SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුවත් වෙබ් අඩවියක් වන 'ශ්‍රී ලංකා මිරර්' (www.srilankamirror.com) වෙබ් අඩවිය

සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ.

 

 

එම වෙබ් අඩවියේ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අද දින එල්ල වූ මෙම ප්‍රහාරය ඔවුන්ගේ තාක්ෂණික කණ්ඩායම විසින් මේ වන විට සාර්ථකව මැඩපවත්වා ඇති බවයි.

 

 

WhatsApp Image 2026 03 22 at 14.09.51

 

 

කෙසේ වෙතත්, වෙබ් අඩවියේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ වන විට විශේෂ ආරක්ෂිත උපාය මාර්ග (Security Protocols) ක්‍රියාත්මක කරමින් පවතී. එම හේතුවෙන් පාඨකයන්ට වෙබ් අඩවියට පිවිසීමේදී යම් යම් අපහසුතා හෝ ප්‍රමාදයන් මතු විය හැකි බව එම ආයතනය දන්වා සිටියි.

 

අපගේ සහෝදර මාධ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට පිවිසීමේදී සිදුවන මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ඔවුන් සිය පාඨකයන්ගෙන් සමාව අයැද සිටින අතර, ඉතා ඉක්මනින් වෙබ් අඩවිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටියි.

 

මාධ්‍ය නිදහසට සහ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරමින් එල්ල වන මෙවැනි සයිබර් ප්‍රහාරයන් පිළිබඳව අපගේ කනගාටුව පළ කර සිටිමු.

 

slleader.lk

 

නවතම ලිපි