SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(විශේෂ විමර්ශන වාර්තාවකි).

 

ශ්‍රී ලංකාවේ විදුලිබල අර්බුදය විසඳීම වෙනුවට, එය තවදුරටත් "ඩොලර් උපයන මාර්ගයක්" බවට පත් කරගෙන තිබේද?

ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ඇවිලී ගිය උණුසුම් වාග් සංග්‍රාමය දෙස බලන විට පෙනී යන්නේ ගල් අඟුරු ගනුදෙනුව පිටුපස හුදෙක් පරිපාලන දුර්වලතාවයකට එහා ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් සැඟවී ඇති බවයි.

 

 

ලංකා කෝල් (Lanka Coal Company) සමාගම වෙත ලැබුණු රහසිගත යැයි සැලකෙන තත්ව සහතික වාර්තා (Quality/Inspection Reports) කිහිපයක් පදනම් කරගනිමින් විපක්ෂය එල්ල කළ ප්‍රහාරය හමුවේ බලශක්ති අමාත්‍යවරයා සහ ආණ්ඩුව දැඩි අසීරුතාවයකට පත්විය.


WhatsApp Image 2026 01 09 at 17.17.531

WhatsApp Image 2026 01 09 at 17.17.53

අංක 01: ඩී.වී. චානක මන්ත්‍රීවරයාගේ "ලේඛනගත" අභියෝගය

 

52113b85 dvchanaka

 

මෙම විවාදයේ ආරම්භය සනිටුහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යි. ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නිකම්ම නිකම් කතාවක් නොව, ලංකා කෝල් සමාගමේ නිල මුද්‍රාව සහිත වාර්තා පිටු දෙකකි (ඉහත පලකර ඇත).

 

ඩී.වී. චානක මන්ත්‍රීවරයාගේ අභියෝගය:

"ගරු කථානායකතුමනි, මම මේ සභාගත කරන්නේ ලංකා කෝල් එකට ලැබුණු ඔරිජිනල් රිපෝට් එක. මේකේ පැහැදිලිව තියෙනවා ගල් අඟුරු තොගය ලැබුණු දිනය සහ ඒකේ කොලිටි එක චෙක් කරපු දිනය. අපි සල්ලි ගෙවලා තියෙන්නේ හොඳම ගල් අඟුරුවලට. හැබැයි මේ රිපෝට් එකේ තියෙන CV අගය (තාපජ අගය) බැලුවාම පේනවා මේ ගෙනල්ලා තියෙන්නේ බාල බඩු කියලා."

 

 

ඔහු අමාත්‍යවරයා දෙසට හැරී දැඩි ස්වරයෙන් මෙසේ පැවසීය:

 

"ඇමතිතුමා, මම ඔබට විවෘත අභියෝගයක් කරනවා. පුළුවන් නම් ඔප්පු කරන්න මේ ලේඛනවල තියෙන දත්ත වැරදියි කියලා. මේවා බොරු නම් මම ඕනෑම දඬුවමක් විඳින්න ලෑස්තියි. හැබැයි මේවා ඇත්ත නම්, ඔබතුමාලා පිළිගන්න ඕනේ ජනතාවගේ සල්ලි කෝටි ගාණක් වතුරේ යැව්වා කියලා."

 

 

අංක 02: පාටලී චම්පිකගේ "තාක්ෂණික හා ආර්ථික" විග්‍රහය

 

images 5

 

හිටපු බලශක්ති අමාත්‍යවරයෙකු ලෙස විෂය ප්‍රවීණත්වයක් ඇති පාටලී චම්පික රණවක  මෙම සිද්ධිය විග්‍රහ කළේ ලෝක වෙළඳපොළ දත්ත සමඟිනි.

 

පාටලී චම්පික රණවක හිටපු බලශක්ති ඇමතිවරයා:

 

"දැන් ලෝකේ ගල් අඟුරු මිල වේගයෙන් බහිනවා. හැබැයි අපේ ආණ්ඩුව විතරක් ඇයි වැඩි ගාණට ගල් අඟුරු ගන්නේ? මම අහන්නේ සරල ප්‍රශ්නයක්. අපි ගෙවන්නේ 'High Quality Coal' වලට තියෙන වැඩිම ඩොලර් ගාණ. හැබැයි ලැබෙන්නේ 'Low Quality Coal'. එතකොට ඒ මැද තියෙන ඩොලර් මිලියන ගණනක ගැප් එක යන්නේ කාගේ සාක්කුවටද? මේක පැහැදිලිවම කොමිස් ගැහිල්ලක්."

