SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දැඩි මූල්‍ය අර්බුදයකට සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ජාතික ගුවන් සේවය වන

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආශ්‍රිතව සිදුවූ තවත් ආන්දෝලනාත්මක මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව රජය විසින් අද තහවුරු කර තිබේ.

 

 

වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක ගේ තහවුරු කිරීමක් ලෙස ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත්තේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවා සපයන්නෙකු (Service Provider) වෙත ගෙවීමට තිබූ එක්සත් අරාබි එමීර් ඩිරාම් 74,000 ක විශාල මුදලක් ගනුදෙනුවකදී සිදුවූ දෝෂයක් හේතුවෙන් වෙනත් ගිණුමකට බැර වී ඇති බවයි.

 

 

අමාත්‍යවරයා සඳහන් කරන පරිදි මෙම බරපතල මූල්‍ය දෝෂය සිදුව ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීය.

 

දැනටමත් බිලියන ගණනක පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතනයක් තුළ මෙවැනි අතිශය සංවේදී මූල්‍ය ගනුදෙනුවලදී සිදුවන 'අත්වැරදීම්' ආයතනයේ අභ්‍යන්තර මූල්‍ය පාලනය සහ විනිවිදභාවය පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරයි.

 

 

කෙසේ වෙතත්, මෙම මුදලට සැබැවින්ම සිදුවූයේ කුමක්ද සහ මෙය හුදු තාක්ෂණික හෝ මානව දෝෂයක්ද, එසේත් නොමැතිනම් කිසියම් සැලසුම් සහගත අක්‍රමිකතාවක්ද යන්න පිළිබඳව මේ වනවිටත් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍ය අරුණ කරුණාතිලක වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

 

නවතම ලිපි