SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලංකාවේ ගල් අඟුරු ප්‍රසම්පාදනය කියන්නේ දශක ගණනාවක සිටම 'කළු පැල්ලම්' පිරුණු මාතෘකාවක්.

නිසි වෙලාවට ටෙන්ඩර් නොකැඳවීම, හිතාමතාම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද කිරීම සහ අවසානයේදී 'හදිසි මිලදී ගැනීම්' හරහා අධික මිල ගණන් වලට ගල් අඟුරු ගෙන්වාගෙන මහජන මුදල් කෝටි ගණනින් නාස්ති කිරීම ලංකා දේශපාලනයට අලුත් දෙයක් නෙවෙයි.

 

 

මේ දිනවල යළිත් වරක් කරළියට පැමිණ තිබෙන්නේ එවැනිම ගල් අඟුරු ටෙන්ඩර් ප්‍රමාදයකට අදාළ අර්බුදයක්. හෙට (20 වෙනිදා) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් උණුසුම් විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

 

පැලවත්තේ රහස් හමුව

 

වෙනද වගේ නෙවෙයි දැන් පාලක පක්ෂය මාලිමාව. ඉතිං මාලිමාවෙ කට්ටිය මේ විවාදයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ(18) රාත්‍රියේ පැලවත්තේ පක්ෂ කාර්යාලයේ විශේෂ සහ තරමක් රහසිගත හමුවක් පවත්වා තිබෙනවාලු. කනිං කොනිං ගොසිප් කොළමට ලැබුනු ආරංචියේ හැටියට මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) පක්ෂයට සම්බන්ධ පිරිසකුත්, පාලක පක්ෂය හැටියට මාලිමාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසකුත් සහභාගී වී සිටියාලු. මෙතන ආණ්ඩු පක්ෂයේ ජනප්‍රිය කතාකාරයින් වුනු ලක්මාලි හේමචන්ද්‍රල, නජිත් ඉන්දිකලත් හිටියලු.

 

 

හෘද සාක්ෂියේ ගැටුම

 

සාකච්ඡාව කොතරම් උණුසුම් වුණාද කියනවා නම්, සුපුරුදු පරිදිම ඕනෑම සිදුවීමක දිග පළල සහ එහි තාර්කික පදනම නිවැරදිව මනින ලක්මාලි සහ නජිත් මෙහිදී තරමක් වෙනස් ස්ථාවරයකට පැමිණ තිබෙනවාලු. ඒ දෙන්නත් එක්ක තවත් කිහිප දෙනෙක්මත් හිටගත්තලු.  ඔවුන් කියල තිබුණෙ ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය හිතාමතාම ප්‍රමාද කිරීමට යම් පියවර ගෙන ඇති බවට බරපතළ සැකයක් මතු වන බවලු.

 

මේ නිසාම මෙම ගල් අඟුරු සිද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පෙනී සිටීම දැඩි අපහසු කටයුත්තක් බව ඔවුන් දෙදෙනා පක්ෂ බලධාරීන්ට සහ CEB ලොක්කන්ට විවෘතවම ප්‍රකාශ කර ඇති බවයි "පියෝ ගොසිප්" වෙත ආරංචි වුණේ.

 

හෙට කුමක් වේවිද?

 

දැන් මතු වන තීරණාත්මකම ප්‍රශ්නය මෙයයි. හෙට (20) පාර්ලිමේන්තුවේදී ගල් අඟුරු විවාදය ඇරඹුණු විට ලක්මාලිලා සහ නජිත්ලා මොනවා කරයිද? කියලා දැන් දැන් ජයකොඩිලාට වටගලලාටත් ප්‍රශ්නයක් ලුය. දන්න හැටියට නම් වටගල උන්නැහේත් මේ ගල් අඟුරු කේස් එකට යටින් විරුද්ධවලු ඉන්නෙ. ඒ ඉතිං තනියම කෑවය කියල ජයකොඩි උන්නැහේ එක්ක හිතේ තියෙන කෝන්තරේට වෙන්ටැතිය කියලයි කමකට නැති උන් නම් බුකියෙ කතාවෙන්නෙ.

 

ඒ මොනව උනත්,

  • ඊයේ රෑ සාකච්ඡාවේදී වගේම තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුව, හෘද සාක්ෂියට එකඟව දූෂිත ක්‍රියාවලියකට එරෙහිව කතා කරයිද?
  • එහෙමත් නැත්නම් අතීතයේ හිටපු අනිත් පක්ෂවල අය බලයේ ඉද්දි කළා වගේම, තමන්ගේ හිතට එකඟ නැති වුණත් "ප්‍රසම්පාදනයේ කිසිම වරදක් වෙලා නෑ", "ගල් අඟුරු ගනුදෙනුව මාරයි", "රජයට සතයකවත් පාඩුවක් නෑ" කියලා ඇස් කන් පියාගෙන පක්ෂය වෙනුවෙන් පාරම්බායිද?

 

 

දේශපාලනයේදී වේදිකාවේ කියන දේට වඩා, බලය ලැබුණම පාර්ලිමේන්තුව ඇතුළේ කරන දේ තමයි වඩාත් වැදගත්. ලක්මාලි සහ නජිත් "පැරණි දේශපාලනයේ" සිරකරුවන් වෙයිද, නැත්නම් "වෙනසක්" පෙන්වයිද යන්න දැනගන්න නම් අපිට හෙට වෙනකම්ම බලාගෙන ඉන්න වෙනවා.

 

බලමුකෝ!

 

# Gossip

නවතම ලිපි