SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

රුසියාවට එරෙහිව යුද්ධ කිරීම සඳහා ඇමෙරිකානු නිෂ්පාදිත අධි බලැති ටොමාහෝක්

කෲස් මිසයිල ඉල්ලා සිටි යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කිට වොෂින්ටනයේ ධවල මන්දිරයේදී හිස් අතින් ආපසු පැමිණීමට සිදු වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

 

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති හමුවකදී සෙලෙන්ස්කි මෙම ඉල්ලීම සිදු කළ අවස්ථාවේදී, ටොමාහෝක් මිසයිල සැපයීමට තමන් සූදානම් නොමැති බවට ට්‍රම්ප් ඉඟි කිරීම ඊට හේතුවයි.

 

 

දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවකින් අනතුරුව, තමන් දිගු දුර මිසයිල ගැන කතා කළ බව සෙලෙන්ස්කි පැවසූ අතර, අමෙරිකාව යුක්‍රේන-රුසියා යුද්ධයේ උත්සන්නවීමක් අපේක්ෂා නොකරන බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නොකිරීමට තීරණය කළ බවද සඳහන් කළේය.

 

 

මෙම සාකච්ඡාවෙන් පසු ට්‍රම්ප්, යුක්‍රේනය සහ රුසියාව වෙත සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින්, “තමන් සිටින තැන නැවතී යුද්ධය අවසන් කරන්නැයි” ඉල්ලා සිටියේය.

 

 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මීට සති දෙකකට පෙර පවසා තිබුණේ අමෙරිකාව යුක්රේනයට ටොමාහෝක් මිසයිල නොයවනු ඇතැයි තමාට සැක බවයි. එමෙන්ම, ටොමාහෝක් සැපයීම අමෙරිකා-රුසියානු සබඳතාවලට හානි කරන බව පුටින් විසින් ට්‍රම්ප් වෙත දුරකථන සංවාදයකදී අනතුරු අඟවා තිබේ.

 

 

සෙලෙන්ස්කිගේ විශ්වාසය වී ඇත්තේ, රුසියානු තෙල් හා බලශක්ති පහසුකම්වලට පහර දීම සඳහා ටොමහොක් භාවිතා කිරීම පුටින්ගේ යුද ආර්ථිකය දැඩි ලෙස දුර්වල කරනු ඇති බවයි.

 

 

මිසයිල යැවීම යුද්ධය උත්සන්න කිරීමක් බව ට්‍රම්ප් පැහැදිලිවම පවසා ඇත. "නමුත් අපි ඒ ගැන සාකච්ඡා කරමු" යැයි ද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් වාර්තා දක්වයි. ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම එම යෝජනාව ප්‍රතික්ෂේප නොකළද, සිකුරාදා ධවල මන්දිරයේදී ඔහුගේ ස්ථාවරය අවිනිශ්චිත විය. "ඔවුන්ට එය අවශ්‍ය නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා, අපට ටොමාහෝක් ගැන නොසිතා යුද්ධය අවසන් කිරීමට හැකි වේවි කියා අපි බලාපොරොත්තු වෙමු" යැයි පැවසූ ඔහු, ඇමරිකාවට ද එම ආයුධ අවශ්‍ය බව කියා සිටියේය.

 

 

යුක්රේන නායකයා යෝජනා කළේ, ටොමාහෝක් වෙනුවට තම රටෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දිය හැකි බවයි. මෙම යෝජනාවට ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වූයේ සිනහවකින් හා හිස සැලීමකිනි.

 

 

සෙලෙන්ස්තිට වඩා හැමවිටම පුටින් ඉදිරියෙන්...

 

 

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර රැස්වීම පැවැත්වුණේ, ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ දුරකථනයෙන් කතා කර දිනකට පසුවයි. එහිදී දෙදෙනා හංගේරියාවේදී ඉක්මනින් හමුවීමට එකඟ වී තිබුණි. බ්‍රහස්පතින්දා පුටින් සමඟ කළ දුරකථන සංවාදයේදී ලොකු ප්‍රගතියක් ඇති වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

 

 

රැස්වීමෙන් පසු සෙලෙන්ස්කි පැවසුවේ තමන් යුරෝපීය නායකයන්ට ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡා පිළිබඳ විස්තර බෙදා ගත් බවයි. ඔහුගේ ප්‍රධාන ප්‍රමුඛතාවය වන්නේ "හැකි තරම් ජීවිත ආරක්ෂා කිරීම, යුක්රේනයට ආරක්ෂාව සහතික කිරීම සහ යුරෝපයේ අප සියලු දෙනා ශක්තිමත් කිරීම" බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

 

ටොමාහෝක් මිසයිල 

 

ටොමාහෝක් මිසයිල යනු අමෙරිකාවේ සීමිත ලෙස නිෂ්පාදිත, දිගු දුර කෲස් මිසයිලයක්. මෙය ගොඩබිම් ප්‍රහාරක මිසයිලයක් වන අතර, ගැඹුරු ප්‍රහාරක මෙහෙයුම්වලදී ඉලක්කවලට පහර දීම සඳහා සාමාන්‍යයෙන් මුහුදේ සිට දියත් කරන ලද දිගු දුර, මාර්ගෝපදේශ කෲස් මිසයිලයක්. දීර්ඝතම දුර කිලෝමීටර 2,500 ක් (සැතපුම් 1,550 ක්) දක්වා පරාසයක් ඊට පවතින බව සඳහන්ය. කෙසේ වෙතත්, නවීන සම්ප්‍රදායික ප්‍රභේදවලට කිලෝමීටර 1,600 (සැතපුම් 995) ක පරාසයක් ඇත.

 

(දෙස් විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරිනි)

නවතම ලිපි