ දෙකක් තිබෙන බව දන්නවද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; ඔබ සේවයට ඇවිත් කොපමණ කල්ද ?

සාක්ෂිකරු ; 2016 සිට

නීතිඥ ; ඖෂධ සංස්ථාව හරහා හැරුණු විට සෘජු මිලදී ගැනීම් වන හදිසි මිලදී ගැනීම් ගැන දන්නවද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; නඩුවට සම්බන්ධ කාලය තුළ වෛද්‍ය සැපයීම් ඒකකය හා ඖෂධ සංස්ථාව හැරුණු විට ප්‍රසම්පාදන කළාද?

සාක්ෂිකරු ; දන්නේ නැහැ ස්වාමීනී.

නීතිඥ ; ඇනවුම් ලැයිස්තුව පද්ධතියෙන් ගත් එකක් කියා ඔබ කීවා. එසේ නම් රාජකාරී සඳහා යම් යම් නිලධාරීන්ට මුර පදයක් දෙනවද ?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනි

නීතිඥ ; පැ 291 ලේඛනයේ ඇනවුම් ලැයිස්තු සඳහා මුර පදය ලැබුනේ කාටද?ඒ නිශ්චිත නිලධාරී කවුද?

සාක්ෂිකරු ; තොග පාලන නිලධාරි

නීතිඥ ; මේ ලේඛන සැපයුම් අංශයේ, නිලධාරීන් හදනවද?

සාක්ෂිකරු ; එහි වෙනම අංශයක් තියෙනවා

නීතිඥ ; මිලදී ගැනීම් ඇණවූම හදද්දී, නිලධාරීන් කොහොද තොරතුරු ගත්තේ?

සාක්ෂිකරු ; සැපයුම් ඒකකයේ තොරතුරු තියෙනවා. මිලදී ගැනීමේ ඇණවුම ගනිද්දී නම හරියට තෝරන්න ඕනෑ. තෝරා ගත් ලැයිස්තුව තියෙනවා. එයින් තමයි තෝරන්නේ

නීතිඥ ; ඔබ ඕඩර් ලොග්, මිලදී ගැනීම් ඇනවුම හා GRN යන තුන දන්නවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; මිලදී ගැනීම් ඇනවුමක් නැතිව GRN එකක් නිකුත් කළ හැකිද?

සාක්ෂිකරු ; බැහැ මේ තුනම තියෙන්න ඕන

නීතිඥ ; 2019 වෙද්දි පෙන්ටො පද්ධතිය පමණයි නේද ක්‍රියාත්මක වුණේ? ඊට හියුමන් යිමියුනොග්ලොබියුලින් ඇණවුම ඇතුළත් කර තිබෙනවද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; සැපයුම්කරු ලෙස අයිසොලෙස් බයෝ ෆාමා ඇතුලත් කර තිබේද?

සාක්ෂිකරු ; ඔව්

4 වන සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.

නීතිඥ ; ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2025 අප්‍රේල් 22 දා කට උත්තරයක් ලබාදීී තිබෙනවා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි වෛද්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන නිලධාරී ලෙස ඒවා දුන්නේ.

නීතිඥ ; දත්ත පද්ධතියේ වාර්තා ඉල්ලුවම දුන්නද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඔබට පෙන්වූ පැ 293 ලේඛනය කුමක්ද?

සාක්ෂිකරු ; මෙම දත්ත පද්ධතියෙන් ලබාගත් ලේඛනයක් ස්වාමීනි.

නීතිඥ ; එය පරිගණකයෙන් ස්වයංක්‍රීයව හැදුනද? නැත්නම් ඔබ ඒවා ඇතුල් කළාද?

සාක්ෂිකරු ; ටයිප් කරලා දැම්මා

නීතිඥ ; කොහෙන්ද ගත්තේ?

සාක්ෂිකරු ; ස්වාස්ථා පරිගණක පද්ධතිය බලල දැම්මේ.

