නවදිල්ලි [ඉන්දියාව], ඔක්තෝබර් 17 (ANI):
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවති සාකච්ඡාවේදී දීර්ඝ කාලයක් තිස්සේ පවතින
ධීවර ගැටලුව පිළිබඳව අවධානය යොමු කළ අතර, එය 'පවතින' සහ 'සංවේදී' ගැටලුවක් ලෙස හඳුන්වමින් දෙපාර්ශ්වයේම ධීවරයින්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.
අග්‍රාමාත්‍ය මෝදි සමඟ පැවති හමුවෙන් පසු ANI පුවත් සේවයට අදහස් දක්වමින් අගමැතිනිය මෙසේ පැවසුවාය:
"ඒක පවතින ගැටලුවක් සහ සාකච්ඡා කළ යුතු දෙයක්. අපේ ධීවරයින්ගේ ජීවනෝපායත් අපි ආරක්ෂා කරගත යුතුයි. නමුත් අපි තේරුම් ගන්නවා ඒක සංවේදී ගැටලුවක් බව. අපි ඒ ගැන දිගටම කතා කරනවා."
ඉන්දීය අගමැති සමඟ 'ඉතා හොඳ' සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය මෝදි සමඟ පැවති හමුව 'ඉතා හොඳ' බවත්, අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍ය අමරසූරිය පැවසුවාය.
"අප විසින් ස්ථාපිත කර ඇති යහපත් සබඳතා තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැන අපි සාකච්ඡා කළා. එතුමා මගේ ඉන්දීය සංචාරය ගැන සහ මා කළ දේ ගැන ඇහුවා. අපි අද සවස නැවතත් හමුවීමට නියමිතයි. ඒක හොඳ සංවාදයක් වුණා," ඇය කීවාය.
අධ්‍යාපන සහයෝගිතාව සහ ප්‍රතිපත්ති පිළිබඳ සංවාදය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ඉන්දියාවේ සහයෝගය ඉස්මතු කරමින් ඇය තවදුරටත් මෙසේ පැවසුවාය:
"අපිට දැනටමත් බොහෝ සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මකයි. අධ්‍යාපනයේ යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දියාවෙන් සහය ලැබිලා තියෙනවා. කෙසේ වෙතත්, අපි තවත් ආයතනික සහයෝගිතා ඇති කිරීමේ හැකියාව ගැන සාකච්ඡා කළා. අග්‍රාමාත්‍ය මෝදි, මෙහි සිදු වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මට අදහස් කිහිපයක් ලබා දුන්නා. අපි අපේ රටවල ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කළා."
මීට පෙර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ හරිනි අමරසූරිය ගංකා අගමැතිනියව පිළිගැනීමට ලැබීම ගැන සතුටු වන බවත්, ඔවුන්ගේ සාකච්ඡා බහුවිධ ක්ෂේත්‍ර ආවරණය කළ බවත්ය.
"ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පිළිගැනීමට ලැබීම ගැන සතුටුයි. අපගේ සාකච්ඡා අධ්‍යාපනය, කාන්තා සවිබලගැන්වීම, නවෝත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ අපගේ ධීවරයින්ගේ සුබසාධනය ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ආවරණය කළා. සමීප අසල්වැසියන් ලෙස, අපගේ සහයෝගීතාවය අපගේ ජනතාවගේ සමෘද්ධියට මෙන්ම කලාපයටද අතිශය වැදගත් වෙනවා," ඔහු පැවසීය.
බ්‍රහස්පතින්දා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය හමුවූ අතර, දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග එහිදී සාකච්ඡා කළේය.
දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කැඳවීම
අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මංගල ඉන්දීය සංචාරය අතරතුරදී, හරිනි පැවසුවේ තම අරමුණ වන්නේ "අපගේ (ඉන්දියා-ශ්‍රී ලංකා) සබඳතාව තවදුරටත් වැඩිදියුණු කර ශක්තිමත් කිරීම" බවයි. ඇය අතීතයේ අධ්‍යාපනය ලැබූ නවදිල්ලියේ හින්දු විද්‍යාලයේ ද සංචාරය කර සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.
දිල්ලි විශ්ව විද්‍යාලයේදී දේශනයක් පවත්වමින් ඇය දූෂණය සහ ඥාති සංග්‍රහය තුරන් කිරීමෙන් දේශපාලන සංස්කෘතිය පරිවර්තනය කරන ලෙස ඉල්ලා සිටි අතර, පුරවැසියන් දේශපාලනයෙන් ඉවතට නොයා යුතු බවට අවධාරණය කළාය.
"දේශපාලනය ගැන අප අකමැති දේ වෙනස් කරමු - ඇතැම් දේශපාලන පක්ෂවල සංස්කෘතිය, දූෂණය, ඥාති සංග්‍රහය, සාමාන්‍ය පුරවැසියන්ගෙන් ඇති දුරස්ථභාවය. අපි එය වෙනස් කරමු, නමුත් දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න එපා. මන්ද දේශපාලනය නොමැතිව ඔබට ලෝකය වෙනස් කිරීමට නොහැකි වනු ඇත. අප කළ යුත්තේ එයයි," අගමැතිනිය පැවසුවාය.
ඇය ඉන්දියාවේ ඩිජිටල් පාලනයේ ප්‍රගතිය ද ඇගයීමට ලක් කළ අතර, තාක්ෂණය මගින් රජයන් වඩාත් වගකිවයුතු සහ විනිවිදභාවයෙන් යුක්ත කළ හැකි ආකාරය පිළිබඳව එය 'විශිෂ්ට උදාහරණයක්' බව පැවසුවාය. "මම හිතනවා ඉන්දියාව එය පුදුම සහගත ලෙස හොඳින් කර ඇති බව. පාලන පද්ධති ඩිජිටල්කරණය කිරීම පොදු ක්ෂේත්‍රය පරිවර්තනය කරනවා," ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෑත කාලීනව ලංකාවේ දේශපාලන නායකයින් රජයේ ප්‍රධානීන් රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන්හි නිරත වූවත් ඒ හැම සංචාරයක් අවසානයේ දීම අසාර්ථකත්වයන්, දුර්වලතාවන් සහ සමාජ මාධ්‍ය විහිලු බවට ඒ හමු සියල්ල ලක්වූ අතර කාන්තාවක් ලෙසත්, රටේ අගමැතිනිය ලෙසත් හරිනි අමරසූරිය නම් වූ ඇය සිය සංචාරය සාර්ථක ලෙස නිම කළාය.