ඉන්දියාවේ චන්දිගාර් හි පැවති පළමු ඉන්දීය ජාත්‍යන්තර ආරාධිත සහාය දිවීමේ තරගාවලියේදී
(1st Indian International Invitation Relay) ශ්‍රී ලංකා පිරිමි 4x400 සහාය දිවීමේ කණ්ඩායම මිනිත්තු 3:02.16ක දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙය ශ්‍රී ලංකා සහාය දිවීමේ ඉතිහාසයේ වාර්තා වූ දෙවන වේගවත්ම කාලය ලෙස සටහන් වේ.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට
මෙම දක්ෂතාවත් සමඟින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම වසරේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල (World Top List) තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. එහි ප්‍රථම ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයට හිමිව ඇති අතර, මිනිත්තු 3:01.43කින් තරගය ජයගත් ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවේ.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම:
- අරුණ දර්ශන
- කල්හාර ඉඳුප
- පසිඳු කොඩිකාර
- සදෙව් විමංස
බොට්ස්වානා බලා යන ගමන
මෙම දක්ෂතාව මත එළඹෙන මැයි 02 සහ 03 යන දිනවල බොට්ස්වානාහි පැවැත්වෙන ලෝක සහාය දිවීමේ ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් හිමිව තිබේ. මේ පිළිබඳ නිල නිවේදනය අප්‍රේල් 05 වනදායින් පසුව නිකුත් කිරීමට නියමිතය.
කාන්තා සහාය දිවීමේ කණ්ඩායමත් දෙවන තැනට
ශ්‍රී ලංකා කාන්තා 4x400 සහාය දිවීමේ කණ්ඩායම ද එහිදී දස්කම් පෑ අතර, ඔවුන් මිනිත්තු 3:36.94ක කාලයකින් තරගය නිමා කරමින් දෙවන ස්ථානය දිනා ගත්තේය. එහි ප්‍රථම ස්ථානය ඉන්දියාව (3:32.81) සතු විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම:
- නිෂේන්ද්‍රා හර්ෂණී
- ජිත්මි ශේනාරි
- සයුරි ලක්ෂිමා
- ජයේෂි උත්තරා

