SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ග්‍රාම නිලධාරිනියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ

පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට අද(26) පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

 

නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත් දයානි සන්ධ්‍යා රත්නායක සැකකරුට සෑම මසකම අවසන් ඉරු දින මුන්දලම පොලීසියේ පෙනී සිටින ලෙසත් කොන්දේසියක් පනවා තිබේ.

එමෙන්ම නඩුව 2026.08.05 වැනි දින යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර ඇත.

මෙලෙස ඇප මත නිදහස් වූයේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ මංගලඑළිය කොට්ඨාසය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සිටි විමල් රෝහණ නම් අයෙකි.

ඉකුත් 5වනදා තමන් ආපදා රාජකාරි කටයුතු සඳහා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටි අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුවූ බවත්, එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමන්ට බැන වැදුණු බවත් ග්‍රාම නිලධාරීවරිය පොලීසියට පවසා ඇත. 

තමන් මේ බව මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්වත්කළ බව ඇය පවසයි.

ඒ අතරවාරයේ ඉකුත් 8 වනදා පැවති ආපදා කමිටු රැස්වීමෙන් පසුවද අදාළ මන්ත්‍රීවරයා තමන්ට දුරකථනයෙන් කථාකර බැන වැදුණු බවද ග්‍රාම නිලධාරීනිය පොලීසියට පවසා ඇත.

ලැබී තිබූ පැමිණිල්ල සඳහා සිදුකළ කැඳවීමක් අනුව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මුන්දලම පොලීසියට පැමිණ ඉදිරිපත්වීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.

සබැඳි පුවත් -

https://www.slleader.lk/news/13323-2025-12-26-06-16-21

 

නවතම ලිපි