බූන්දි ග්රෑම් 100ක් කෑවොත් ඔයාගේ ඇඟට සීනි ග්රෑම් 61ක් යනවා.
ඉතිරි ග්රෑම් 39න් ග්රෑම් 10ක් පාම් තෙල්. ඉතිරි 29 පාන් පිටියි ඩයි එකයි. තව, බූන්දිවල ලුණුත් වැඩියි. මෙවුවා මෙහෙම තියෙනවා කියල ලේබලයේ ගහලම තියෙනවා.
දවසකට සීනි විදියටයි සීනි දාලා හදන කෑමවලිනුයි සීනි කන්න පුලුවන් උපරිම ඩෝස් එක ග්රෑම් 25යි. ඔය පාම්තෙල් ග්රෑම් 10ත් නිකන්ම පාම් තෙල් නෙවෙයි. සමහරු බූන්දි බඳින්නේ හත් අට වතාවක් බැඳපු තෙල්වල. එතකොට ඒවායේ හානිකර ට්රාන්ස් මේදය සහ ඇක්රිල් ඒමයිඩ වගේ විස සංගටක සැලකිය යුතු ප්රමාණයක් හැදෙනවා. අනික කොහොමත් පාම්තෙල් වල භාගෙට භාගයක්ම තියෙන්නේ අහිතකර සම්තෘප්ත මේදය.
බැලූ බැල්මට පේනවා බූන්දි වල වර්ණක සාන්ද්රණය හරි වැඩියි කියල. රතු පාට වෙන්න දාන්නේ කාමොසීන් කියන කෘත්‍රිම ආහාර වර්ණකය. (carmoisine E 122) මේ වර්ණකය ලංකව තුළ ආහාර සඳහා යූස් කරන්න අනුමත කරපු එකක්.
හැබැයි විශේෂයෙන් ළමයින්ගේ මානසික තත්වය අවුල් කරන නිසා (Hyperactivity ) සහ ඇලර්ජි රිඇක්ෂන් වැඩි නිසා (ඇඳුම හතිය, ස්වසන ආබාධ, ඇඟේ පලු දැමීම වගේ) යුරෝපා කොමිෂමේ රටවල්වල භාවිතය සීමා කරපු සහ ස්වීඩනය තුළ තහනම් කරපු වර්ණකයක්.
මේ වර්ණකය තියෙන කෑමක සෝඩියම් බෙන්සොඒට් කියන (E 211 — sodium benzoate,) ආහාර පරිරක්ෂක ද්රව්‍ය එහෙම තිබුණොත් හරි සෝඩියම් බෙන්සොඒට් තියෙන වෙන කෑමක් හරි බීමක් ගත්තොත් වැඩේ තවත් අවුල් වෙන්න පුලුවන්.
එවුවා මෙවුවා නිසා බූන්දි කනවානම් ප්‍රවේශමෙන්. කිසිඳු පෝෂණ ගුණයක් නැති බූන්දි, අවදානමක් අරගෙන කන්නම ඕනනම්, වර්ණ තීවුරතාවය ඉතාමත් අඩු බූන්දි බොහොම ස්වල්පයක් කනවානම් තමයි ඉතින් හොඳ.
@ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක

