SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දෙරණ 360 හෙළිදරව්ව ආණ්ඩුව කළඹයි:

චම්පික රණවක ඉලක්ක කර ගනිමින් CID මෙහෙයුමක් ඇරඹේ!

 

 

ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ පාලන අසමත්කම විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක සිට හෙළිදරව් කරන ප්‍රධානතම දේශපාලන හඬ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පත්ව ඇතැයි පක්ෂ ආරංචිමාර්ග පවසයි. වැඩිදුරටත් කරුණු දැක්වෙන්නේ පසුගිය සඳුදා (22) රාත්‍රියේ 'දෙරණ 360' වැඩසටහනට සහභාගී වෙමින් ඔහු සිදු කළ අනාවරණයන් හමුවේ ආණ්ඩුවේ ඉහළම පුටු දැඩි ලෙස නොසන්සුන් වී ඇති බවය.  

 

 

ආණ්ඩුව අසීරුතාවට පත් කළ 'දෙරණ 360' විග්‍රහය

සිය වෘත්තීය ඉංජිනේරු දැනුම සහ දේශපාලන පරිචය භාවිත කරමින් චම්පික රණවක ආණ්ඩුවේ පරිපාලනමය දුර්වලතා රැසක් කරුණු සහිතව පෙන්වා දී ඇති බවත් එනිසා ම මේ වනවිට ආණ්ඩුවේ මර්ධන ක්‍රියාවලියට හසුව ඇති බවත් විපක්ෂයට සම්බන්ධ විචාරක අදහසබ වී තිබේ.

 

එහිදී පාඨලී මතු කළ ප්‍රධාන කරුණු මෙසේය:  

ව්‍යසන කළමනාකරණ පනත උල්ලංඝනය කිරීම:

 'දිත්වා' සුළි කුණාටුවෙන් පසු 'ජාතිය යළි ගොඩනැගීමේ අරමුදලක්' පිහිටුවීමේ නීත්‍යානුකූල නොවන ස්වභාවය ඔහු තර්කානුකූලව පැහැදිලි කළේය. පවතින ව්‍යසන කළමනාකරණ පනත අනුව රජය ක්‍රියා නොකිරීම බරපතල වරදක් බව ඔහු පෙන්වා දුන්නේය.

 

කොත්මලේ වේල්ල සහ ගම්පොළ ගංවතුර:

ගම්පොළ නගරය ජලයෙන් යටවීම පිටුපස කොත්මලේ වේල්ල පරිපාලනයේ තිබූ බරපතල දෝෂ පවතින බව ඔහු සාධක සහිතව ඔප්පු කිරීම. මෙහි වගකීම සෘජුවම ජනාධිපතිවරයා දක්වාම දිවෙන බව ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.  

 

අහිමි වූ ජීවිත 800ක වගකීම:

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර සම්බන්ධීකරණයක් නොවීම හේතුවෙන් ජීවිත 800ක් අහිමි වූ බව ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකදී සාක්ෂි දීමට තමා සූදානම් බවද ඔහු අවධාරණය කළේය.  

 

 

CIDය ක්‍රියාත්මක වෙයි: පලිගැනීමක්ද?

මෙම හෙළිදරව් කිරීම් හමුවේ කලබලයට පත් වූ ආණ්ඩුව, චම්පික රණවක ගේ හඬ යටපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පාර්ශවයෙන් ලැබුණු විශේෂ පණිවුඩයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ක්‍රියාත්මක වී ඇත.  

 

ආරංචිමාර්ග පවසන පරිදි ඊයේ (24) අලුයම 5.00 සිට CID නිලධාරීන් කණ්ඩායමක් රණවක ට අදාළ පැරණි ලිපිගොනු සහ ලේඛන යළි පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ. මෙහි මූලික අරමුණ වී ඇත්තේ කිසියම් හෝ තාක්ෂණික හෝ පරිපාලනමය වරදක් පටවා ඉදිරි දින කිහිපය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමයි.  

 

ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනයක්!!!

ආණ්ඩුවේ දූෂණ සහ අසමත්කම් පෙන්වා දීම නිසා මෙලෙස රාජ්‍ය බලය යොදවා දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති. ආණ්ඩුව පත් වූ මුල් කාලයේදීම මෙවැනි දේශපාලන දඩයම් ආරම්භ කිරීම හරහා ඔවුන්ගේ පාලන අසමත්කම වසන් කිරීමට උත්සාහ දරන බව පැහැදිලි වේ.

 

 

නවතම ලිපි