SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ICC T20 ලෝක කුසලානට තවත් දින කිහිපයක් පමණක් තිබෙන මොහොතක, අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට

මුහුණ දීමට සිදුවන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රතිවාදි කණ්ඩායම් වලට පමනක් නොවෙයි.  ඊට වඩා බලවත් වූ, ක්‍රීඩකයින් වඩා අහිතකර, මානසික පීඩනයකට භාජනය වන  සමාජ මාධ්‍ය තුළ ඇතිවන අඛණ්ඩ විවේචන හා අපහාස කුණාටුවකටයි.

 

 

ක්‍රීඩාවක් කියන්නේ ජයග්‍රහණය පමණක් නොවෙයි

 

සෑම ක්‍රීඩාවකදී ජයග්‍රහණ සහ පරාජය දෙකම අත්විඳින්න සිදු වෙනවා. ක්‍රීඩාවේ මූලික ඉගැන්වීම ජය පරාජය දරා ගැනීමයි. නමුත් අධිෂ්ථානය ජයග්‍රහණයයි. ජයග්‍රහණයට දක්ෂතාවය, සැලසුම්, පුහුණුව, කැපකිරීම් වගේම  සමහරවිට වාසනාවත්, ලැබීමත් අවශ්‍යයි. පරාජය කියන්නේ ක්‍රීඩාවේ ස්වභාවික එක් කොටසක් පමණයි.

 

1637065808 sri lanka cricket fans

 

අපේ ක්‍රීඩකයෝ දිනන්න කැමතියි. පුහුණුකරුවන් තම කණ්ඩායම දිනවන්න කැමතියි.

 

sudath cricket.j5pg

 

අපිත් ලාංකික පුරවැසින් ලෙස අපේ කණ්ඩායම දිනනවාට කැමතියි. අපි කවුරුත් පරාජයට කැමති නෑ. ඒත් පරාජය කියන්නේ අවසානය නෙවෙයි, එය බොහෝවිට  නැවත නැගිටීමේ ආරම්භයයි.

 

 

අපේ ජාතික වගකීම

 

අපේ කණ්ඩායම මානසික ධෙෙර්යමත් කිරීම මිස මානසිකව බිඳ දැමීමට මෙය කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නෙවෙයි. අපිට අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක විවේචනය, සත්‍යය පදනම් කරගත් සංවාද, ක්‍රීඩකයන්ට හැකි අයුරින් සහයවීම සහ අපේ රටේ නාමය ආරක්ෂා කිරීමයි. නින්දා අපහාස, පහත් මඩ ප්‍රචාර, මේවා රටටත්, ක්‍රීඩාවටත්, අපේ අනාගතයටත් අහිතකරයි. ඒත් මේ දිනවල, අපේ ක්‍රීඩකයන්ට එල්ලවෙන්නේ නිර්මාණාත්මක විවේචනයක් නොවෙයි, මානසික පීඩනයක්. මෙහෙම පීඩනයක් යටතේ කිසිම ක්‍රීඩකයෙකුට හොඳට ක්‍රීඩා කරන්න අමාරුයි.

 

දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ නිකන්ම නිකන් ක්‍රීඩාවක් පමණක් නොවෙයි. ඒක අපේ ජාතික හැඟීම, අපේ සංස්කෘතිය, අපේ ජීවිතයේ කොටසක් බවට අද පත් වෙලා. ජාති, ආගම්, කුල,පක්ෂ බේදයකින් තොරව අප සියඵම දෙනා එයට ආදරය කරනවා. අපේ ජාතික ක්‍රීඩා අත්පන්දු (වොලිබෝල්) වුනාට, අපේ හදවතේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට්.

