විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී අද (28)
පැවැත්වෙන තරගය, ශ්රී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කටයුතු කරන අවසන් තරගය බවට පත්වනු ඇත.
මෙවර විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව තමන් ධුරයෙන් ඉවත්වන බවට ජයසූරිය තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම දැනුම් දී තිබූ අතර, ඔහු සිය තීරණය කිසිදු අයුරකින් වෙනස් කර නොමැත.
ඔහුගේ පුහුණුකාරීත්වයේ සාරාංශය:
ආරම්භය: 2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගැනීම සහ එම වසර අවසානයේදී පූර්ණ කාලීන ප්රධාන පුහුණුකරු ලෙස පත්වීම.
මුළු තරග සංඛ්යාව: 74 (සියලුම ආකෘති යටතේ)
ජයග්රහණ: 34
පරාජයන්: 38
ජය පරාජයෙන් තොර: 02

