SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දේශපාලන ප්‍රමුඛතා සහ යුක්තියේ ප්‍රමාදය පිළිබඳ විවේචනයක්!

 

පසුගිය යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නිළි සබීතා පෙරේරා ට අයත් ගොඩනැගිල්ලක් නොවටිනා තක්සේරුවකට කුලියට ගෙන ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් පවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති මෙම පරීක්ෂණයේදී, කුලියට ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබීම හේතුවෙන්, ඔහුව යළි අත්අඩංගුවට ගැනීමක් සිවනු ඇතැයි  වාර්තා වේ.

 

අත්අඩංගුවට ගැනීමේ උත්සාහයේ දේශපාලන අරමුණ

රනිල් වික්‍රමසිංහ වැනි  දේශපාලන චරිතයක් දිනකට හෝ පැය කිහිපයකට අත්අඩංගුවට ගැනීමට මාන බැලීම පිටුපස දේශපාලන අරමුණු ගණනාවක් ද තිබිය හැක. මෙය හුදෙක් නීතිමය ක්‍රියාවලියක් ඉක්මවා ගොස්, එය බලය සඳහා වන අරගලයක් සහ මහජන මතය හැසිරවීමේ උපාය මාර්ගයක් ලෙස මෙමගින්, රනිල් පිළිබඳව මහජනතාව තුළ පවතින විරෝධය තමන්ගේ වාසියට හරවා ගනිමින්, 'දුෂිතයන්ට දඬුවම් දෙන' පාලනයක් ලෙස තමන්ව ස්ථාපිත කර ගැනීමට වත්මන් පාර්ශ්වයන් උත්සාහ කළ හැක. විශේෂයෙන්ම, මෙම පියවරක් මගින් මෑත කාලීනව දේශපාලනමය වශයෙන් හීන වී ගිය මහජන සහාය යළි අවුළුවාලීමටත්, දේශපාලන ප්‍රතිවාදීන්ගේ ප්‍රතිරූපය දූෂණ චෝදනා හරහා යළිත් විවේචනයට ලක් කිරීමටත් උත්සහ ගනු ඇත.

 

 

බටලන්දේ සිට දූෂණය දක්වා දේශපාලන ප්‍රමුඛතා වෙනස් වීම

 

මෙම වත්මන් චෝදනාවේ ප්‍රබලත්වය ඉස්මතු වෙද්දී, දේශපාලන කරළියේදී බටලන්ද වැනි ඉතිහාසගත බරපතළ චෝදනා පසෙකට දමා තිබීම කැපී පෙනේ. අතීතයේදී රනිල් වික්‍රමසිංහ ට එරෙහිව 'බටලන්ද චෝදනා පත්‍රය' ප්‍රබල ලෙස යොදා ගනිමින් පාර්ලිමේන්තුවේදී පවා කඳුළු සලමින් සිටි ජාතික ජන බලවේගයේ නායකයින්ට දැන් බටලන්ද සිහිනයෙන් වත් පෙනෙන්නේ නැත. පසුගිය කාලයේ ඉටලන්ද ගැන වූ කව් ගී වගේම නවකතා චරිත කතා විමර්ශන කතා බොහොමයක් දැල්වී දැන් නිවී ගොස් ඇත.  

 

 

එය නොසලකා හරින බව විශ්වාස කළ හැක්කේ නන්දන වීරරත්නලාගේ පොත් විකුණාගැනීමෙන් පසු විමර්ශනාත්මක දේශපාලන ප්‍රමුඛතා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. වර්තමානයේ රට මුහුණ දෙන ප්‍රධාන අභියෝග (ආර්ථික අර්බුද) හමුවේ, අතීත ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ චෝදනාවලට වඩා මහජන අවධානය මූල්‍ය දූෂණ වෙත යොමුවී ඇත. බැලූ බැලූ අත ටෙන්ඩර් ගැටලුය.

 

 

යුක්තියේ දෙබිඩි ස්වභාවය: UDA ලිපිගොනුව නිදසුනකි

'සබීතාගේ ගොඩනැගිල්ල' සිද්ධියට එරෙහිව පවතින මෙම දේශපාලන උද්වේගය හා සැසඳීමේදී, නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) විශාලතම රජයේ  මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධ ලිපිගොනුවට අත්ව ඇති ඉරණම, නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙබිඩි ස්වභාවය විදහා දක්වයි. UDA හි හිටපු නීති අධ්‍යක්ෂිකා තුෂානි ලියනාරච්චි ට එරෙහිව, කොළඹ 05, මයුර පෙදෙසේ ඉඩම් කොටසක් සම්බන්ධයෙන් රජයට රු. 29,519,666.16 ක පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇත.

 

 

ඇයට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණයකින් සියලුම චෝදනා සඳහා වරදකාරී තීන්දුව ලබාදී සේවය අත්හිටුවා තිබියදී පවා, අල්ලස් කොමිසම විසින් ඇයව අත්අඩංගුවට ගැනීමක් හෝ නිල විමර්ශනයක ප්‍රගතියක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොකිරීම බරපතළ කාරණයකි. මෙම ප්‍රමාදය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාවය තීරණය වන්නේ චෝදනාවේ සත්‍ය බරපතළකම හෝ අභ්‍යන්තර තීන්දු මත නොව, එහි දේශපාලනමය ප්‍රචාරණ වටිනාකම මත බවට වන මහජන සැකය තවදුරටත් ශක්තිමත් කරයි.

 

දේශපාලනය සහ යුක්තිය අතර ගැටුම

රනිල් වික්‍රමසිංහ ට එරෙහිව එල්ලවන චෝදනා සහ අත්අඩංගුවට ගැනීමේ ප්‍රයත්නය, ශ්‍රී ලංකා දේශපාලනයේදී නීතිය සහ යුක්තිය බොහෝ විට බලය ලබා ගැනීමේ දේශපාලන මෙවලම් ලෙස යොදා ගන්නා බවට වන පැරණි චෝදනාව තහවුරු කරයි. මෙම ක්‍රියාදාමය හුදෙක් නීතිමය විමර්ශනයකට වඩා, මහජන මතය හැසිරවීමේ උපාය මාර්ගයක් ලෙස විග්‍රහ කළ හැකි අතර, දේශපාලන නාටකය තුළ නීතියේ ආධිපත්‍යය පිළිබඳ සත්‍යය කුමක්ද යන්න විචාර බුද්ධියෙන් වෙන්කර හඳුනා ගැනීම මහජනතාවගේ වගකීම වේ.

 

නවතම ලිපි