කාන්තාවන් බලහත්කාරයෙන් නිරුවත් කර වීඩියෝ කිරීම ඇතුළු බරපතළ ලිංගික හා මානුෂීය විරෝධී චෝදනා රැසකට
ලක්ව සිටින Prestige Rubbers (Pvt) Ltd ආයතනයේ සභාපති ශාස්නි කමර්ඩීන් (Shazni Kamardeen) නමැත්තා නීතියෙන් බේරී සිංගප්පූරුව බලා පලා යෑමට සූදානම් වන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.
කාන්තාවන් සභාපතිවරයා වෙත රැගෙන ආ සිල්වර් ලයින් මෑන් පවර් අයිතිකාරිය අතුරුදන්
මෙම සිදුවීමේ ඇති වඩාත්ම භයානක තත්ත්වය වන්නේ, අදාළ වීඩියෝව මගින් අතවරයට පත් වූ බව පෙනෙන කාන්තාව වෙනුවෙන් කිසිදු යුක්තියක් මේ වනතෙක් ඉටු නොවීමයි. ඇය ‘සිල්වර්ලයින් මෑන් පවර්’ (Silverline Manpower) ආයතනය විසින් රෝගියෙකු බලාගැනීම සඳහා යැයි කියා අදාළ සභාපතිවරයාගේ නිවස වෙත එවා ඇති උපස්ථායිකාවක බව හඳුනාගෙන ඇත.
අදාළ සාහසික සිදුවීමෙන් පසු ඇය එම ස්ථානය වෙත යවා තිබූ අදාළ ආයතනයේ (Silverline Manpower) අයිතිකාරිය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර, මෙම සිදුවීම ගැන ඇය පිළිබඳව ද මේ වන විට බරපතළ සැකයක් මතු වී තිබේ.
නින්දිත වීඩියෝව සහ ලිංගික අල්ලස්
පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වූ වීඩියෝවකින් දැක්වුණේ ශාස්නි කමර්ඩීන් විසින් කාන්තාවක බලහත්කාරයෙන් නිරුවත් කර එය තම ජංගම දුරකථනයෙන් පටිගත කරන අයුරුයි. වාර්තා වන අන්දමට ඔහු එම දර්ශන තම ආයතනයේ සේවිකාවන් වෙත පවා යොමු කරමින් මානසික වින්දනයක් ලබා ඇත.
මීට අමතරව, උසස් පෙළ විභාගය අවසන් කර කර්මාන්තශාලාවේ සේවයට පැමිණි තරුණ දැරියකට ලිංගික අල්ලස් ලබා දෙන ලෙස කළ බලපෑම් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයව සේවයෙන් ඉවත් කර ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පිය ඝාතනය පිළිබඳ සැකය
ලිංගික හිංසනයන්ට අමතරව, ශාස්නි කමර්ඩීන් හට බරපතළ මිනීමැරුම් චෝදනාවක් ද එල්ල වෙමින් පවතී. ඔහු මත්පැන් පානය කර සිටි අවස්ථාවක, දේපළ අත්පත් කර ගැනීම සඳහා තම පියා (ප්‍රකට ව්‍යාපාරික එම්.ටී.එම්. කමර්ඩීන්) ඝාතනය කළේ තමා බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇත.
2016 වසරේදී ඔහුගේ පියාගේ අභිරහස් මරණය පිළිබඳව නැවත පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මේ අනුව සමාජයීය ඉල්ලීමක් මතුව තිබේ.
බලධාරීන්ගේ නිහඬතාවය ප්‍රශ්න කෙරේ
මෙම සිදුවීම් පිළිබඳව මාධ්‍ය මගින් පොලිස්පතිවරයාගේ සහ කාන්තා හා ළමා කටයුතු භාර අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ අවධානයට යොමු කර ඇතත්, මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට රටින් පිටවීම තහනම් කිරීමට පියවර ගෙන නොමැති බව සඳහන් වේ.
ධන බලය සහ දේශපාලන සබඳතා භාවිතා කරමින් මොහු නීතියෙන් රිංගා යෑමට දරන උත්සාහය වහාම වැළැක්විය යුතු බවත්, කාන්තාවන්ව මෙම පුද්ගලයා වෙත යැවීමට අතරමැදි සේවාවන් කළ සිල්වර් ලයින් මෑන් පවර් ආයතනයේ අයිතිකාරිය සොයා ගැනීමට වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් සිවිල් සංවිධාන අවධාරණය කරයි.
කර්තෘ සටහන: මෙම පුවත් වාර්තාව දැනට පවතින තොරතුරු සහ එල්ල වී ඇති චෝදනා මත පදනම්ව සකස් කර ඇත. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සහාය වීම මාධ්‍ය වගකීමක් ලෙස අප සලකන අතර, ඕනෑම පාර්ශවයකට මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඇති අයිතිය (Right of Reply) අප පිළිගනිමු.