නීතිඥ ; 293 ලේඛනයේ 1 සිට 182 දක්වා ඖෂධ ඇතුළත් වන අතර 70හා 72 ගැන ඔබෙන් ඇහුවා. ඔබ කිව්වා පරිගණක පද්ධතියට ගිහින් බලන්න ඕනේ කියලා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඒ කියන්නේ පද්ධතිය බැලිය හැකියි.

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නීතිඥ ; ⁣ප්‍රොන්ටෝ හා ස්වස්ථා පද්ධති වල දත්ත සුරක්ෂිතයිද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; මේ තොරතුරු ඖෂධ සංස්ථාවට බලා ගත හැකිද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලන්න පුලුවන්ද?

සාක්ෂිකරු ; බැහැ. නමුත් පර්යේෂනාගාරයට පුළුවන්.

නීතිඥ ; මොනවද බලන්න පුළුවන්?

සාක්ෂිකරු ; ගුණාත්මක භාවය බලන්න පුළුවන්

නීතිඥ ; 294 ලේඛනය තොරතුරු පද්ධතියෙන් වෙන් වෙන්ව ගත්තද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි දවස දවස කරන එකක් නිසා මාසය මුල අරන් දවසින් දවස ඇතුල් කරනවා.

නීතිඥ ; ඔබ වෛද්‍යවරයෙක් , ඖෂධ වේදියෙක් නෙවෙයි. පරිගණක පද්ධති ගැන දැනුමැති කෙනෙක් ස්ථිර ඇනවුම් කියන ඒවා හදන්නේ කවුද?

සාක්ෂිකරු ; සැපයුම් නිලධාරීන්

නීතිඥ ; ඇනවුම් ලැයිස්තු හැදුවේ කවුද?

සාක්ෂිකරු ; තොග පාලන නිලධාරි

නීතිඥ ; ස්ථිර ඇනවුමක් හදද්දි තොග පාලන නිලධාරීන්ට ඇතුල් විය හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී

නීතිඥ ; ඔබට ඉහලින් තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සහකාර අධ්‍යක්ෂ ඉන්නවා. ඔබ ඔහුගේ අධීක්ෂණය යටතේ කටයුතු කරන්නේ

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නීතිඥ ; සහකාර අධ්‍යක්ෂවරයා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නිලධාරියෙක් ද?

සාක්ෂිකරු ; ඔව්. පද්ධතිය නඩත්තු කරන්නේ ඉවිස් ආයතනයෙන්.

නීතිඥ ; ඇනවුම් ලැයිස්තු හදද්දි, ඊට යම් අංකයක් දෙනවා. ඒ අංකය ස්වයංක්‍රීයව ඇතිවන එකක්ද? නැතිනම් ඇනවුම් ලැයිස්තුව හදන පුද්ගලයා දෙන එකක්ද?

සාක්ෂිකරු ; ඔහු තමයි තීරණය කරන්නේ ස්වාමීනී

නීතිඥ ; ඔබට 291 කියා ඇනවුම් ලැයිස්තුවක් පෙන්නුවා නේද? එහි වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කරන තොග පාලන නිලධාරී හෝ තවත් ලැයිස්තුවක් පෙන්නුවා, 172 I යනුවෙන් එහි SPC යනුවෙන් සඳහන් කරන එක තීරණය කරන්නේ තොග පාලන නිලධාරී.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඔබ පැ 293 ලේඛනය බැලුවා. එහි ඖෂධ 182 ක් තිබෙනවා. එය එකම භාණ්ඩයක් හෝ ප්‍රමාණයක්ද කියන එක ගැන ඔබට අවබෝධයක් තිබෙනවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නීතිඥ ; මෙම ලේඛනයේ 7 හා 8 තීරුවලට ඔබේ අවධානය යොමු කරන්න. 7 ඖෂධ සංස්ථා ඇනවුම් ලැයිස්තුවක්. 8 හි ඇත්තේ ඊට අනුරූප ලැයිස්තුවක්. එහි අංක 1 ඉමියුනොග්ලොබියුලින් එස්.ආර් අංකයට අදාලව 1 තීරුවේ සංස්ථා ඇනවුම් ලැයිස්තු අංකය තියෙනවා.