 

WhatsApp Image 2026 01 08 at 19.29.41

 

 

අංක 03: එස්.එම්. මරික්කාර්ගේ "ජනතා හඬ"

 

images 6

 

තාක්ෂණික කරුණු ඉක්මවා යමින්, මෙම වංචාව සාමාන්‍ය ජනතාවගේ මුළුතැන්ගෙට දැනෙන ආකාරය එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ඉතා ආවේගශීලීව විස්තර කළේය.

 

එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා:

 

"ඔබතුමාලා ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ වැඩ කරන්න. කුණු ගල් අඟුරු (Garbage Coal) ගෙනල්ලා, ඒවා පුච්චලා කරන්ට් එක හදන්න බැරි වුණාම, ඒ පාඩුව අල්ලන්නේ අහිංසක මිනිස්සුන්ගේ විදුලි බිලෙන්. ඔබතුමාලා හොරකම් කරන සල්ලි පියවන්න මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා. මේ ගෙනාපු ජරාව මොකක්ද කියලා මේ වාර්තාවලින් පේනවා. ඇයි මේවා වසන් කරන්නේ?"

 

 

විමර්ශනය:

ලංකා කෝල් "තත්ව සහතික වාර්තාවේ" (Quality Report) ඇත්තේ කුමක්ද?

 

මෙම ආන්දෝලනයට තුඩු දී ඇති ලේඛනවල ප්‍රධාන තාක්ෂණික කරුණු දෙකක් අපට හඳුනාගත හැක:

 

  1. තාපජ අගයේ (Calorific Value - CV) පරස්පරය: ගල් අඟුරු මිලදී ගැනීමේදී ගෙවීම් කරන්නේ එහි අඩංගු ශක්ති ප්‍රමාණය (CV) මතය. නමුත් චානක මන්ත්‍රීවරයා පෙන්වා දෙන පරිදි, ගෙන්වා ඇති තොගයේ මෙම අගය ප්‍රමිතියට වඩා ඉතා පහළ මට්ටමක පවතී. මෙහි ප්‍රතිඵලය වන්නේ විදුලිය ඒකකයක් නිපදවීමට දැවීමට සිදුවන ගල් අඟුරු ප්‍රමාණය ඉහළ යාමයි.
  2. දින වකවානු ගැටලුව: ගල් අඟුරු නැවෙන් ගොඩබෑමට පෙර තත්ව පරීක්ෂාව (Lab Test) සිදු කළ යුතු වුවත්, අදාළ වාර්තාව ලැබී ඇත්තේ ගල් අඟුරු ගොඩබා බෙදාහැරීමෙන් පසුව බවට සැක කෙරේ. එනම්, "බාල බඩු" බව දැන දැනම ඒවා පද්ධතියට එක්කර ඇත.

 

gal anua 1

 

ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ලේඛන, පාටලී චම්පික මන්ත්‍රීවරයාගේ වෙළඳපොළ විශ්ලේෂණය සහ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගේ දේශපාලන අභියෝගය හමුවේ ආණ්ඩුව මේ මොහොතේ සිටින්නේ අසීරු තැනකය.

 

 

ගල් අඟුරු යනු හුදෙක් කළු ගල් විශේෂයක් නොව, රටේ ඩොලර් සංචිතය දහනය කරන ප්‍රධානතම ඉන්ධනයයි. "ලංකා කෝල්" වාර්තාව බොරුවක් නම්, එය ඔප්පු කිරීමට ඇමතිවරයාට ඇත්තේ පැය කිහිපයක් පමණි. එසේ නොමැති නම්, "කුණු ගල් අඟුරු ගෙනත් රටේ සල්ලි කාබාසිනියා කළා" යන චෝදනාවෙන් ගැලවීමට වත්මන් පාලකයන්ට නොහැකි වනු ඇත.

 

 

දැන් පන්දුව ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ අතේය. පිළිතුර ලැබෙන තෙක් රටම බලා සිටී.

 

 

#Samaara paranavithana

නවතම ලිපි