SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන ආ ගල් අඟුරු බාල බව ආණ්ඩුවම දැන් පිළිගෙන අවසන්ය.

නමුත් ඔවුන් තවමත් පවසන්නේ "මෙහිදී වංචාවක් සිදුවී නැති" බවයි. මෙම ගල් අඟුරු සැපයූ 'Trident Chemphar Limited' සමාගමට ඒ සඳහා කිසිදු අත්දැකීමක් නොමැති බවට ටෙන්ඩරය ලබාදීමටත් පෙර මාධ්‍ය විසින් දැඩිව අනතුරු ඇඟවීම් සිදු කරන ලදී. එම සියලු කරුණු කාරණා කණකට නොගෙන, විෂය භාර අමාත්‍යවරයා විසින් අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ටම ටෙන්ඩරය ලබා දීමෙන් සිදුවී ඇත්තේ කුමක්ද?

 

 

2026 පෙබරවාරි 27 වන දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් නිකුත් කරන ලද නිල වාර්තාව මගින් මෙම "නීත්‍යානුකූල වංචාවේ" සැබෑ තරම මනාව හෙළිදරව් කර ඇත. 2025 දෙසැම්බර් සිට 2026 පෙබරවාරි දක්වා වත්මන් සැපයුම්කරු (Trident Chemphar Limited) විසින් සැපයූ ගල් අඟුරු හේතුවෙන් ලක්විජය බලාගාරයට සිදුවූ විනාශය එම වාර්තාවෙන් මෙසේ පෙළගස්වා තිබේ.

 

 

1. මහජන බදු මුදලින් වාෂ්ප වූ රුපියල් මිලියන 8,497 ක මූල්‍ය පාඩුව

 

ආණ්ඩුව වංචාවක් නැතැයි කීවද, ගල් අඟුරු පරිභෝජනය ඉහළ යාම සහ විදුලි උත්පාදනය අඩුවීම හේතුවෙන් සිදුවී ඇති සෘජු මූල්‍ය පාඩුව අති මහත්ය. වර්තමාන සැපයුම්කරුගෙන් ලැබුණු පළමු නැව් 9 සඳහා පමණක් ගණනය කර ඇති මුළු මූල්‍ය පාඩුව රුපියල් මිලියන 8,497 කි (රු. බිලියන 8.49 කි).

එක් එක් නැව් තොගය අනුව ඇස්තමේන්තුගත මූල්‍ය පාඩුව:

නැව් තොගය (Shipment No.)

ඇස්තමේන්තුගත මූල්‍ය පාඩුව (රුපියල් මිලියන)

නැව් තොගය 1

554

නැව් තොගය 2

362

නැව් තොගය 3

1,318

නැව් තොගය 4

471

නැව් තොගය 5

598

නැව් තොගය 6

1,182

නැව් තොගය 7

931

නැව් තොගය 8

1,588

නැව් තොගය 9

1,493

මුළු එකතුව

8,497

 

2. විදුලි ධාරිතාව පහත වැටීම සහ 'ගල් අඟුරු කෑම' ඉහළ යාම

 

මීට පෙර සැපයුම්කරු (Potencia L.L.C - FZ) විසින් ලබාදුන් ගල් අඟුරු භාවිතයෙන් බලාගාරයේ ඒකක 3න්ම මෙගාවොට් 300 ක උපරිම ධාරිතාවක් ලබා ගැනීමට හැකි විය. නමුත් නව සැපයුම්කරුගේ බාල ගල් අඟුරු භාවිතා කළ කාලයේදී බලාගාරයට එහි සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමට නොහැකි වී ඇත.

සාමාන්‍ය දළ උත්පාදන ධාරිතාව (MW) සංසන්දනය:

සැපයුම්කරු

ඒකක 01

ඒකක 02

ඒකක 03

සාමාන්‍ය

පෙර සැපයුම්කරු (Potencia)

300

300

300

300

වත්මන් සැපයුම්කරු (Trident)

3 වන නැව් තොගය

254

265

264

261

6 වන නැව් තොගය

263

-

273

268

8 වන නැව් තොගය

255

-

258

257

ධාරිතාවය අඩුවුණද, ගල් අඟුරු දහනය වීමේ වේගය (Average coal consumption rate) පැරණි සැපයුම්කරුට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

විශිෂ්ට ගල් අඟුරු පරිභෝජනය (Specific Coal Consumption - g/kWh):

සැපයුම්කරු

ඒකක 01

ඒකක 02

ඒකක 03

සාමාන්‍ය

පෙර සැපයුම්කරු

377

359

357

364

වත්මන් සැපයුම්කරු (සාමාන්‍යය)

404-464

391-441

387-435

391-452

 

3. වරායේදී ඉහළ කැලරි - බලාගාරයේදී පහළට

 

පටවන වරායේදී (Load port) ලබාදුන් වාර්තාවල ගල් අඟුරු වල දළ කැලරි අගය (Gross Calorific Value - GCV) 6000 කට වඩා වැඩි බව පෙන්වා තිබුණද , ලක්විජය බලාගාරයේ රසායනාගාර පරීක්ෂණ වලදී එම අගය ඉතා පහළ අගයක් ගෙන ඇත.