සාක්ෂිකරු ; ඒක සිස්ටම් එකේ තියෙන එකක්.

නීතිඥ ; ඊළඟ එක රිටොප්සිමැබ්. ඒකට අදාලව 7 තීරුවේ සංස්ථා ඇනවුම් ලැයිස්තු අංකයක් ඇති අතර 8 හි වෛද්‍ය සැපයුම් අංශයේ ඇනවුම් ලැයිස්තුව තියෙනවා. මේ ලේඛනයේ ඖෂධ ගණනාවක් සංස්ථා ඇනවුම් ලැයිස්තු හා වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇනෝම් ලැයිස්තු ඇතුළත් වී තිබෙනවා. මේ ලේඛනය අනුව ඉමියුනොග්ලොබියුලීන් මාසයකට 2500 ක් අවශ්‍යයි. පොරොත්තු ඇනවුම් 5 කොළමේ පෙන්වනවා.

සාක්ෂිකරු ; ඔව් ඒක දන්නේ ඖෂධ සම්බන්ධ නිලධාරියා. ඒ බව එහි සඳහන්.

නීතිඥ ; 5 තීරුවේ, පොරොත්තු ලැයිස්තුවේ සැප්තැම්බර් 30 වෙද්දි ලැබෙන ප්‍රමාණය සඳහන්. රිටොප්සිමැබ් ඖෂධය ගත්තොත් 4465 ක් ඇනවුම් කරලා 2020 ඇනවුම් ලැයිස්තුවේ තියෙනවා.

සාක්ෂිකරු ; ඒක පරීක්ෂා කළ යුතුයි

නීතිඥ ; 2022 සැප්තැම්බර් වෙද්දිත් ඒවා වෛද්‍ය සැපයුම් ඒකකයට ඇවිත් නැහැ. ඔබ පෙර සාක්ෂි දෙමින් කියා සිටියා පොරොත්තු ලැයිස්තු ඉවත් කරන බවක්.

සාක්ෂිකරු ; අවුරුදු 5 ක් බලලයි ඉවත් කරන්නේ

නීතිඥ ;කවදාවත් ඇවිත් නැති ඇනවුම් තියනවා

සාක්ෂිකරු; අදාල නිලධාරීන්ගෙන් විමසිය යුතුයි

නීතිඥ; 12500 ඇනවුම් කරලා තිබුනා. ඒක 2020 දි විතර එකක් වෙන්න බැරිද?

සාක්ෂිකරු ; ඒක ඇනවුම් ලැයිස්තු දාන කෙනාගෙන් විමසිය යුතුයි.

නීතිඥ ; මම යෝජනා කරනවා 2020 වෙන්න පුළුවන් කියා.

සාක්ෂිකරු ; වෙන්න පුළුවන්

නීතිඥ ; 2020 දරන ඇණවුමේ 2023 වසර සැප්තැම්බර් වෙද්දි 44050 ලැබෙන්න ඕන. ඒක ලැබිලත් නෑ.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; 2V 28 හි E අකුර යොදා ඇත්තේ හදිසි ඇණවුමක් නිසාද?

සාක්ෂිකරු ; ඔව් ඒ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්

නීතිඥ; හදිසි ඇනවුමක් වුණත් 2023 වෙද්දිත් ඒ ඇණවුම ඇවිත් නෑ.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් මාස 3 ක තොග තබා ගැනීම හොඳම තත්ත්වයේ කියා පිළි අරන් තියෙන බව දන්නවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නීතිඥ ; මාසයකට 7500ක් නම් මාස තුනකට 22500යි

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; රටේ රෝහල් පද්ධතියෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ හා පිටතත් ඒකක 30000-37000 ක් පමණ තිබිය යුතු යැයි මා යෝජනා කරනවා.

සාක්ෂිකරු ; ඒක මම දන්නේ නෑ

නීතිඥ ; ලේඛනය අනුව සැප්තැම්බර් සිට 2023 මැයි දක්වා ජාතික අවශ්‍යතාව තිබිය යුතු මට්ටමට වඩා අවමවයි පැවතී තිබෙන්නේ.

