SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලිංගික අධ්‍යාපනය සහ ලිංගිකත්වය පිළිබඳව නොනවතින සංවාදයක් ඇතිව තිබේ.

 

එහිදී විපක්ෂ එකමුතුවේ අරමුණ වී ඇත්තේ Harini Amarasuriya ඉලක්ක කර මඩ ප්‍රහාරයක් දියත් කිරීම, URL එකක් සම්බන්ධයෙන් සිදුව ඇති හිතාමතා කරන ලද වරදක් හෝ තාක්ෂණික අතපසුවීමක් උලුප්පා දක්වමින් සමාජ කතිකාවක් ගොඩනැගීම සහ ඒවායේ වර්ධනීය තත්වයක් තුල නැවතත් සිංහල බෞද්ධ ජාතිකත්ව කතිකාව ඒ තුලින් ගොඩනගා රාජ්‍ය බලය අල්ලාගැනීමයි.

 

 

තවත් වසර 4ක් යන තෙක් මැතිවරණයක් නොමැති තත්වයක් යටතේ චෝදනා වලින් වරද කරුවන් බවට පත් නොවී බේරීමට ඇති එකම මග එයයි.

එවැනි රාජ්‍ය බලය අල්ලා ගැනීමේ තත්වයක් දියත් කල හැකි වුවහොත් එය 2022 මෙන් නොවනු ඇත. එය ඉතා දරුණු සහ ම්ලේච්ඡ අකාරයේ මර්ධනයක් සහිත තත්වයක් වර්ධනය කිරීම අනීවාර්ය වේ.

 

කෙසේ නමුත් එම උත්සාහයට සමාජයෙන් තවමත් කිසිඳු සහයක් නොලැබේ. නමුත් හරිණි සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ඇත්තේ අප්‍රිය සහගත නොරිස්සුම් ස්වභාවයකි. ඒ අධ්‍යාපනයේ මෙතරම් ප්‍රශ්න තිබියෙදී මුලින් කල යුතු ප්‍රතිසංස්කරණ අතපසු කර සමාජයට එතරම් වැදගත් යැයි නොපෙනෙන ("ජනතාවගේ සිතීම අනුව") ප්‍රශ්න මූලික කරගැනීමයි. එසේම ඇය ලිංගික අධ්‍යාපනය පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වීම සහ ඇයගේ ඇකඩමික විෂය ක්ෂේස්ත්‍රයේ 'දැනුම' ('සමාජ විද්‍යාව' යනු ධනවාදය විසින් ඇතිකරන අතිශය සංකීර්ණ, අතිශය විෂම සහ නොනවත්වාම අතිශය විෂම ලෙස වර්ධනය වන සමාජ ප්‍රතිවිරෝධතා, ප්‍රතීඝතා සහ අසහනකාරීත්වයන් වෙනුවෙන් විසඳුම් දීම සඳහා ගොඩනැගිය යුතු සදාචාර-ආචාරධාර්මික ක්ෂේස්ත්‍රයට අදාළ ලිබරල් විෂයයි) මත පිහිටමින් විෂම ලිංගිකත්වය නොවන ලිංගිකත්වයන් නීති ගත කල යුතුය යන ස්ථාවරය දැරීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.

 

මෙය හරිණිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොවන බව සහ එය ADBයේ ඩොලර් මිලියන 200ක ප්‍රධානයක් මගින් සිදු කරන රනිල් යුගයේ ආරම්භ වූ ලිබරල්කරනීය ප්‍රතිසංස්කරණයක්ය යන්න පිළිබඳව "ජනතාවට" අවබෝධයක් නොමැත. වත්මන් ආණ්ඩුවට මඩ කාගෙන හෝ මේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍යව ඇත්තේ ඩොලර් මිලියන 200 අහිමි වන නිසා පමණක් නොව එම ප්‍රතිසංස්කරණ වලට එකඟ නොවීම හේතුවන් සිදුවන IMF, WB සහ අනෙකුත් එවැනි ආයතන වල සහාය නොලැබී යාම නොවැලැක්විය හැකි බැවිනි.

 

එසේ වුවහොත් ආර්ථිකය බිඳ වැටී "ජනතාවගේ" ආතල් කුඩු පට්ටම් වීම තුල ම්ලේච්ඡ විපක්ෂ බලවේගය ජයගනු ඇත. විපක්ෂ බලවේග වලට අවශ්‍යව ඇත්තේ ද ආණ්ඩුව දෙපැත්තකින් හිර කිරීමයි. එනම් එක් පැත්තකින් සිංහල බෞද්ධ ජාතිකත්වය කුලුගන්න්වමින් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් බැහැර කිරීම මගින් අර්බුධයටකට තල්ලු කිරීම සහ අනෙක් පැත්තෙන් කෝ ආණ්ඩුව ආතල් දුන්නද කියා විමසීමයි.

 

හරිණි සම්බන්ධයෙන් ජනතා පිළිකුලක් ඇතිවීම සඳහා තවත් එක් හේතුවක් වී ඇත්තේ "ජන බලය" වැනි විකාරයක් අටවාගෙන රංගනයේ යෙදෙන එහි ස්ථානගතව ඇති LGBTIQ+ කල්ලියයි. ඒ එම කල්ලිය හරිණිට සහාය දක්වන පිරිසක් ලෙස ජන මාධ්‍ය හරහා "ජනතාව" හඳුනාගෙන ඇති බැවිනි. හරිණි කෙතරම් මෙම මඩ ප්‍රහාර වලින් බේරීමට උත්සාහ කලද මේ කල්ලියේ LGBTIQ+ ප්‍රවනතාවය හේතුවෙන් ඉන් ගැලවිය නොහැක.

 

එම අර්ථයෙන් සැලකූ කල ආණ්ඩුව රැකගැනීම සඳහා අටවාගත් "ජන බලය" යනු ආණ්ඩුවට කොඩිවිනයකි.

අධ්‍යාපනය යනු කුමක්ද ලිපි පෙළේ සබැඳිය: https://www.spartacus.lk/01-02/2026/

ලිංගික අධ්‍යාපන පිළිබඳව ලිපිය: https://web.facebook.com/share/p/16ahfvGF9g/

"ලිංගිකත්වය දේශපාලනික වීම" ලිපිය: https://www.spartacus.lk/%e0%b6%bd%e0%b7%92%e0.../2023/...

@ස්පාටකස් ලිපි

නවතම ලිපි