SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක ක්‍රිකට් පිටියේ උණුසුම්ම ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම නරඹන්නට

මුළු ලෝකයම ඇඟිලි ගණිමින් සිටී. නොයෙකුත් මතභේද, තර්ජන සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා රැසකින් අනතුරුව, 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේ මෙම තීරණාත්මක තරගය එළඹෙන 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීම දැන් ස්ථිරය.

 

 

මේ ඒ පිළිබඳව ඔබ දැනගත යුතුම තොරතුරු ය.

 

 

1. ටිකට් එකක් රුපියල් ලක්ෂ 3ට කිට්ටුයි!

 

තරගය නැරඹීම සඳහා ඇති ඉල්ලුම කෙතරම්ද යත්, මාර්ගගත (Online) ටිකට් අලෙවිය ආරම්භ වූ සැණින් වෙබ් අඩවිවල විශාල තදබදයක් හටගෙන තිබේ. ප්‍රවේශ පත්‍ර මිල ගණන් ද ඇසූ සැණින් ඇස් උඩ යන මට්ටමක පවතී:

 

  • අඩුම මිල (Concrete Floor): ආර්. ප්‍රේමදාස පිටියේ 'බ්ලොක් සී' හි පහළ කොන්ක්‍රීට් කොටසේ හිඳ තරගය නැරඹීමට පමණක් රු. 34,000ක් (USD 110) වැය කළ යුතුය.
  • ප්‍රභූ ආසන (VIP): ඉහළ මහලේ ප්‍රභූ අසුනක මිල රු. 278,000ක් (USD 900) පමණ වේ.

 

එමෙන්ම තරගය නැරඹීමට විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ලංකාවට එන ගුවන් ටිකට්පත් මිල ද මේ වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත.

 

2. පාකිස්තානය කැමති කරගත් 'ලාහෝර්' ඩීල් එක

 

මුලදී මෙම තරගය වර්ජනය කරන බවට පාකිස්තානය අනතුරු අඟවා තිබුණි. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), පාකිස්තානය සහ බංග්ලාදේශය අතර ලාහෝර් නුවරදී පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසුව සියල්ල වෙනස් විය.

 

පාකිස්තානය මෙහිදී කොන්දේසි රැසක් ඉදිරිපත් කළ අතර ඒවාට ICCයේ එකඟතාව හිමිවූ බව වාර්තා වේ:

 

  • ඉන්දියාව සමඟ තරගයට සහභාගි වීම වෙනුවෙන් සහභාගිත්ව ගාස්තු වැඩි කිරීම හෝ විශේෂ දීමනාවක් ලබා දීම.
  • ඉදිරි ICC කුසලාන තරගාවලිවලදී සත්කාරක අයිතිය සුරක්ෂිත කිරීම.
  • තරගාවලියෙන් ඉවත්වූ බංග්ලාදේශයට වන්දි ගෙවීම සහ දඩ මුදල් ඉවත් කර ගැනීම.

 

3. 'මල් වට්ටියට' අත ගැසුවේ කවුද?

 

මෙම තරගය ලංකාවේ පැවැත්වීම ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් වැස්සක් ගෙන එන බව නොරහසකි. එබැවින් මෙම ජයග්‍රහණයේ "ගෞරවය" (Credit) කාට හිමි විය යුතුද යන්න ගැන දැන් කතාබහක් නිර්මාණය වී ඇත.

 

  • රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම: ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් අතර පැවති විශේෂ දුරකථන සංවාදය පාකිස්තානයේ මතය වෙනස් කිරීමට ප්‍රබල ලෙස බලපෑ බව ක්‍රික් ඉන්ෆෝ (Cric info) වෙබ් අඩවිය පෙන්වා දෙයි.
  • ක්‍රිකට් බලධාරීන්: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු කණ්ඩායම ද, ICC උප සභාපති ඉම්රාන් කවාජා ද මෙම ගැටලුව විසඳීමට විශාල කාර්යභාරයක් ඉටු කළහ.

 

කෙසේ වෙතත්, මෙය "තනිව කැඩූ මල්වලින් පිරවූ වට්ටියක්" නොවන බව පැහැදිලිය. දේශපාලන නායකයින්, ක්‍රිකට් නිලධාරීන් සහ ICCයේ මැදිහත්වීම යන සියල්ලේ එකතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුවඳවත් කිරීමට මෙම තරගය දායක වී ඇත.

 

ලෝකයාම බලා සිටින, වාණිජමය වටිනාකමින් ඉහළම මෙම මහා ක්‍රිකට් සටන, ලබන 15 වැනිදා රාත්‍රී 7.00 ට විදුලි එළි මැද ආරම්භ වීමට නියමිතය.

 

 

නවතම ලිපි