සාක්ෂිකරු ; මට එයට පිළිතුරු දිය නොහැකියි.

නීතිඥ ; 2v 28 හි 7 තීරුවේ ඖෂධ සංස්ථාවෙන් හදපු ලැයිස්තු අංකයක් හා ඖෂධ සංස්ථා මිලදී ගැනුම් ඇණවුමක් තියෙනවද?

සාක්ෂිකරු ; මම දන්න පරිදි නැහැ

නීතිඥ ; 2v 28 හි රිටොක්සිමැබ් බැලුවහම සංස්ථා ඇනවුම් ලැයිස්තුවක් තිබුණද?

සාක්ෂිකරු ; දන්න විදිහට නැහැ

නීතිඥ ; මේ සියලුම ලැයිස්තු හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් කළ ඒවා බව දන්නවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; ඔබ ප්‍රසම්පාදන ගැන දන්නවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නීතිඥ ; ඔබ නීති රෙගුලාසි ගැන දන්නවද ?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නීතිඥ ; ඔබ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වත් කියා නැහැනේ.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ මේ ඖෂධ වල ප්‍රසම්පාදන ආස්ථිතිය ගැන ඇහුවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නීතිඥ ; මේ ඖෂධ 182 වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ගන්න කියලා කැබිනට් තීරණයක් තිබුණා කියලා දන්නවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; මාස තුනකට අදාළ ප්‍රසම්පාදනයට අදාළ ලැයිස්තුවක් ඇති බව දන්නවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නීතිඥ ; පැ 293 හා 294 ලේඛනවල දත්ත තොග ලැබීම හා සමපාත අනුව පෙන්වනවා. තොග ලැබීම් ඇතුළත් කරන්න ඕනද?

සාක්ෂිකරු; ඔව්

නීතිඥ ; ඒවා ඇතුළත් කරන්නේ වෛද්‍ය සැපයුම් නිලධාරීද?

සාක්ෂිකරු; ඔව්

නීතිඥ ; පරිගණක පද්ධතියට ඒ ලැයිස්තු ලබා ගන්නවද ?

සාක්ෂිකරු ;ඔව්

නීතිඥ ; රෝහල්වලටත් මේ පද්ධතියට ලොග් විය හැකිද?

සාක්ෂිකරු ; ගබඩාවේ සිට උප ගබඩාවලට යද්දි තමයි ඇතුල් කරන්නේ. නිකුත් කරද්දී ඇතුල් වෙනවා.

නීතිඥ ; කවුද ඒවා ඇතුල් කරන්නේ?

සාක්ෂිකරු ; ඖෂධවේදී ඇතුළු නිලධාරීන්. රෝහලේ තිබියදීත් ජාතික තොගයට අයත් රෝහලින් අදාළ අංශවලට නිකුත් කළ විට ජාතික තොගයෙන් අඩුවෙනවා.

නීතිඥ ; මේ පද්ධතියේ දත්ත සුරක්ෂිතද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනි

නීතිඥ ; එය සුරක්ෂිත කිරීම ඔබේ වගකීමද?

සාක්ෂිකරු ; අපිටත් ඉවිස් ආයතනයටත් ඒ වගකීම තියෙනවා.

6 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.

නීතිඥ ; ඔබ පැ 293 වාර්තාව හැදුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වුවමනාවට ද නැත්නම් අධිකරණ නියෝගයක් නිසාද?

සාක්ෂිකරු ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලුවේ.

නීතිඥ ; ඔබේ ප්‍රකාශය දෙන්න කොපමණ කලින්ද?

සාක්ෂිකරු ; මාසයකට පමණ කලින්

නීතිඥ ; ලිඛිතවද ඉල්ලුවේ?

සාක්ෂිකරු ; ඔව් (ලේඛනය පෙන්වයි)

නීතිඥ ; මේ ලිපිය ලැබුණේ කවදද?