 

 sudath cricket.j4pg

 

 

ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහල නැංවීම අපේ වගකීමක්

 

අපේ ක්‍රීඩකයන්ද අප මෙන් සාමාන්‍ය පවුල්වල මනුෂ්‍යයෝය. අපය මෙන්ම, ඔවුන්ට පවුල් තියෙනවා, ජීවිත තියෙනවා, හැඟීම් තියෙනවා. ඔවුන් වසර ගණනාවක් පුහුණු වෙලා, පෞද්ගලික ජීවිතයත් අතහැරලා, රටේ බර ඔවුන්ගේ අතේ දරනවා. එ් වෙනුවෙන් ඔවුන් අවුරුදු ගාණක් කොච්චර ලොකු කට්ටක් කන්න ඇද්ද? එ්ක ඔබට මට කල හැකි දෙයක්ද? ඒත් ලෝක කුසලානයට යන්න කලින් ඔවුන්ට අන්තර්ජාලයේ අපහාස, නින්දා, අසත්‍ය ප්‍රචාර වලට මුහුණ දීමට සිදුවනවා කියන්නෙ ඉතාම කනගාටුදායක කරුණක්.

 

 sudath cricket.j 3pg

 

 

ලෝකයේ බලවත්ම කණ්ඩායම් පවා පරාජයන්ට, පසුබෑමට ලක්වෙනවා.

 

ලෝක ශූරයින් වූ ඔස්ට්‍රේලියාව පකිස්ථානයට ටී 20 තරගයේදි ලකුණු 96 ටත්  කඩාවැටුණා. එංගලන්තය ඔස්ට්‍රේලියාවට හමුවේ දැඩි පරාජයක් ලැබුවා.

 

ඒත් ඔවුන්ගේ ජනතාව ඔවුන්ට පසුපසින් සිට ඔවුන්ව මානසික උද්යෝගය ලබා දුන්නා. අපිත් එහෙමම වෙන්න ඕන.

 

 

ලෝක කුසලාන සම සත්කාරකත්වය

 

 

sudath cricket.j 2pg

 

 

ලෝක කුසලාන තරගවලට අනුග්‍රහකත්වය ලබාගන්න එක සරල දෙයක් නෙවෙයි. ඒ සඳහා SLC විසින් කළ වැඩ, ගත කළ කාලය, කළ ගෝලීය මට්ටමේ ප්‍රචාරණ වැඩ , ජාත්‍යන්තර සබදතා, ඒවා දෙසත් අපි ශ්‍රී ලාංකිකයෝ ලෙස ගෞරවයෙන් බලන්න ඕන.

 

 

අපේ රටේ නාමය ලෝක වේදිකාවට ගෙනියන මේ වගේ අවස්ථාවක් අපි අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි. එම අවස්ථාව අපට ලැබීම මහත් ආඩම්බරයක් වගේම සතුටට කරුණක්. මේ අවස්ථාවේ එයින් අපට ලැබෙන ඩොලර් ආදායම අපේ ආර්ථිකයට මහත් රුකුලක් වනු ඇත.

 

 

බංග්ලාදේශයේ උගත් පාඩම — සමාජ මාධ්‍යය දේශපාලනය වූ විට

 

බංග්ලාදේශයේ සිදුවූ දේ අපිට හොද පාඩමක් සහ දැඩි අවවාදයක් සපයනවා. සමාජ මාධ්‍යය මෙහෙයුම නිසා දේශපාලනිකව, ආර්ථිකව, සමාජිව වශයෙන් රට තුළ අස්ථාවරත්වයක් ඇති වුණා. ඒක ක්‍රීඩාවටත් ඇදගෙන ගියා. අවසානයේ ICC විසින් දඩුවම් දීලා, රටේ ක්‍රිකට් කීර්තියත් බිඳ වැටුණා.

 

ශ්‍රී ලංකාව මේ මගට යන්න දෙන්න එපා. T20 ලෝක කුසලානය කියන්නේ තරගයක් පමණක් නෙවෙයි. එය අපේ එකමුතුව, ජාතික ගෞරවය, ක්‍රීඩා ආදරය සහ හැසිරීම පරීක්ෂා කරන අවස්ථාවක්.

 

අපි අපේ කණ්ඩායමට බරක් නොවෙමු. අපි ඔවුන්ගේ ශක්තිය වෙමු. ශ්‍රී ලංකාව දිනුවොත්, දිනන්නේ අපි හැමෝම. ශ්‍රී ලංක කණ්ඩායමට හදවතින්ම සුබ පතමු.

 

 

@ සුදත් චන්ද්‍රසේකර

නවතම ලිපි