SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

 

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩුවක චෝදනා පත්‍ර භාරදීම සඳහා

ලබන මාර්තු 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය ඔහුට නොතීසි නිකුත් කර තිබේ.

 

 

මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ගේ නියෝගයකට අනුව අමාත්‍යවරයා වෙත මෙම නොතීසිය නිකුත් කර ඇත.

 

 

චෝදනාවල ස්වභාවය

කොන්ත්‍රාත්තුවක් ලබා ගත් පෞද්ගලික සමාගමකට අයුතු මූල්‍ය ලාභයක් ලබා ගැනීමට ඉඩ සැලසීම තුළින් රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදු කරමින් 'දූෂණය' නමැති වරද සිදු කළ බවට ජයකොඩි මහතාට මෙලෙස චෝදනා පත්‍ර ගොනු කර තිබේ. මෙම අදාළ වරද සිදු කර ඇතැයි පැවසෙන්නේ ජයකොඩි මහතා ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කළ සමයේදීය.

 

 

රෙගුලාසි උල්ලංඝනය කිරීම

පොහොර සමාගම් පරිශ්‍රයේ සංවර්ධන ව්‍යාපෘතියක් භාර ගැනීම සඳහා ගිවිසුම්ගත වන සමාගමක් පළමුව බැංකු ඇපකරයක් ලබා දිය යුතු බවට වන ප්‍රසම්පාදන රෙගුලාසි උල්ලංඝනය කරමින්, අදාළ කොන්ත්‍රාත් සමාගමට අත්තිකාරම් මුදලක් ලෙස මෙම මුදල් නිදහස් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. අත්තිකාරම් මුදලක් ලෙස මුදා හරින ලද රුපියල් මිලියන 8.8කට අධික මෙම මුදල සමස්ත කොන්ත්‍රාත්තුවේ වටිනාකමින් 20%ක් බව ද එම චෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 

නවතම ලිපි