 

GCV අගයන් සංසන්දනය (kCal/kg):

නැව් තොගය

පටවන වරායේදී (Load Port)

ලක්විජය රසායනාගාරයේදී (LVPS Lab)

බලාගාරයේ ක්‍රියාකාරිත්වය අනුව ගණනය කළ අගය

පෙර සැපයුම්කරු

6,236

6,237

-

වත්මන් සැපයුම්කරු

3 වන නැව් තොගය

5,904

4,805

5,119

7 වන නැව් තොගය

6,175

4,887

5,409

 

4. යන්ත්‍ර සූත්‍ර අනතුරේ සහ පාරිසරික බලපෑම

 

බාල ගල් අඟුරු හේතුවෙන් බලාගාරයේ ආරක්ෂිත මෙහෙයුම් පද්ධති සහ පාරිසරික තත්ත්වයන් දැඩි අවදානමකට ලක්ව ඇත:

  • යන්ත්‍ර සූත්‍ර: නියමිත වාෂ්ප උෂ්ණත්ව සීමාවන් (Steam temperature limits) කිහිප අවස්ථාවකදීම ඉක්මවා ගොස් ඇත. උෂ්ණත්වය පාලනය කරන වෑල්ව (desuperheating valve) 100% ක් දක්වා විවෘත කර තැබීමට සිදුවී ඇති අතර, එයද ප්‍රමාණවත් නොවීම නිසා වාෂ්ප පිටකර හැරීමට (steam venting) සිදුවී ඇත. මේ හේතුවෙන් බොයිලේරු පද්ධතියේ උපකරණ අධික ලෙස ගෙවී යාමට ඉඩ ඇති බව කොමිසම පෙන්වා දෙයි.

 

  • අළු ප්‍රතිශතය: පැරණි සැපයුම්කරුගේ ගල් අඟුරු වලට සාපේක්ෂව නව සැපයුම්කරුගේ ගල් අඟුරු දහනයේදී නිකුත් වන පියාසර අළු (Fly Ash) ප්‍රමාණය 0.046 kg/kWh සිට 0.093 kg/kWh දක්වා එනම් 102% කින් වැඩි වී ඇත.

 

  • විෂ වායු විමෝචනය: CO, NO, NO2, NOx, PM සහ SO2 යන විමෝචනයන් (Emissions) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

 

විමෝචන ප්‍රතිශත ඉහළ යාම (ඒකක 3 සඳහා පෙබරවාරි 10 සහ 11 දත්ත සංසන්දනය):

පරාමිතිය (Parameter)

පෙර සැපයුම්කරු (පෙබ. 10)

වත්මන් සැපයුම්කරු (පෙබ. 11)

වැඩිවීමේ ප්‍රතිශතය

CO (mg/Nm³)

5.765

9.28

61%

NO (mg/Nm³)

161.435

289.455

79%

NO₂ (mg/Nm³)

8.645

39.365

355%

NOx (mg/Nm³)

170.165

326.755

92%

SO₂ (mg/Nm³)

3.005

16.59

452%

 

5. අඳුරට යන අප්‍රේල්, ජුනි සහ ජූලි

 

මෙම ගනුදෙනුවේ අවසාන ප්‍රතිඵලය විඳීමට සිදුවන්නේ ජනතාවටමය. වර්තමාන සැපයුම්කරුගේ නැව් පැමිණීමේ කාලසටහන සති 3 කින් පමණ ප්‍රමාද වී ඇත. බලාගාරයේ නඩත්තු කටයුතු සහ මෙම ධාරිතා අඩුවීම හේතුවෙන්, ඉදිරි අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවල රාත්‍රී කාලයේදී විදුලි ඉල්ලුම සපුරාලීමට නොහැකි වී දැඩි විදුලි හිඟයක් (කප්පාදුවක්) ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව වාර්තාව පෙන්වා දෙයි.

 

කිසිදු පළපුරුද්දක් නැති සමාගමකට, සියලු අනතුරු ඇඟවීම් නොසලකා ටෙන්ඩරය ලබා දීමෙන් අද වන විට රටට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 8,497 කි. යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතී. ඉදිරියේදී විදුලි කප්පාදුවක අවදානමක් ද මතු වී ඇත. මේ සියල්ල සිදුවී ඇත්තේ හුදෙක් 'අත්වැරදීමකින්' නොව, බලධාරීන්ගේ සවිඥානික තීරණ මතය. එබැවින් "මෙහි වංචාවක් සිදුවී නැතැයි" කීම, ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමක් මිස අන් කවරක්ද?

 

(මූලාශ්‍ර - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් නිකුත් කරන ලද නිල වාර්තාව)

 

@ සමාරා පරණවිතාන

නවතම ලිපි