SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දඹුල්ල, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) රාත්‍රී 7:00ට

දෙරට අතර පළමු විස්සයි20 තරගය ආරම්භ වීමට නියමිතය.

 

 

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය අද ආරම්භ වන අතර, මෙය වසර 11කට පසුව පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් මෙරටදී ක්‍රීඩා කරන පළමු ද්විපාර්ශ්වික තරගාවලිය වීම විශේෂත්වයකි.

 

 

කුසලානය එළිදැක්වීම

 

මෙම තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන නිල කුසලානය ඊයේ (6) දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයින්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් එළිදැක්වුණි. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම්

 

මෙම තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට දක්ෂ දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමුවරට කැඳවා තිබීම කැපී පෙනෙන සිදුවීමකි. මීට අමතරව අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ ද යළිත් විස්සයි20 සංචිතයට එක්කර තිබේ.

 

ප්‍රවේශ පත්‍ර ආදායම පුණ්‍ය කටයුත්තකට

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණයකට අනුව, මෙම සමස්ත විස්සයි20 තරගාවලියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.

 

තරග කාලසටහන:

  • 1 වැනි තරගය: අද (රාත්‍රී 7:00ට)

  • ස්ථානය: රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

 

නවතම ලිපි