SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ "ගජමිතුරු බෙදාගැනීම" අද (05) එළියට! 

 

ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) විසින් මීට දින කිහිපයකට පෙර මාලිමා ආණ්ඩුවට දැල්වූ රතු එළිය

සත්‍යයක් බව තහවුරු කරමින්, මධ්‍යම අධිවේගී මාර්ගයේ (CEP-3) ටෙන්ඩර් විවෘත කිරීම අද (2026 පෙබරවාරි 05) සිදු විය. ප්‍රතිඵලය වී ඇත්තේ රටම භිය වූ "ටෙන්ඩර් නාටකය" එලෙසම රඟ දැක්වීමයි.

 

 

අප වෙත ලැබී ඇති නිල ටෙන්ඩර් ලේඛනවලට (Table of Bidders) අනුව, රුපියල් බිලියන 90ක මෙම ව්‍යාපෘතිය බෙදා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ අප පෙර කී "මාර්ග මාෆියාවේ" සාමාජිකයන්ම පමණක් බව දැන් තහවුරු වී හමාරය. (මෙය මාර්ග මාෆියාවක් බව කීවේ කව්රුන්දැයි රටම දනිති)

 

ගණිතය බොරු නොකියයි: 7 > 6 (පැකේජ 7ක් - සමාගම් 6ක්)

 

මෙහි ඇති බරපතලම සහ විහිලුසහගතම කරුණ වන්නේ මුළු ව්‍යාපෘතිය පැකේජ (Packages) 07 කට (2A සිට 2G දක්වා) කඩා වෙන්කර තිබුණද, ඒ සඳහා ලංසු ඉදිරිපත් කර ඇත්තේ සමාගම් (Bidders) 06ක් පමණක් වීමයි.  

 

2ඩ

 

 

සරල ගණිතයට අනුව වුවද, පැකේජ ගණනට වඩා ලංසුකරුවන් ගණන අඩු නම් (Less bidders than packages), එහි කිසිදු තරඟකාරීත්වයක් තිබිය නොහැක. ඇත්තේ "බෙදා ගැනීමක්" (Market Allocation) පමණි.  

 

ටෙන්ඩර් ලැයිස්තුවේ සැඟවුණු කතාව

 

අද එළියට ආ ටෙන්ඩර් ලේඛනය සියුම්ව පරීක්ෂා කිරීමේදී මෙම "බෙදාගැනීමේ න්‍යාය" මනාව පැහැදිලි වේ:

 

  1. MAGA, ACCESS, ICC:

මෙම ප්‍රධාන සමාගම් තුන සියලුම පැකේජ (2A-2G) සඳහා මිල ගණන් ඉදිරිපත් කර ඇත ("Yes"). මෙය බොහෝ විට අනෙක් සමාගම්වලට ආවරණයක් ලබා දීමට (Cover Bidding) හෝ තමන්ට අවශ්‍ය කොටස වැඩි මිලට ලබා ගැනීමට යොදන උපක්‍රමයකි.

 

  1. E&C (Edward & Christie) සෙල්ලම:

මොවුන් 'E&C' සහ 'E&C RR JV' ලෙස කොටස් දෙකකට කැඩී තරඟයට පිවිස ඇත. මෙය එකම සමාගමක් නම් වෙනස් මුහුණුවරකින් පැමිණ ලංසු තැබීම තරඟය විකෘති කිරීමකි. විශේෂයෙන් 2A සහ 2B සඳහා JV එක හරහාත්, 2C, 2D, 2F සඳහා තනි සමාගමක් ලෙසත් ඉල්ලුම් කර ඇත්තේ කල්තියා සූදානම් වූ සැලැස්මකට අනුව බව පෙනේ.

 

  1. Nem සහ KDAW:

තෝරාගත් පැකේජ සඳහා පමණක් ඉලක්කගතව මිල ගණන් ඉදිරිපත් කර ඇත.

 

  1. පිටස්තරයෝ කෝ?:

මෙම ලැයිස්තුවේ කිසිදු නව දේශීය සමාගමක් හෝ ජාත්‍යන්තර සමාගමක් නොමැත. සිටින්නේ රාජපක්ෂ යුගයේ මහා මාර්ග කොන්ත්‍රාත් ඒකාධිකාරිය හෙබවූ පිරිසම පමණි.

 

මාලිමා ආණ්ඩුවේ "ප්‍රසම්පාදන විහිළුව"

 

 

"තරඟකාරී මිල ගණන් කැඳවනවා" යැයි කියූ බිමල් රත්නායක ඇමතිවරයාගේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසානයේ සමාගම් 6ක් අතරේ බිලියන 90ක් බෙදා දෙන තැනට පත්ව ඇත. එක් පැකේජයකට එක් සමාගමක් බැගින් තෝරා ගත්තද, අවසානයේ එක් පැකේජයක් සඳහා නියමිත තරඟකරුවෙක්වත් ඉතිරි නොවන තත්ත්වයක් (7 Packages vs 6 Bidders) නිර්මාණය වී ඇත.

 

 

මෙම තත්ත්වය තුළ සිදුවන්නේ සමාගම් එකිනෙකා අතර කතා කරගෙන, "මේ කොටස මට, අර කොටස ඔබට" යනුවෙන් බෙදාගෙන, ආණ්ඩුවට (මහජනතාවට) දැරීමට සිදුවන පිරිවැය අහස උසට වැඩිකර ගැනීමයි.

 

 

දැන්වත් ඇස් ඇරෙයිද?

 

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, අද එළියට ආ මෙම ලැයිස්තුව ඔබ පවසන "සිස්ටම් චේන්ජ්" එකද? රාජපක්ෂලාගේ හිතවතුන් 6 දෙනෙකුට රටේ අනාගතය ලියා දීම දූෂණයට එරෙහි සටනද?

 

 

මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය වහාම අත්හිටුවා, මෙම අසාමාන්‍ය ලංසු තැබීමේ රටාව (Bidding Pattern) ගැන විගණනයක් නොකළහොත්, මෙය මාලිමා රජය විසින් සිදුකළ පළමු සහ දැවැන්තම මූල්‍ය අපරාධය ලෙස ඉතිහාස ගත වනු ඇත.

 

සබැඳි පුවත් -

https://www.slleader.lk/news/13487-90-4

 

 

නවතම ලිපි