සාක්ෂිකරු ; දිනය මතක නෑ

නීතිඥ ; ලිපියෙත් දිනයක් නෑ

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; මාළිගා කන්ද මහෙස්ත්‍රාත් නියෝග මත වාර්තාවක් ඉදිරිපත් කරන්න කිව්වද?

සාක්ෂිකරු ; නැහැ එහෙම ආවේ නැහැ

නීතිඥ ; 2025 අප්‍රේල් 22 ට මාසයකට කලින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එනවා.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඒ ලියුම ඔබටද ? වෙන කාටවත්ද?

සාක්ෂිකරු ; මට අතින් ගෙනත් දුන්නා.

නීතිඥ ; ඔබ ප්‍රොන්ටො බලලා වාර්තාවක් හැදුවේ.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; පැ 293 ලේඛනය කුමකට ඉදිරිපත් කරනවද කියලා ශීර්ෂයක්වත් නැහැ.

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; පැ 294 ලේඛනයත් ඔබ හැදුවේ. එයත් කුමකටද කියා නැහැ. හැදූ අන්දම හෝ එය වෙනත් නිලධාරියෙක් විසින් පරීක්ෂා කරලා අනුමත කරලත් නැහැ.

විනිසුරු ; හැදුවේ කොහොමද?

සාක්ෂිකරු ; රිපෝට් මොඩියුලයෙන් හැදුවේ. දවසින් දවස අයිතම සංඛ්‍යා බලලා හැදුවේ. ප්‍රොන්ටෝ එකෙන් රිපෝට් එකක් ජෙනරේට් කළ හැකියි.

විනිසුරු ; ප්‍රොන්ටෝ එකෙන් දින බලන් තමන් එක්සෙල් හෝ වර්ඩ් ලේඛනයකට දත්ත ඇතුල් කළාද?

සාක්ෂිකරු ; සිස්ටම් එකෙන් ජෙනරේට් කරලා හැදුවේ. 293 ලේඛණය 1,2,3,4,5 කොළම් බලාගෙන ටයිප් කරපුවා මැනුවල් හදපුු එකක්. 294 ලේඛනය සංකීර්ණයි. එය කොපි එකක් දීලා ජෙනරේට් කරගත් ලියවිල්ලක්.

නීතිඥ ; පැ 293 හි SR නොමැති තීරුවලට දත්ත ඇතුල් කරන්නේ කවුද?

සාක්ෂිකරු ; වෙනත් නිලධාරියෙක්

නීතිඥ ; ඊළඟ කොළමත් ඔබ නෙවෙයි

සාක්ෂිකරු ;නැහැ ස්වාමීනී

නීතිඥ ; National Availability දත්ත කවුද ඇතුල් කරන්නේ?

සාක්ෂිකරු ; දන්නේ නැහැ

නීතිඥ ; මේ දත්ත ඇතුල් කරන්න අදාල නිලධාරීන්ට පාස් වර්ඩ් තියෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; අධිකරණයට කියන්න activity log කියන්නේ මොකක්ද කියා.

සාක්ෂිකරු ; Andit log එකක්. සිස්ටම් හරහා වැඩක් කලොත් දත්ත ඇතුළත් කළ වෙනස් කළ හෝ ඩිලීට් කළ ඒවා විගණන වාර්තාවක් ලෙස බලාගත හැකි එකක්.

නීතිඥ ; මේ දත්ත වල නිර්වධ්‍යතාව activity log එකෙන් බලා ගත හැකිද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොයි අවස්ථාවකවත් activity log එක ඉල්ලුවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නීතිඥ ; ප්‍රශ්නාවලියක් ලියා ඒ දත්ත දෙන්න කිව්වා.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; වාර්තාවට පදනම් වුන ප්‍රශ්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.

නීතිඥ ; ඖෂධ තොග මට්ටම නිතර නිතර වෙනස් වෙනවද?

සාක්ෂිකරු ; අඩු වැඩිවීම බලාගත හැකියි.

නීතිඥ ; ඖෂධයක් සුදුසු නැහැ කියා ඉවත් කරනවා. ඒකත් පෙන්වනවද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ : ඖෂධයක භාවිතා කළ හැකි තොගය බලා ගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන්

7 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා හරස් ප්‍රශ්න අසයි.

