SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක පැවති සිය බිරිඳගේ

උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.6 ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) කණ්ඩායම එළැඹෙන සඳුදා නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

 

 

එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණි කණ්ඩායම සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ අරමුණ වන්නේ නඩුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ අවශ්‍ය උපදෙස් ලබා දීමයි.

 

මෙහිදී  නඩුවේ පවතින සාක්ෂි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන ඇති අතර,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මෙම රැස්වීම සම්බන්ධීකරණය කර තිබේ.  මේ සඳහා පොලිස් නිලධාරීන් වන එස්. වෙදමුල්ල සහ නනින්ද හේරත් සහභාගී වනු ඇත.

 

මෙහිදී ඔවුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදාරි පියසේන හමුවනු ඇත.

 

නවතම ලිපි