SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවට ආනයනය කළ ඔන්ඩෙස්ටෙරෝන් (Ondesterone) එන්නත් තොගයක බැක්ටීරියා විෂ අඩංගු බවට

මතු වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ, මෙරට ඖෂධ නියාමන ක්‍රියාවලියේ පවතින බරපතළ අවදානම විශේෂඥ වෛද්‍ය චමල් සංජීව  අනාවරණය කරයි.

 

අදාළ නිෂ්පාදක සමාගම පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් පවසන කරුණු සහ දේශීය රසායනාගාර පද්ධතියේ පවතින දුර්වලතා හේතුවෙන් මහජනතාවගේ ජීවිත මෙන්ම බදු මුදල්ද අනතුරේ වැටී ඇති ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

 

 

  • ප්‍රශ්න සහගත ඉන්දියානු සමාගම සියලු ඖෂධ මෙම වසරේ තුල දී ගෙන ආ බව තහවුරු වෙයි.
  • ඉන්දියාවෙන් එන විට බැක්ටීරියා තිබුණේ නෑ කියයි...
  • ඉන්දියාවේදී කළ රසායනාගාර පරීක්ෂණ වාර්තා සියල්ලත් සමත් බවත් කියයි.
  • වගකීමෙන් ගැලවෙන්න මෙරට නියාමන අධිකාරියට බෑ.

 

 

මතභේදයට තුඩු දී ඇති බැක්ටීරියා විස සහිත වූ බවට හඳුනාගන්නා ලද Ondesterone Injection  ඖෂධය අවස්ථා හතරකදී මෙම වසරේදී ශ්‍රී ලංකාවට රැගෙන පැමිණෙන ආ බව අදාළ සමාගම මගින් තහවුරු කොට ඇති බව වෛද්‍යා හා සිවිල්  අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

 

පිළිවෙලින් 2024! නොවැම්බර්, 2025 මැයි, අගෝස්තු යන මාස වලදී මෙම ඖෂධ ඉන්දියාව තුළදී නිෂ්පාදනය කොට ඇති අතර තාවකාලිකව භාවිතාවෙන් ඉවත් කළ මෙම ඖෂධ කාණ්ඩ හතර පිළිවෙලින් මෙම වසරේ පෙබරවාරි ජූලි සහ සැප්තැම්බර් මාස වලදී ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බව සඳහන් වෙයි. මෙම සෑම අවස්ථාවකදීම ඖෂධ කුප්පි 67 600 බැගින් රැගෙන විත් ඇති අතර ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මෙම ඖෂධ ඉන්දියානු රසායනාගාර තුළදී පරික්ෂා කොට ඇති බවද අදාළ ආයතනය තහවුරු කොට ඇත.

 

 

නිර්ණායක දහයක් යටතේ මෙම ඖෂධ පරීක්ෂා කොට ඇති අතර එම සෑම පරීක්ෂණයක්ම සමත් බව එම සමාගම ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දී ඇත. ලංකාවට ඖෂධ රැගෙන ඒමට පෙර මෙම ඖෂධ පරීක්ෂාකොට වාර්තා නිකුත් කොට ඇති අතර එම වාර්තාවලට අනුව අදාළ මුල් සාම්පල්වල බැක්ටීරියා විස නොතිබුණු බව සඳහන්ව ඇත.

 

 

මෙයට අමතරව මූලික ප්‍රමිතිය, PH අගය, බැලූ බැල්මට පෙනෙන ස්වරූපය, විවිධ සංඝටක අඩංගු වීම, කුප්පියක් තුළ පවතින ඖෂධ ප්‍රමාණය, ක්ෂුද්‍ර ජීවී හරණ ප්‍රමාණය, වෙනත් සංඝටක පවතින ප්‍රමාණ, බැක්ටීරියා විෂ සහිත ප්‍රමාණ , හා  වර්ණාවලියේදී දක්වන වෙනස්කම් යන මූලික ගුණාංග දහයම නියාමන ක්‍රියාවලියේදී  පරීක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන අතර මෙම සියලු සංඝටක ඉන්දියාවේ කළ පරීක්‍ෂණවලින් තමන් සමත් වූ බව අදාළ වාර්තා සමඟ මාන් පාර්මසියුටිකල්  ඖෂධ නියාමන අධිකාරිය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව එම ආයතනයේ නිකුත් කරන ලිපියක් උපුටා දක්වමින් වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

 

සාමාන්‍යයෙන් යුරෝපානු ප්‍රමිතිය අනුව මෙම බෝතල් කුප්පියක් තුළ තිබිය යුතු බැක්ටීරියා විෂ ප්‍රමාණය මිලි ග්‍රෑම් 1 තුල තුළ ජාත්‍යන්තර ඒකක 9.9 ට වඩා අඩු විය යුතු වන අතර  සමාගම ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කළ ලිපිවලට අනුව එම අගය එම සම්මත සීමාවේ  පැවත ඇත.

 

ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරී තත්ත්ව පාලන රසායනාගාරය ජාතික ප්‍රමිතිය සම්මත  ආයතනයේ Sri Lanka Accreditation Body -SLAB  පිළිගන්නා රසායනාගාරයක් නොවන අතර එවන් දියුණු රසායනාගාරයක් සඳහා රුපියල් බිලියන පහකට ආසන මුදලක් වැය වන බවත් මෙම මුදල ජනාධිපතිවරයාට වාර්ෂිකව අයවැයෙන් වෙන්වන මුදල හෝ. ජනාධිපති අරමුදලට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් වන බැවින්  එවන් දියුණු රසානාගාරයක් පිහිටුවීමට කඩිනමින් අවධානය යොමු නොවන්නේ නම් දිගින් දිගටම තත්ත්වයෙන් බාල ඖෂධ නිසා මෙරට මිනිස් ජීවිත විනාශ වීම හා, අදාළ සමාගම් වලට ගෙවන මුදල් යලි ප්‍රතිපූර්ණය කර ගැනීමට නොහැකිවීමෙන් අතිවිශාල බදු මුදලක් මහජනතාවට අහිමිවන බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

 

එසේම මෙරටට පැමිණෙන විට මෙම ඉන්දියා අනුව ඖෂධය තුළ බැක්ටීරියා විස නොවුණු බවට  නැවත වරක් තහවුරු වූවොත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියේ කීර්ති නාමයට බලවත් හානියක් වන අතර දුර්වල සෞඛ්‍ය පරිපාලනය නිසා මහජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය කඩ කරන මෙම සිද්ධියට වගකිවයුතු සියලු දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන්ට එදිරීව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

 

 MAN 1MAN 2MAN 3MAN 4MAN 5

නවතම ලිපි