නීතිඥ ; වාර්ෂික ඖෂධ අවශ්‍යතාවය ගැන අවබෝධයක් තිබේද?

සාක්ෂිකරු ; ඒක දන්නේ රෝහල

නීතිඥ ; මෙම ඖෂධ 182 ට අදාල ලැයිස්තුව හැදුවේ කවුද?

සාක්ෂිකරු ; දන්නේ නැහැ

10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න අසයි.

නීතිඥ ; ඔබ වාර්තාවට යොදාගත් දත්ත ඇතුල් කළේ කවුදැයි ඔබ දන්නවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නීතිඥ ; ලේඛනගත කරන විට පරිත්‍යාගත් ලේඛන ගත වෙනවද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; පරිත්‍යාග ලෙස ලැබිය යුතු 195 න් 195 ම ලැබිලා නැහැ.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; රිටොප්සිමැබ් ඒකක 11600න් 11600ම අවුරුද්දකදිවත් ලැබිලා නැහැ.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; 2022/09/30 වන විට එම ඖෂධය ජාතික මට්ටමින් කොයිතරම් ප්‍රමාණයක් තිබුණේද?

සාක්ෂිකරු ; 189 යි.

නීතිඥ ; ඇණවුම්කර නොලැබුණු ඒවාත් මේ පද්ධතියෙන් සොයා ගත හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී.

නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න විමසීම අරඹයි

නීතිඥ ; අවම වශයෙන් මාස තුනක ඉදිරි තොගයක් තබාගත යුතු බව ඔබ දන්නවද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඇණවුම් ලැයිස්තු හැදෙන්නේ තොග පාලන අංශයෙන්

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ස්ථිර ඇනවුම කියන්නේ format එකක්. ඒකට දත්ත ඇතුල් කළ යුතුයි. පරිගණකයට තොරතුරක් ඉදිරිපත් කරද්දී සිලෙක්ට් කරලා දාන්න ඕන. පවතින තොරතුරක් ඒ වෙලාවක මතුවෙලා එනවා.

සාක්ෂිකරු ; නැහැ

9 වැනි චූදිත වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථවේ දී 9 වැනි චූදික වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතා රෝහල්ගතව සිටින බව දන්වා තිබු බැවින් ද එම චූදිත අධිකරණය මගහරින අයෙකු බැවින් ද ඉදිරි කටයුතු කිරීම සම්බන්ධයෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය. 9 වන වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අසනීපව රෝහල් ගත කර ඇති බැවින් අධිකරණය කාරුණික වියි යුතු බවට නිගමනය කොට කාලවේලා ඇති නමුත් නීතිඥවරයා සම්බන්ධයෙන් කාරුණික වීමට මෙම අධිකරණය අද දින කටයුතු නිමාකිරීමට තිරණ්‍ය කරන අතර හෙට දිනයේ දී නැවත නඩු කටයුත්ත ආරම්භ කොට ඔහු සාක්ෂියට කැඳවීමට නියම කරමි. 9 වන චූදිත ගේ නිතිඥ පෙනී නොසිටින්නේ නම් ඒ වෙනුවෙන් නීථිඥවරයෙක් පත් කිරීමේ වගකීම 9 චූදිත සතුවන අතර ඔහු හෙට වනවිට එම වගකිම ඉටුකල යුතුය. මෙම කරුණ 9 චූදිතට දැන්විය නොහැක්කේ අධිකරණය මගහැර වරෙන්තු වී සි‌ටින බැවිනි. මේ තත්ත්වය යටතේ නීථිඥ රහුල්ට දැන්විය හැකි බව අමිත ආරියරත්න කියයි. ඒ අනුව 9 චූදිත වෙනුවෙන් නීථිඥවරයෙකු රඳවා ගැනීමේ වගකීම ඉටුනොවන්නේ නම් ඔහු නැතිව නඩුව විභාගයට ගැනීමට තීරණය වනු ඇත.

නවතම ලිපි